IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි

(කේෂර ගුණතිලක)

බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

2017 වසරේ පැමිණිලිකාරිය ප්‍රදේශයෙන් බැහැරව සිටියදී දැව ජාවාරම්කරු විසින් දැව හෙළීම සඳහා අවසර ලබා ගැනීමට දුන් ලිපියේ යොදා ඇති ව්‍යාජ අත්සන ග්‍රාම නිලධාරීවරයා මෙලෙස සහතික කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පසුව දැව ජාවාරම්කරු ඇය නොසිටි අවස්ථාවේ ඉඩමේ ගස් කපා අලෙවි කර ඇත.

අනතුරුව ඉඩමේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් වරයාටත් බඩල්කුඹුර පොලීසියටත් පැමිණිලි කර තිබුණත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණයක් සිදුවී සිදුව නැතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 422 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2192 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site