
(යොහාන් භාසුර)
බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති.
කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග යන තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ජූලි මස 2 වැනිදා සහ 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර තුන්වැනි සහ අවසන් තරගය මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ජූලි මස 8 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක (ශාරීරික යෝග්‍යතාව මත) ඩිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත් අසලංක සමග පහයි.