වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි වෙළෙඳසේවා ආධුනික බැඞ්මින්ටන් තරගාවලියේදී නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ ලක්‍ෂිමා පීරිස් ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුවාය. එන්. ඞී. බී. බැංකුවේ ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් සහ හැටන් නැෂනල් බැංකුවේ සංඛ ඉලේපෙරුම ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ. ලක්‍ෂිමා, කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව් ජය ගත්තාය. ප‍්‍රභාෂ් පිරිමි කේවළ හා යුගල ඉසව් ජයගත් අතර සංඛ වයස 40 ට වැඩි ඉසව් ජය ලැබීය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 46 කින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 407 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. තරගාවලියට ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගමේ ‘අවි’ පාවහන් තෙවැනි වසරටත් අනුග‍්‍රහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: ● පිරිමි කේවළ ඉසව්ව ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් (එන්.ඞී.බී.) විසින් කුෂාන් මධුරංග (නේෂන් ට‍්‍රස්ට්) පරාජය කරන ලදී. (21/12, 21/10) ● කාන්තා කේවළ ඉසව්ව ලක්‍ෂිමා පීරිස් (නේෂන් ට‍්‍රස්ට්) විසින් රුවන්ති විද්්‍යානි (ෆැන්චිස්කු) පරාජය කරන ලදී. (21/11, 21/12) ● පිරිමි යුගල ඉසව්ව ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් සහ නදුන් හෙට්ටිආරච්චි (එන්.ඞී.බී.) විසින් සුභාෂ් පෙරේරා සහ සම්පත් කොඩිතුවක්කු (ඞී.එස්.අයි.) පරාජය කරන ලදී. (23/25, 21/12, 21/11) ● කාන්තා යුගල ඉසව්ව ලක්‍ෂිමා පීරිස් සහ මනෝෂා චන්ද්‍රසේන (එන්.ඞී.බී) විසින් දිමිත‍්‍රි තුඩාහේවගේ (රක්සිල්) සහ කේ.රුවන්ති (ෆැන්චිස්කු) පරාජය කරන ලදී. (21/15, 21/11) ● මිශ‍්‍ර යුගල ඉසව්ව කුෂාන් මධුරංග සහ ලක්‍ෂිමා පීරිස් (නේෂන් ට‍්‍රස්ට්) විසින් ළහිරු කොඩිතුවක්කු සහ මනෝෂා චන්ද්‍රසේන (නේෂන් ට‍්‍රස්ට්) පරාජය කරන ලදී. (21/17, 18/21, 21/17) ● වයස 35 ට වැඩි (කාන්තා) චන්ද්‍රානි ද සිල්වා (ජෝන් කීල්ස්) විසින් ඞී.මිරල් (ගුවන් සේවා) පරාජය කරන ලදී. (21/19, 21/15) ● වයස 40 ට වැඩි කේවළ ඉසව්ව (පිරිමි) සංඛ ඉලේපෙරුම (හැටන් නැෂනල්) විසින් ඇලෙන්සෝ ඩොල් (අයි.බී.එම්.) පරාජය කරන ලදී. (19/21, 21/19, 21/14) ● වයස 40 ට වැඩි යුගල ඉසව්ව (පිරිමි) නවීන් වීරසේන (ෆින්ලේ) සහ සංඛ ඉලේපෙරුම (හැටන් නැෂනල්) විසින් ඇන්ඩෘ ගුණරත්න සහ මහේන්ද්‍ර අමරසිංහ (ජෝන් කීල්ස්) පරාජය කරන ලදී. (21/13, 19/21, 21/19) ● වයස 50 වැඩි (පිරිමි) හිරාන් පෙරේරා (ඉස්කිමෝ) විසින් පීටර් නෙවිල් (ඒෂියා කැපිටල්) පරාජය කරන ලදී. (21/14, 21/16)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd