IMG-LOGO

විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන ගින්දර නිව්වේ රනිල්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර  රුවන්වැලි සෑ

චෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමියෝ පැවැසූහ.

ඥානතිලක නාහිමියන් මේ බව කීවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති පුණ්‍ය කර්ම අවස්ථාවකට සහභාගී වෙමිනි.

අනුරාධපුර ප්‍රදේශවාසීහූද ඊයේ (25) අළුයම මෙම පින්කමට සහභාගී වූ අතර රුවන්වැලි සෑ සුගන්ධ කුටියේ කුටියේදී පූජා පින්කමක් ද පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ මෙසේද කීහ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ශාසනයටත් රටටත් මහ මෙහෙවරක් කරපු කෙනෙක්.අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් .ජාතියේ මිනිසුන්ට මෙවරක් කළ කෙනෙක්.ඒ වගේම නිහතමානී දාර්ශනිකයෙක්.ඉතිහාසඥයෙක් .රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මුළු ජීවිත කතාවම කැප කළ කෙනෙක්.යතිවරයෙක් හා සමාන උත්තුංග  චරිතයක්.

එතුමාගේ මුළු දේපොළම ශාසනය වෙනුවෙන් පූජා කර තිබෙනවා.ඉන්න ගෙදර පවා දරු පරපුරේ  ප්‍රයෝජනය වෙනුවෙන් පූජා කර තිබෙනවා.ඒ වගේම සිරිමා බෝ හාමුදුරුවන්ගේ දෙවැනි රන් වැට ඉදි කරමින් ද අටමස්ථානය වෙනුවෙන් ද අපමණ සේවයක් සිදු කරනු ලැබුවා.

රටක් ජාතියක් විලාප තැබූ මොහොතක ඔවුන්ගේ කඳුළු පිස දැමුවේ රනිල්.විසාලා මහනුවරක්ව තිබූ රට බාර අරගෙන මිනිසුන් කෑම පෝලිම් පෙට්‍රල් පෝලිම් වල විලාප තියමින් මුළු රටම ගිනිගත් මොහොතේ ගින්දර නිවනු ලැබූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමයයි.අභියෝග භාර ගැනීමේ මහා ශක්තියක් තිබුණු එතුමාට අප නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර  මහා සෑය අසල මේ දිනවල දිගින් දිගටම පුද පූජා සිදු කෙරෙනවා.ශ්‍රී මහා බෝධිය ඇතුළු ලංකාවේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම පින්කම් සිදු කරනවා යනුවෙන්ද ඥානතිලක නා හිමියෝ කීහ.

 



අදහස් (20)

විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන ගින්දර නිව්වේ රනිල්

ඒ.එම්.ඒ. කුමාර Monday, 25 August 2025 01:41 PM

අවසර හාමුදුරුවනේ රට විශාලා මහනුවරක් කලේ කවුද කියලත් කිව්වානම් හොඳයි නේද?

:       16       68

Willows Drive Monday, 25 August 2025 01:47 PM

බාර ගත්කා නෙමෙයි, හොරු සෙට් එක බාර දුන්නා... එයලාව බලාගන්න..

:       25       83

dammasiri Monday, 25 August 2025 01:54 PM

හම්බන්තොට වරාය විකුනද්දි කොහේද හිටියේ? අට පිරිකරට තමයි ඔය.. පූජා පැවැත් වුවත් දිට්ඨධම්ම වේදනීය වළක්වන්න නොහැකිය...

:       23       65

Dharmatileke Monday, 25 August 2025 01:56 PM

විශාලා මහනුවරක් වුණේ නීතිය කියලා මේ රටේ නොතිබුණු හින්දා, නීතිය තියෙනවා... වැරැද්දට දඩුවම් ලැබෙනවා.

:       18       61

Sameera melbourne Monday, 25 August 2025 01:57 PM

විසාලා මහනුවරක් කලේ AKD වෙන්න ඇති නේද? අපේ හාමුදුරුවනේ...

:       22       57

ගුණරත්නMonday, 25 August 2025 03:38 PM

ජවිපෙ මේ රට විශාලා මහනුවරක් කළා තමයි, ඒ කාලේ මළසිරුරු පාරවල් අයිනේ පිළිස්සුණා, අරාජිකත්වය රට වෙලාගෙන තිබුණා. ඡන්දය දැම්මා කියලා අහිංසක මිනිස්සු මැරුවා. ඒ මිනිස්සුන්ට නියමිත ගෞරවය දෙන්න නොදී මල සිරුරු සුසාන භූමියට ගෙනියන්න කිව්වේ දණහිසෙන් ඉහළට ඔසවන්නේ නැතිව. ධර්මධර භික්ෂූන් මරා දැමුවා... ගුරුවරු රජයේ නිලධාරීන් මරා දැමුවා, රාජ්‍ය දේපල වැනසුවා, කර්මාන්තශාලා වැනසුවා, බස්රථ පුළුස්සා විනාශ කළා. මේවා විශාලා මහනුවරක ලකුණු තමයි. මේ ඔක්කොම නතර වුණා...

:       33       23

ඒ.එම්.ඒ. කුමාරMonday, 25 August 2025 04:27 PM

ජවිපෙ ඒ තත්වයට ඇදලා දැම්මේ කවුද කියලා හොයලා බැලුවේ නැද්ද? එදා අද වගේ තාක්ෂණික උපකරණ, සමාජ මාධ්‍ය තිබුණා නම් ඒ ඉතිහාසය ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.

:       6       21

පුන්සිරි ජයවර්ධන Monday, 25 August 2025 02:02 PM

අර රනිල් උන්දැගේ විශාලා මහනුවර අමතක වෙලැයි...

:       15       58

පොඩිඑකා Monday, 25 August 2025 02:04 PM

යසට තිබුන රට විසාලාවක් වෙන තැනට ගෙනාවෙත් එයාලාම තමයි.

:       13       40

Jagath Leanage Monday, 25 August 2025 02:05 PM

බුදුරජාණන් වහන්සේ කියලා නැහැ හොර බොරු වංචා කරපු අයට සෙත්සාන්ති කරන්න කියලා.

:       15       38

අරවින්ද මොණරවිල Monday, 25 August 2025 02:13 PM

රට විශාලා නුවරක් කෙරුවේ අපිද එහෙමත් නැත්නම්....කවුද?

:       11       42

බද්රානි Monday, 25 August 2025 02:14 PM

එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන මතවාදය ඇලජික් වෙලා එතුමා, මේ රටේ සම්පත් විකුණන, විදේශීය බලවේග විසින් මෙහෙයවන අතකොළුවක් බව කියමින් ලාංකික සමාජය නොමග යවා, සිංහල බෞද්ධයින්ගේ ආරක්‍ෂිත නායකයා ලෙස පවසමින් රාජපක්ෂ නඩයට ආවැඩූ චීවරදාරීන් දැන්, රනිල් මහත්මයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා දකිද්දී නම්, අපට අර කොහෙන්ද මන්දා හිනා යනවා.. කන්න හිතෙනකොට, "කබරගොයා, තලගොයා" කරගනිමින් බඩ ගෝස්තරවාදී දේශපාලනයක නිරත වෙමින් කරන මේ නිහීන රංගනය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා... හොර දේශපාලකයින්ගෙන් මේ රට මුදා ගැනීමට ප්‍රථම තක්කඩි පූජකයින්ගෙන් මේ රට ගලවා ගැනීමට සුදුසු කාලයයි මේ.. කෛරාටික වචනයෙන් සමාජය මත පහරා සමාජ දූෂණයේ යෙදෙන මෙවැනි චීවරදාරීන්ට කටකලියා දැමිය යුතුයි.

:       10       37

Srinath Monday, 25 August 2025 02:16 PM

රටම විශාලා මහනුවරක් කළේ රනිල්ගේ පාලනය... දවස් 2 කට වියදම ලක්ෂ 166ක්. කවුද විශාලා මහනුවරේ නිර්මාතෘ?

:       11       47

පිටිගල මිලානෝ Monday, 25 August 2025 02:21 PM

අහෝ බෙන්ස් කාර් දන් දෙන්න අනුර පිං කරලා නැති හැටි…

:       8       42

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 25 August 2025 02:43 PM

හම්බන්තොට වරාය ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලෙට විකුණන කොට, රටේ මහා බැංකුව මහදවාලේ හොරුකඩල සිංගප්පුරුවට පනින කොට,.. මෙයාගේ මාමා රට වටකොට වැට බඳින්න බැහැයි කීවට, පන්සල වටකොට වැට බැඳපු හැටි මතක නැතෙයි?

:       9       39

Pankumburage Monday, 25 August 2025 03:06 PM

රටට සාපයක්...

:       8       20

MD Monday, 25 August 2025 03:14 PM

මේකේ කමෙන්ට් කරපු ගොඩක් මාලිමා ආණ්ඩුවට කඩේ යන ඵවුන්නේ? මොවුන් මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ අසුචි වළවල්වල හැංගිලාද කියලත් හිතෙනවා. මොකුත් නොදන්නා නොදැක්ක නොඅසපු නොකරපු උපාසක බළල්ලු බැළලියෝ ටිකක්නේ ජෙප්පන් වෙලා ඉන්නේ. පොදු දේපළ විනාශ කරපු JVP විරෝධී අයවලුන්ගේ ගෙවල් දොරවල් ආර්ථික මර්මස්ථාන පූජනීය ස්ථානයන් වගේම වාහන මෙන්ම මිනිස් ජීවිත අමුවේ මරලා පුච්වලා ප්‍රදර්ශණය කරපු පක්ෂ කල්ලියකටද සුදුහුණු ගාන්නේ ගොබ්බ ජනතාවනි...

:       30       15

රනේ Monday, 25 August 2025 03:23 PM

ඔබ වහන්සේ ඇස් ඇරලා බැලුවේ, දැක්කේ ගින්දර නිවන ටික විතරයි. ගින්දර තියනකොට ඇස් පියාගෙන වෙන කල්පනාවක නේද හිටියේ...?

:       6       21

දීපාල් Monday, 25 August 2025 04:48 PM

බලපන් දැහැත් විටට ගංජ දාල දීලද කියල...V8 එකක් ඕනෙද මන්ද?. නැත්නම් රෝසිට වගෙ රත්තරන් ගාපු එකක් ඕනෙ වෙලාවත්ද මන්ද..... දායක සභාව රැස් කරන්න පින්වතුනි..

:       6       11

ගමේ එකාලා Monday, 25 August 2025 06:07 PM

දූෂිත දේශපාලුවන්ට සුදු හුණු ගාන්ඩ එපා. වසර 50 කට ආසන්න කාලයක් බලයේ හිටපු විවිධ තනතුරු දරපු රනිල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රට විසාලා මහනුවරක් කරන්න දායක වුනේ මහබැන්කු බැදුම්කර වන්චා කරපු, මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරපු ,ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු දූෂිත බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෝ මිසක් වෙන කවුද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12932 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site