IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වැලිගම සභාපති ඝාතකයන් යතුරු පැදි දෙකකින් පළා ගිහින්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය රාජකාරී කාමරය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් ඒ සදහා යතුරු පැදි දෙකක් භාවිතා කර ඇති බවට සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහවුරු කර ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම ඝාතනයෙන් පසු ඔවුන් වැලිගම ප්‍රාදේශිය සභාව අසල සීට යතුරුපැදියක නැගී පලා ගිය ද අතරමග දී ඔවුන් යතුරුපැදි දෙකකින් පලා යන අයුරු දැක ගන්නට තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වැලීගම දෙස සිට මාතර දෙසට පැමිණී එම ඝාතකයන් දෙදෙනා අකුරැස්ස හරහා ගාල්ල දෙසට පලා ගොස් ඇති බව ද මේ වන වීට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනයේ දී ඝාතකයා ඒ තුළට ඇතුලු වී ඇත්තේ නිවාස සැලසුමක් අනුමත කර ගැනීමේ මුවාවෙන් බවද කියති.

ඒ සදහා ඔහු ලිපි ගොනුවක් රැගෙනවිත් ඇති අතර එම ලිපි ගොනුව තුල වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය සගවා ගෙන එන්නට ඇති බවට ද පොලීසිය සැක කරයි.

 

 



අදහස් (0)

වැලිගම සභාපති ඝාතකයන් යතුරු පැදි දෙකකින් පළා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site