IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


විදෙස් ආයෝජනවල ලොකු වර්ධනයක්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය  නිල වශයෙන් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත් ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු සඳහන් කළේය. අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් බවත් ඉන් ඩොලර් මිලියන 500 සෘජු විදෙස් ආයෝජන බවත් ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජන බවත් හේරත් මහතා පැවැසුවේය.

එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956 ඇතිකර තිබෙන බවත් ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස 7 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක පනයන සිදුකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන කලාප 7 ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඉන් ආයෝජන කාලප 2 ක් මෙම වසරේදී ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසුවේය.

 



අදහස් (0)

විදෙස් ආයෝජනවල ලොකු වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13120 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 326 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 222 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site