IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


වැලිගම සභාපති ඝාතනයට සැකපිට ගත් තිදෙනා රඳවා ගන්න අවසර

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැලිගම මූලස්ථාන පොලීසියට අද අවසර ලබා දුන්නේය.

එසේ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රී රෝද රථ රියදුරකු,වැලිගම වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවකු හා අපරාධයට යොදා ගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙකි.

මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ත්‍රී රෝද රථ රියදුරු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ද මෙම ඝාතනයට යොදා ගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයන්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින්ද  සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (0)

වැලිගම සභාපති ඝාතනයට සැකපිට ගත් තිදෙනා රඳවා ගන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site