( කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ නිවසක වහලයේ වැහිපීලි වෙල්ඩින් කිරීමේ කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා යකඩ ඉනිමගක නැගී වෙල්ඩින් කරමින් සිටියදී විදුලිය ලබා ගැනීමට ඇද තිබූ වයරයක පළුදු වී තිබූ ස්ථානයකින් විදුලිය කාන්දු වී මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇතැයි ද සිදුකළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
විදුලිසර වැදීමෙන් අනතුරුව නිවසේ සිටි පුද්ගලයන් විසින් වෙල්ඩින් බාස්වරයා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ අබේපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඇත්දත් කඳුර කාලිංග මෙන්ඩිස් නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලිසැර වැදී අයෙක් මරුට