IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔන්ලයින් දේශන අත්හරිති

(යොහාන් භාසුර)

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (28) මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත්ව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසීය.

මාර්ගගත දේශනවලින් ඉවත් වීම සංඛේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ පරාජ කිරීමට නොහැකි වී පාරට ගෙනයෑමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවත් මහාචාර්ය ශාම බන්නෑහැක මහතා කීය.

මාර්ගගත දේශනවලින් ඉවත්වීමට සමගාමීව සියලුම රාජ්‍ය විද්‍යාවිද්‍යලවල මූලිකකරගෙන අධ්‍යන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගෙන හෙට (28) විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (16)

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔන්ලයින් දේශන අත්හරිති

කිරිපුතා Tuesday, 27 July 2021 06:55 PM

මේ මිනිසුන් හැමදාම මෙහෙමයි. රටේ කිසිම නව දෙයක් ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නෑ. ඉතින් රට එතැනමයි. පේනවා නේද එකම කල්ලියට එක්වෙලා ඉන්න රෑන..?.

:       164       206

මුණසිංහ Tuesday, 27 July 2021 07:08 PM

රාජ්‍ය විශ්ව විද්‍යාල ඉගැන්වීම් නතර කළාට පුද්ගලික විශ්ව විද්‍යාල ඉගැන්වීම් කටයුතු දිගටම කරනවා. එතකොට කාටද පාඩුව..? තව තවත් පුද්ගලික විශ්ව විද්‍යාලවලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ජවිපෙ අයට අවශ්‍ය ඒකද? එයාලගෙ ළමයි පිටරටවල....

:       418       461

සෙනෙවිරත්න Tuesday, 27 July 2021 09:41 PM

ජවිපෙට 3%යි කීවට සේරම ජවිපෙනේ. මහත්තයා සරසවි ඇදුරන් බුද්ධිමත්... යම් අනතුරක් දැකලා මේ විරුද්ධව වෙන්නේ... හමුදාව අවශ්‍ය නැහැ අධ්‍යාපනයට... ඔබතුමාට හරි දේ නොපෙනෙන්නේ වහල්කම නිසයි.

:       547       515

රනාWednesday, 28 July 2021 03:26 AM

වහලා යතාර්ථය නොදකින්නා වේ. පළමුව ලෝකය දෙස බලන්න. ඒක තේරුම් ගන්න අමාරු නම් ලෝක ශ්‍රේණිගත වලින් අපේ කැම්පස් සෙට් එක දිනපතා වල පල්ලම් බසින හැටි බලන්න.. සතයක්වත් ආණ්ඩුවේ සල්ලි නොගන්න සෝමාලියාව ඉතියෝපියාවේ කැම්පසුත් අපට වඩා ඉදිරියෙන් සිටීම සිනහවට කරුණක්...

:       0       0

මුණසිංහ Wednesday, 28 July 2021 09:11 AM

ඔව්, එයාලා බුද්ධිමත්... රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පඩි ගන්නවා. ප්‍රයිවෙට් ඒවායේ පාට් ටයිම් කරනවා. එතරම්ම බුද්ධිමත්... ඉස්සර නම් හිටියා රාජ්‍ය සේවයටම කැපවුණු අය. දැන් නැහැ. ඒ නිසා තමයි ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් කොතලාවල ඇතුලු ප්‍රයිවට් ඒවා ඉස්සරහට එන්නේ...

:       0       0

බමුණු.Wednesday, 28 July 2021 07:26 AM

මෙයා එහෙම් පිටින්ම, පොහොට්ටුවාදී අදහස් ඇති කෙනෙක්.රට ජාතියට වඩා ලොකු පොහොට්ටුව.සිතෙනා හැටියට මේ වෙන නමකින් පෙනී සිටිනුයේ බමුණුආරච්චි වගෙයි පේන්නේ. බමුණුආරච්චිගේ නතරවීම හා මුණසිංහ ගේ පැමිණීම එකට සිදුවුණේ.අදහස් නම් එහෙම පිටින්ම බමුණුආරච්චිගේ.කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ වගෙයි පේන්නේ.

:       0       0

pradeepa Tuesday, 27 July 2021 07:55 PM

ඔබලා ඒ කාලේ ඉඳන් සටන් කරපු නිසා තමයි..., නිදහස් අධ්‍යාපනය මෙච්චර හරි රැකිලා තියෙන්නේ... එදා ඉඳන් කට වහගෙන හිටියා නම් අද ලංකාව හැම පොලකම උපාධි දෙන කඩයක් තියෙයි.

:       336       309

gaganaWednesday, 28 July 2021 12:12 AM

ප්‍රදීප්... ඔව් ඔව්. ඒකාලේ ඉඳන් සටන් කළ නිසා තමයි චම්පික රණවක අන්තිමට ඇමතිකමක් ගත්තේ. එයා එක්ක සටන්වලට සහභාගි වෙච්චි අය අද වඩුවැඩ කරනවා.

:       0       0

jagath Tuesday, 27 July 2021 08:47 PM

අද මහජන බදු මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්නට හැකිවන්නේ සුදුසුකම් ලත් අයගෙන් 20% ක් වැනි ප්‍රතිශතයකට පමණයි. අනිත් 80% ට උසස් අධ්‍යාපනය තහනම්ද? නිකම් හැමදේටම "විරෝධය" දක්වන්නේ නැතිව, ඉහත 80% ට උසස් අධ්‍යාපනය ලබන විදියක් මේ අයට යෝජනා කරන්නට බැරි ඇයි..?

:       248       261

RaveendraWednesday, 28 July 2021 07:09 AM

ඔබ සදහන් කල අදහස්කිරීමට යාමේදී කව්ද වටරවුම් ගහන්නේ , කව්ද පාරවල් දිගේ දියව්..දියව්...වහා නවත්තව් ...කියමින් රස්තියාදු වෙන්නේ....? ඔය පාට පාට කැට ඉදිරියේ ඉන්න ආචාර්ය, මහාචාර්ය උන්දැලාගේ දූ දරුවන්ද ? කව්ද බස් නැවතුම්පොලවල්වල කැට හොල්ල හොල්ල ඉන්නේ, කව්ද රැවුල් වවාගෙන රස්තියාදුකාරයන් ලෙස පාරවල් දිගේ යන්නේ..? නවකවදයට මොකද වෙන්නේ ? මේ බලන්නේ නිදහස් අධ්‍යාපනය රැකගනුමටද ? අඩු වශයෙන් මේ අයගෙන් කීදෙනෙක් නිදහස් අධ්‍යාපනයේ නියම අරුත දන්නේද ? සැමදෙනාම හිතන්නේ මුදල් වියදම් නොකර අධ්‍යාපනය ලබනවා යනු නිදහස් අධ්‍යාපනය ලෙස නොවේද ? මේ කිසිදු ආචාර්ය, මහාචාර්ය උන්දැ කෙනෙක් අපි කිසිදු පුද්ගලික සරසවියක වැඩි මුදලට දේශනා ලබාදීමට යන්නේ නැහැ කියයිද ? නැත මේ "කියවන්නේ බයිලා" නොවේද ?

:       0       0

සමිත හිමි කුරුණෑගල Tuesday, 27 July 2021 09:03 PM

ඒ වුනාට ඔතන ඉන්න අය පෞද්ගලික සරසවිවලත් උගන්වනවා.

:       0       0

බන්ඩා Tuesday, 27 July 2021 11:47 PM

පිටරට මෙන් ආචාර්යවරු වසර 5 කට පත් කරමු. වැඩ නොකරන මෙම වෙලාව හොඳම වෙලාවයි.ඉන් රටේ දියුණුව ඇති වේවී

:       0       0

nilantha Wednesday, 28 July 2021 09:58 AM

මුලින්ම මේ සමිතිකාරයින් ටික පන්නලා දාන්න ඕනෑ .. නැතිව මේ රට හදන්න බෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 10:10 AM

ඔබලා කියන නිදහස හෙවත් ජනතාවගේ බදු මුදලින් නොමිලේ උගන්වන විශ්ව විද්‍යාල 16ක් ලංකාවේ තිබෙනවා. කොතලාවල විශ්වවිද්‍යාලය මුදල් අයකර අධ්‍යාපනය දෙන විශ්ව විද්‍යාලයක්. කැමති කෙනෙකුට එහි තිබෙන නීතිරීති වලට අනුව ඇතුල් වෙලා එහි විනයට අනුව අධ්‍යාපනය හදාරන්න පුළුවන් නැතිනම් නිකන් ඉන්න පුළුවන්. ඒ විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නේ ඒ විනය පිළිබඳව අවබෝධයක් ඇතුව. ලංකාවේ තිබෙන පුද්ගලික පාසල හැම එකකම වගේ ඊට අදාළ නීති පද්ධතියක් තිබෙනවා. ඊට අනුකූල වෙන්න බැරිනම් දරුවන් එම පාසල්වලට ඇතුළත් නොවී සිටින්න පුළුවන්... මේ පාසල් වලට කවුරුත් විරුද්ධ නැහැ. ළමයි ඇතුළත් කරන්නේ බොහොම කැමැත්තෙන්... එහෙනම් මොකද පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ? එවන් විශ්ව විද්‍යාලයකින් සමාජයට එන දරුවන් සමාජයට වැඩ දායක කොටසක් වෙනවා. ජෙප්පන් විරුද්ධ වන්නේ ඔවුන්ට තැනක් නැති නිසාද?

:       0       0

Bamunuarachchi Wednesday, 28 July 2021 10:11 AM

මේ පනත 2018 පැවැති ආණ්ඩුවත් ගෙනාවා. ජෙප්පන්ගේ විරුද්ධත්වය නිසා පළවෙනි වරට අකුලා ගත්තා... දැන් මේ රජයත් එම පනත ගෙනෙන්නේ මෙය රටට අවශ්‍ය පනතක් නිසයි. බලයට එන රජයන් මේ පනත ගෙනෙනවා බලයට ඒමක් ගැන හිතන්න බැරි ගොබ්බ රැල විරුද්ධ වෙනවා. ඒ පුරුද්දක් හැටියට හා අපිත් ඉන්නවා කියලා රටට කියන්න. වෙළෙන්දෙක් ආවාම ගෙයක කොහේදෝ මුල්ලක ඉන්න බල්ලෙක්.... මමත් ඉන්නවා කියන්න බුරනවා වගේ...

:       0       0

SUNIL MILANO Wednesday, 28 July 2021 02:01 PM

තනතුරු ධරණ ගොඩක් ජෙප්පොන්ගේ ළමයි ඉගෙනගන්නේ පිටරටවල .මේ අතළොස්සක් ජෙප්පොන්ට කඩේ යන ,රෙදි අපුල්ලන , වහල්ලුන් දැන දැනම වහල් සේවයේ යෙදෙනවා .ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි අපතයෝ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 572 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1896 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1452 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1260 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 706 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2886 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site