IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙළෙඳ සේවා ක‍්‍රිකට් සභාපතිගෙන් ආරාධනාවක්

වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් දියුණුවේ කොටස්කරුවන් බවට පත්වන ලෙස වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක මහතා ශ්‍රී ලංකාවේ සියලූම පෞද්ගලික ආයතනවලට ආරාධනා කරයි.

වසර 103 ක ඉතිහාසයකට හිමිකම් කියන වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙසේ ද පැවසීය.

”වසරකට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 2000 ක් පමණ පාසලෙන් ඉවත් වෙනවා. මෙයින් කීපදෙනාටයි ජාතික කණ්ඩායම නියෙජනය කරන්න පුළුවන්. ඉතිරි ක‍්‍රීඩකයන්ගෙන් 80% ක්වත් රැකියාවක් කළ යුතුයි”
”රැකියාවට ගියාම ක‍්‍රීඩාව නවත්වන්න වීම දැන් පවතින අවාසනාවන්ත තත්ත්වයක්, පෞද්ගලික ආයතන වෙළෙඳ සේවා තරගාවලියට සහභාගි වන්නේ නම් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හොඳ දිරිගැන්වීමක්” යයිද ඈෂ්ලි රත්නායක මහතා පවසයි.

”‘ඒ’ කාණ්ඩයේ සිට ‘ජී’ කාණ්ඩය දක්වා කාණ්ඩ හතකින් වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලි පැවැත්වෙනවා”
‘එෆ්’ සහ ‘ජී’ කාණ්ඩවල ක‍්‍රීඩා කරන බොහෝ ක‍්‍රීඩකයන් වයස්ගත අය, ඒ අයට ක‍්‍රීඩා සමාජවල අවස්ථාවක් ලැබෙන්නේ නෑ. නමුත් වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය සමග එකතු වී සිටීම නිසා ඔවුන්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා”

වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය සමග එකතුව තරගාවලියකට සහභාගි වීමෙන් වයස්ගත ක‍්‍රීඩකයන්ට සිය ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යෑමට හොඳ අවස්ථාවක් හිමිවී ඇති බව ද රත්නායක මහතා පැවසීය.
වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය පවත්වා ගෙන යන ක‍්‍රිකට් පුහුණු පාසලේ වයස 12 සිට 15 දක්වා ක‍්‍රීඩකයන් පුහුණු වන බවත්  ඕනෑම ප‍්‍රදේශයක ක‍්‍රීඩකයකුට එයට ඇතුළත්ව සුදුසුකම් ලත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබිය හැකි බවත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලිවලට සහභාගි විමෙන් පෞද්ගලික ආයතනවලට ව්‍යාපාරික මට්ටමින් ද විශාල වාසි ලබාගත හැකි බව ද රත්නායක මහතා වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

වෙළෙඳ සේවා ක‍්‍රිකට් සභාපතිගෙන් ආරාධනාවක්

සජිත් Tuesday, 04 June 2013 01:41 PM

පාසල් වලින් බිහි උන දක්ෂ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා. ඇත්තටම දක්ෂයෙක් මුහුණදෙන අවාසනාවන්ත තත්වයක් මේක. වෙළද සේවා තරගාවලියෙන් උවද දක්ෂයන් බිහි වීමට ගොඩක් ඉඩ ප්‍රස්ථාවක් තියෙනවා. ඒ නිසා සියලුම පුද්ගලික ආයතන මේ තරගාවලියට සහභාගී උනොත් ලංකාවේ ක්‍රිකට් මීටත් වඩා ඉදිරියට ගන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site