IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී  උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු  එම පක්ෂයේ  සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19  දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා (10)දින නියම  කළේය. 

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී  සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ  ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස්  ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව  මෙම නඩුව ගොනු කර ඇත. 

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

වැඩිදුර විභාගය නොවැම්බර් 10 දිනට නියම කෙරිණි.



අදහස් (0)

විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 495 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1674 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site