රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සහිත ශක්තිමත් යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් බව රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
රජයේ මර්මස්ථාන පෞද්ගලීකරණය කිරීමේ කිසිදු අදහසක් රජයට නැති අතර ඌණ උපයෝගිතා සහිත ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයිද වික්‍රමරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයට අපේ අදහස් අරගෙන නැහැනේ ඉතින්. (නි)
පිටිගල මිලානෝ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා. බඩුමිල තාවකාලිකව හෝ අඩු කළේ නැත්නම් ජනතාවගේ ක්ෂණික අනුකම්පාව දිනා ගන්න ආණ්ඩුව අපොහොසත් වෙනවා. රටේ දළ ජාතික ආදායම වැඩිකර ගැනීම සඳහා තේ නිෂ්පාදනය හෝ මැද පෙරදිගට ශ්‍රමිකයන් යැවීම වැනි සාම්ප්‍රදායික ක්‍රියාමාර්ග මත තව කොපමණ කාලයක් පවතින්න හැකිද යන්න අවිනිශ්තයි. සංචාරක ව්‍යාපාරය තුලින් හොඳ ආදායමක් ලබන්න ඉඩකඩක් තිබුනත් එය එය කළමණාකරන යෙදී පෙන්වන දුර්වල කම් මෙන්ම තරඟකාරී ක්ෂේත්‍රයක පැවතිය යුතු වෘත්තීකම හා ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමට මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම අපොහොසත් වීම තුලින් ගෙවුම් ශේෂය අවම කරගැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකර ගැනීම වැනි ක්‍රියාවන් තවම පවතින්නේ නොදියුණු මට්ටමකයි. අනෙක් අතට රටින් පිට ජීවත්වන ශ්‍රි ලාංකික වෘත්තීකයින්ගෙ උපදෙස් සංවර්ධන කටයුතු වලට නොයොදා ගැනීමේ විපාකද අත් විඳින්න සිදුවී තිබෙන්නෙත් එය කළමණාකරන යෙදී පෙන්වන දුර්වල කම් මෙන්ම තරඟකාරී ක්ෂෙත්‍රයක පැවතිය යුතු වෘත්තීකම හා ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමට මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම අපොහොසත් වීම තුලින් ගෙවුම් ශේෂය අවම කරගැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකර ගැනීම වැනි ක්‍රියාවන් තවම පවතින්නේ නොදියුණු මට්ටමකයි. අනෙක් අතට රටින් පිට ජීවත්වන ශ්‍රි ලාංකික වෘත්තීකයින්ගෙ උපදෙස් සංවර්ධන කටයුතු වලට නොයොදා ගැනීමේ විපාකද අත් විඳින්න සිදුවී තිබෙන්නෙත් සංවර්ධනයේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින රටේ ජනතාවටමයි. (ස)
දේශීය වශයෙන් මෙහි සාරවත්බවක් පෙනුනත් විදේශ මුදල් සංචිත කළමනාකරණය සම්බන්ධව කිසිවක් නොකළේ එය බඩු මිල අඩුකරනවා මෙන් පොඩි මිනිසාගේ හදවතට ආකර්ෂණයක් නැති නිසාද? මෙයින් සිදුවන්නේ රුපියල අවප්‍රමාණයවීමත්, උද්ධමනය වැඩිවීමත් නේද? (නි)
හොඳයි ඔහොම යමුකෝ! (නි)
එහෙම වෙනවා නම් හොඳයි (නි)
මේකත් හරියට බැංකුවෙන් අපේ මුදල් අපිටම වැඩි පොළියට ණයට දෙනවා හා සමානයි. (නි)
මේ අය වැය ගැන නම් විශේෂ දොසක් නෑ. බලු බැල්මට හොදයි . නමුත් වාහන ආනයනය කරන්නෙක් හැටියට අපේ කර්මාන්තය නම් ඉවරයි , වාහන පසු ගිය මාසේ ඇතුලත හතර පාරක් වැඩි කළා 1. ඩොලරය පා කිරීම නිසා 2. බදු ගණනය කරන බේස් අගය වැඩි කිරීම නිසා 3 . ජන පළවෙනිදා සිට වාහන ආනයන කරන්නෝ ලක්ෂ 15 ක් ගෙවා වාර්ෂිකව බල පත්‍රයක් ලබා ගත යුතුයි . 4 . ඊයේ අය වැය කතාවේ නොකියා යටින් බදු ලක්ෂ ගණන් වලින් වැඩි කිරීම . කමක් නැහැ වාහන රට ට අත්‍යවශ්‍ය නැහැ . නමුත් රට ට නිදහස හා සාමය අත්‍යවශ්‍ය යි . ඊයේ මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් එකක් මගින් තහනම් කල සංවිධාන විශාල ප්‍රමානයක් හා පුද්ගලයින් විශාල ප්‍රමාණයකගේ තහනම අයින් කළා හොර රහසේ අය වැය අස්සෙම . ප්‍රන්සේට අයි එස් ගහපු එක වැරදියි , මිලේචයි . එක දවසයි ගැහුවේ . නමුත් අපේ දරුවෝ , සන්ගරත්නය , වැඩි හිටි ළමා , සිය ගණන් මරණ කොට කට ඇරියේ නැහැ ඔය යුරෝපය . හැබැයි හිටපු කොටි නායකෙයක් වූ කෞශ්ලයන් මරුනාම එවකට හිටපු එජා සංවිධානයේ මහා ලේකම් ශෝක ප්‍රකාශයක් එව්වා . මතකද ප්‍රබුද්ද පාටකයන්ට ? අද රණවිරුවෝ ඇතුලට , කළු කොටි එළිය ට , ඔහොම යමු , ඔහොම යමු . මේ චන්ද පොරොන්දු ඉෂ්ට කරනවා ඉවර වෙන්නේ කවදාද ? ගිවිසුමක් ගැහුවා නම් ඉවර වෙන්න පුළුවන් , ගිවිසුම හිතේ හදවතේ නම් අවසානය සිංහල රට අවාසනා උනාම තමා . මේ දුකට තටමා අති පුජ්‍ය සොබිත හිමි අපවත් වුනේ මේවා බලන් ඉන්න බැරිව .(රේ)
නියමයි. ජයවේවා! (නි)