බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ජූනි මස 5 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද (31) පෙරවරුවේ පිටත්ව ගියේය.
මෙම සංචාරයට නිල නොවන ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ. පළමු නිල නොවන ටෙස්ට් තරගය ජූනි මස 5 වැනිදා ශාන්ත කිට්ස්හිදී ආරම්භ වේ. විස්සයි20 තරග දෙක ජූනි මස 18 සහ 19 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.
විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ක‍්‍රීඩකයන් 7 දෙනකු සිවුදින තරගාවලියෙන් පසුව කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, ඉෂාන් ජයරත්න සහ විමුක්ති පෙරේරා
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න
ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල ආගමික වතාවත්වල යෙදෙමින්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කාලා එහෙම එන්න නම් එපා මේපාරත් (නි)
ඇන්ජලෝ පෙරේරා, කෞෂාල් සිල්වා, දිමුත් ,අශාන් ප්‍රියන්ජනට ඉක්මනින්ම ශ්‍රී ලංකා පිලේ දොරගුළු ඇරේවි.(ස)
ඇන්ජලෝ ඔබට සුබ පැතුම්. ! (ස)
කෝ රමිත රඹුක්වැල්ල නැද්ද? (නි)
ජයසුරිය , රඹුක්වෙල්ලට මොකද උනේ .(අ)
හොඳට සෙල්ලම් කරන්න බලන්න. ජාතික කණ්ඩායමට ඇතුල්වෙන්න හොඳ අවස්ථාවක්. (ස)
සුබ පැතුම්. පෙරටම යමු ලංකා !(ස)
ජාතික කණ්ඩායමට ඇතුළුවෙන්න දක්ෂතා විතරක් තිබිල මදි, ............."එක මතක තිය ගන්න." (ස)
විනය මුල්තැනට.! (ස)