පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරාධිපති සහ ශ්‍රී පාද ස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමියෝ (85) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.වසර විසිපහක පමණ කාලයක සිට ශ‍්‍රීපාදස්ථානයේ අධිපතිධූරයේ කටයුතු කළ උන්වහන්සේ 1948 අපේ‍්‍රල් 22දා කිරිඇල්ල නැදුන් රජමහා විහාරයේදී කලවානේ පඤ්ඤාලංකාර හිමිගේ අනුශාසනා යටතේ පැවිදි බිමට පත්වූහ. කොඩිතුවක්කු කන්ද සහ හාන්දුරුකන්ද විද්‍යාලවල ආරම්භකයා විමල හිමියන්ය. මිණිපුර දුම්බර විද්‍යාලය, දුම්බර රෝහල, සහ නමුනුතැන්න විදුහලට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කර ඇත්තේද උන්වහන්සේ විසිනි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් භික්‍ෂුන් වහන්සේලාටත් ශිෂ්‍යත්ව දුන්හ.එමෙන්ම සුනාමියෙන් නිවාස අහිමිවූ අයට නිවාස තනා ගැනීම ස`දහා රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ද උන්වහන්සේ පරිත්‍යාග කළහ.ශ‍්‍රීපාදස්ථානයට වාර්ෂිකව වැඩම කරවන පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දෙව්රුව සිරිපා මළුවට වැඩම කරවීම 1987 දී ආරම්භ කරනු ලැබුවේ ද විමල නාහිමිගේ උපදෙස් මතය.ආදාහනෝත්සවය පිළිබ`දව පසුව දැනුම් දෙනු ඇත.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd