වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය දෙවැනි වරටත් සංවිධානය කළ අන්තර් සමාගම් යුගල බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව සම්පත් බැංකු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තරගාවලියට දිවයිනේ ප‍්‍රමුඛතම නිමි ඇඳුම් ආයතනයක් වන ‘ගිලිට්ස්’ ආයතනය අනුග‍්‍රහය දක්වයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල තරග 3/1 කින් පරාජය කිරීමට සම්පත් බැංකු පිල සමත්විය.පිරිමි යුගල, කාන්තා යුගල, මිශ‍්‍ර යුගල හා වයස 40 න් ඉහළ ප‍්‍රවීණ පිරිමි යුගල තරගයක් ද තරගාවලියට ඇතුළත්විය. සමස්ත ශූරතාවට අමතරව කුසලාන, පළඟ සහ බඳුන යන කොටස් තුනකින් ද තරගාවලිය ක‍්‍රියාත්මක විය. ආයතන 31 කින් කණ්ඩායම් 35 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400 දෙනෙක් තරගාවලියට ඉදිරිපත්ව සිටියහ. ජයග‍්‍රාහී කණ්ඩායම්වලට සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට කුසලාන, සහතිකපත් සහ විශේෂ ත්‍යාග පිරිනැමිණ.
සෙසු අවසන් තරග ප‍්‍රතිඵල:කුසලාන ශූරතාව:කොමර්ෂල් බැංකු පිල විසින් ඩයලොග් පිල පරාජය කරන ලදී. (3/2)පළඟ ශූරතාව:සෙලින්කෝ පිල විසින් ශ්‍රී ලන්කන් පිල පරාජය කරන ලදී. (3/2)බඳුන ශූරතාව:ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පිල විසින් සම්පත් බැංකු ‘බී’ පිල පරාජය කරන ලදී. (3/0)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳසේවා බැඞ්මින්ටන් ශූරතාව සම්පත් බැංකුවට