(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ ආණ්ඩුව ඩීසල් මිලදී ගන්නේ   ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බව පාර්ලිමේන්තු  මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නමුත් ආණ්ඩුව කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර අඩුවට තෙල් ගන්න හැකියාව තිබෙන බව යැයි රාජපක්ෂ මහතා කීය.

එවැනි මිත්‍ර රටක් තිබේ නම් සාකච්ඡා කර තෙල් ලබා ගැනීමට උත්සාහ කරන්නැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

ආණ්ඩුව මේ මොහොතේ විපක්ෂයට මඩ ගැහුවා කියා ජනතා ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි ද රාජපක්ෂ මහතා කීය. නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.