ශක්ති ජනක පාන වර්ග දරුවන්ට දීමෙන් වළකින්නැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මව්පිය වැඩිහිටි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් අවුරුදු 12 ට අඩු දරුවන්ට කිසිසේත්ම ශක්ති ජනක පාන ලබා නොදෙන්නැයි ඉල්ලා සිටින බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති සාකච්ඡාවක දී සඳහන් කළේය.
ශක්ති ජනක පානවල අඩංගු කැෆේන් හා හෘද ක්‍රියාකාරිත්වය වේගවත් කරන රසායනික ළමා ජීවිත බරපතල අවදානමකට හෙළන බවද ගුණතිලක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න රට නෙවේ ප්‍රශනේ තම තමන්ගේ දරුවන්ට මේවා දීම සුදුසුද නැද්ද ? ඒ අැයි ? අන්තර් ජාලයෙන් සොයා බලල දැනුවත් වෙන්න තම දරු පැටවුන් වෙනුවෙන්..? අපේ ලංකාවේ මේ කිසිම දෙයක පාලනයක් හැදියාවක් ලිමිට් එකක් නැහැ..? කෙනෙක් යමක් කීවාම ඒ කෙනා පතුරු ගැහීමේ බාල පෙරලියක් තමයි ඔයාලගේ ඔලුවේ තියෙන්නේ..? (බ)
රූපා,සුසිල්, සිගිති තුන්දෙනාම තුම්මුලේද අනේ පව් ...(බ)
මමත් එහෙම තමයි. ළමයින්ට මැල්ලුමක් එක්ක බත් වේලක් දෙනවා, කඩ කෑම නැතුව. ඒකට ලංකාවේ? අනේ මන්දා ලංකාවේ දේවල් වටින්නේ පිටරට ඉන්න අයට විතරයි වගේ (නි)
මේවා කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද නුසුදුසු බවයි මම කියන්නේ. (නි)
මේවා 12න් පහළ ළමයින්ට ගන්න දෙන්නේ නැති රටක් ගැන කිවුවහම ඒ කුමන රටේද කියා කුකුසක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මාස 7-8 ළමයින්ට පැණි බීම දෙනවා කියන එක නම් අදහාගන්නට අමාරුයි. (නි)
සමහර ළමයි වතුර වෙනුවට කෑම කාලා බොන්නේ ඔය බීම වර්ග. ඒක දැන් පුරුද්දක් වෙලා. (නි)
මෙතන ප්‍රශ්නය රූපවතී ඉන්න රට නෙමෙයි, එතුමිය කියන දෙය.ඒක සම්පූර්ණ ඇත්ත. ඔය විස ජරාව මමත් මගේ ළමයාට දෙන්න නැහැ. අනික තමයි අර පැණි බීම පැකට් සහ "බාල අයිස් ක්‍රීම් වර්ග ". හා පැටව් වගේ පුංචි එවුන් කඩපිල් ගානේ ඔය ජරාව කනවා. කවුරුත් අනන්තවත් දැකලා ඇති. මොනවා කරන්නද රූපවතී? මේ රටේ මොනවටද නීතියක් තියෙන්නේ? අපිට තියෙන්නේ අපේ ළමයි ගැන බලාගෙන ඉන්න එකයි. මේක කවදාවත් හැදෙන රටක් නෙමෙයි. (නි)
ශක්තිජනක පාන කියන්නේ මොනවද කියලා කවුරුහරි මට පැහැදිලි කරලා දෙනවද? (නි)
මම ශක්ති ජනක පාන නිසා ඇතිවන හානිය දැනගෙන නොසිටියත් අපේ ලමයින්ට දුන්නේ නැ. යාලුවන්ටත් කිවා සාමන්‍යෙයන් මම කල් ඉකුත්වන දිනය වගේම නිෂ්පානදන දිනයත් බලලා තමයි බඩුවක් ගන්නේ. ඒ දෙක අතර කාල පරාසය වැඩිනම් ගන්න එපා. වැඩි කාලයක් තියාගන්න පුඵවන් කියන්නේ යොදලා තියෙන රසායනික ප්‍රමාණය වැඩියි කියන එක. යෝගට් කිරි පැකට් ලමයින්ට අරන් දෙද්දි මේ ගැන හිතන්න. (බ)
මම නම් හිතන්නේ වේ ප්‍රෝටීන් වගේ බිම වර්ග වෙන්න ඕනේ ශක්ති ජනක බිම කියන්නේ (බ)
මගේ දරුවට් වයස අවුරුදු 14 යි, මේ රටේ කිසිම දරුවෙකුට වයස 12 න් පහල "එනේර්ජි ඩ්‍රින්ක්ස්" ගන්න දෙන්නේ නැහැ.. ඒ වගේම මගේ දරුවාට තාම ත් අපි කොකා කොළ සහ වර්ණ බීම නොදීමට වගබලා ගැනීම ගැන අපි සතුටු වෙනවා ..? එත් ලංකාවේ ඉන්න මාස 7, 8 ළමයටත් දෙමාපියන් පැණි බීම දෙනවග මා හොදින් දැක ඇත. (අ)
ලංකාවේ මේ තත්වය ඉතාම ශෝචනීයයි. කෙසෙල්, ගස්ලබු, අඹ, කොමඩු ගෙඩියට විෂ යොදනවා, කහ,මිරිස් තුනපහ ටිකට ඩයි වර්ග දානවා. අන්තිම පහත් විදියට මිනිසුන් සල්ලි හොයන්නේ. දවසට කියක් කසල තේ ලොරි අල්ලනවද? කඩේ තියෙන ආහාර ටික ප්‍රමිතියෙන් තියෙනවද කියල දෙමව්පියන්ට බලන්න බැහැ ඒවාට තමා රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්නේ? දියුණු බටහිර රටවල් සමග ලංකාව සංසන්දනය කරන්ට බැහැ. (බ)
කොළ කැඳ, ගමේ ගොඩේ ලන්දේ කොරටුවේ හැදෙන පළතුරක් පානයක් ලෙස හදල දෙන්න අම්මලට වෙලාවක් නැහැ. ටෙලි නාට්‍ය පිස්සුව නිසා. (බ)
රුපවති අක්ක මොන රටේද (බ)
"එනර්ජි ඩ්‍රින්ක්ස්" ගණයට වැටෙන්නේ "කැෆේන්" අඩංගු ඩ්‍රින්ක්ස් විශේෂයෙන් "කොෆී" රෙඩ් බුල් , කොකා කෝලා, සීනී අධික "අලියා බීම" වර්ග, කලර් වර්ග යෙදු සෑම බීමක්ම මේ ගණයට වටේ...? ලංකාවේ තිබෙන බීම .."පැකට් වර්ගනම්" .. කෑමට තියා බලන්නවත් දෙන්න එපා. ඔබට දැනෙනවා ඇති ලංකාවේ ජීවත්වන දරුවන් දියවැඩියාවට ගොදුරු වලා ඇත්තේ මෙවැනි ක්ෂණික සෞඛ්‍යයට අහිතකර කෑම නිසා බව ..? තවද අර මැගී නූඩ්ලස් එක මේ හා සමානව ශරීරයට අහිත කරයි, පිළිකා ආකරයක්..?අම්මල උයන්න ලේසියට මේක තමයි ළමයින්ට වතුරෙන් රත්කරල කවන්න පුරුදු වෙලා තියෙන්නේ..? (බ)
මේ රටේ කියලා කීවේ මොන රටේද රුපවතී........?අපිටත් කීවා නම් ළමයිව එක්කරගෙන එතැකි අනේ වාසනාවන්.....! (අ)
ඇත්තටම රුපවති නැන්දා ඉන්න රට මොකක්ද ? ඔයා නම් හරිම ආදර්ශමත්. (අ)
ඉමේෂ් ශක්තිජනක පාන (එනජර්ජි ඩ්‍රින්ක්ස් ) කියන්නේ උ.දා. රෙඩ් බුල් , වයිල්ඩ් එලිෆන්ට් ,බ්ලු වගේ ඒවා .(බ)