IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විශ්වවිද්‍යාල කොමිස මටත් ඇමති බංගලාවක්

(සුජිත් හේවාජුලිගේ)

ඇමැති බංගලාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබාදීමට මේ දිනවල කරුණු සලකා බලාගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැගිල්ලක බවද ඔහු සඳහන් කළේය.

ඇමැති බංගලාවක් තමන්ට ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් මෙයට ප්‍රථම ඉල්ලීම් කර තිබිණ.

ඇමැති බංගලා ලබාදීමේදී විශාල කුලී මුදල් වැය කරමින් පවත්වාගෙන යන ආයතන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව  කී අමාත්‍යවරයා  ඇමති බංගලා හතරක් අධිකරණ අමාත්‍යාංශයට භාර දෙන බවද සඳහන් කළේය.

එම ඇමති බංගලා හතරේ මහාධිකරණ හතරක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කෙරේ.

සෙසු ඇමති බංගලා ලබා දෙන ආයතන පිළිබඳව  මේ දිනවල සමාලෝචනයක් කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇමැති බංගලා ලබා ගැනීමට ආයතන පනහක් පමණ  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.



අදහස් (0)

විශ්වවිද්‍යාල කොමිස මටත් ඇමති බංගලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site