IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ශ්‍රී පාද නාහිමියෝ අපවත් වෙති

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරාධිපති සහ ශ්‍රී පාද ස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියෝ (85) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.වසර විසිපහක පමණ කාලයක සිට ශ‍්‍රීපාදස්ථානයේ අධිපතිධූරයේ කටයුතු කළ උන්වහන්සේ 1948 අපේ‍්‍රල් 22දා කිරිඇල්ල නැදුන් රජමහා විහාරයේදී කලවානේ පඤ්ඤාලංකාර හිමිගේ අනුශාසනා යටතේ පැවිදි බිමට පත්වූහ. කොඩිතුවක්කු කන්ද සහ හාන්දුරුකන්ද විද්‍යාලවල ආරම්භකයා විමල හිමියන්ය. මිණිපුර දුම්බර විද්‍යාලය, දුම්බර රෝහල, සහ නමුනුතැන්න විදුහලට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කර ඇත්තේද උන්වහන්සේ විසිනි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් භික්‍ෂුන් වහන්සේලාටත් ශිෂ්‍යත්ව දුන්හ.එමෙන්ම සුනාමියෙන් නිවාස අහිමිවූ අයට  නිවාස තනා ගැනීම ස`දහා රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ද උන්වහන්සේ පරිත්‍යාග කළහ.ශ‍්‍රීපාදස්ථානයට වාර්ෂිකව වැඩම කරවන පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දෙව්රුව සිරිපා මළුවට වැඩම කරවීම 1987 දී ආරම්භ කරනු ලැබුවේ ද විමල නාහිමිගේ උපදෙස් මතය.ආදාහනෝත්සවය පිළිබ`දව පසුව දැනුම් දෙනු ඇත.



අදහස් (0)

ශ්‍රී පාද නාහිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15622 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 201 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site