සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (08) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 217 ක් රැස්කරමින් ලකුණු 263 ක් ඉදිරියෙන් සිටියේය. නායක දිමුත් කරුණාරත්න දිනය අවසන් වන විට පන්දු 192 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 99 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 97 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 62 කදී කඩුලූ 3 ට 217 (ඩිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න නොදැවී 99) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 290 (ධම්මික ප‍්‍රසාද් 8/2, කෝසල කුලසේකර 60/3, සචිත‍්‍ර සේරසිංහ 41/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd