ශ්‍රී ලංකා ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල සහ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් විධායක කමිටු පිල අතර වෙළෙඳ සේවා ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති වාර්ෂික විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් වෙළෙඳ සේවා පිල ලකුණු 16 ක ජයක් ලැබීය. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ රුවන් සේනාරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
වෙළෙඳ සේවා පිලේ මහේෂ් ද අල්විස් සහ ඉෂාක් සහබ්දීන් කඩුලූ 2 ක බැගින් දවා ගැනීමට සමත් වූහ. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල වෙනුවෙන් දිනේෂ් මන්ත‍්‍රිවිතාන ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතාද, වෙළෙඳ සේවා විධායක කමිටු පිලේ නායකයා ලෙස එහි සභාපති ඈෂ්ලි රත්නායක මහතාද කටයුතු කළහ.
වෙළෙඳ සේවා විධායක කමිටු පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 114
(රොෂාන් ඉද්දමල්ගොඩ 25, ඉෂාක් සහබ්දීන් නොදැවී 18, දිනේෂ් මන්ත‍්‍රිවිතාන 13/4, රුවන් සේනාරත්න 32/3)
ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 98
(රුවන් සේනාරත්න 22, මනෝජ් රිදීමහලියැද්ද 24, රංජන් පරණවිතාන නොදැවී 18)
..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා, මොකද වුණේ? ඊළඟ පාර දෙන්න වැඩේ... (නි)