( කුෂාන් ජයවර්ධන)
මොරගොඩ ප්‍රෙද්ශයේදී ගෙවත්තක වැසිකිළී වළකට වැටීමෙන් අනතුරට පත්ව සිටි වන අලියෙකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යලි හුරුළුවැව රක්ෂීතයට මුදා හැරීමට රිටිගල වනජීවී නිලධාරීහු අද (22) පෙරවරුවේ කටයුතු කළහ.
මොරගොඩ, හල්මිල්ලවැව, නිවාස 10 ප්‍රෙද්ශයේ ගෙවත්තක තිබී වැසිකිලීවළකට එම අලියා වැටී තිබිණ.
මෙලෙස වැසිකිළී වළට වැටී සිටි වන අලියාගේ වයස අවුරුසු 15ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
අද(22) අලුයම් කාලයේ ආහාර සොයා ගම්වැදුනු අවස්ථාවක වන අලියා එම ගෙවත්තේ තිබූ වැසිකිළී වළට වැටී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
ඒ සම්බන්ධයෙන් නිවැසියන් වනජීවී නිලධාරීන්ට කර තිබූ දැනුම්දීමක් අනුව අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණ.
රිටිගල හා මොරගොඩ ඇතුළු වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙන්ම මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ප්‍රෙද්ශවාසීන් ද එක්ව වැසිකිළී වලේ වැටී සිටි එම වන අලියා ගොඩට ගැනීමේ මෙහෙයුම සිදුකරනු ලැබූහ.
ජේසීබී යන්ත්‍රයක ආධාරයෙන් වැසිකිළී වළ දක්වා විශේෂ මාර්ගයක් සකසා ඒ ඔස්සේ එම වන අලියා ගොඩට එමට සලස්වනු ලැබිණි.ගොඩට ආ වන අලියා යාබදව පිහිටි හුරුළුවැව රක්ෂිතයකට ආරක්ෂීතව පලවා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරනු ලැබූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැසිකිළි වලට වැටුණු අලියා ගොඩට