සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානු ඩොල්පින්ස් පිල අතර ඩර්බන්හිදී පැවැති පුහුණු තුන්දින තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (26) ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම 227 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 249 (දිමුත් කරුණාරත්න 94, චාමර සිල්වා 26, රොෂේන් සිල්වා නොදැවී 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 52) ඩොල්පින්ස් පිල පළමු ඉනිම 411 (කේ. ෂොන්ඩො 169, ඞී. ස්මිත් 74, කෝසල කුලසේකර 38/3, මාලින්ද පුෂ්පකුමාර 78/3, ඩිල්රුවන් පෙරේරා 62/2)
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd