ශ්‍රී ලංකා ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල සහ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් විධායක කමිටු පිල අතර වෙළෙඳ සේවා ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති වාර්ෂික විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් වෙළෙඳ සේවා පිල ලකුණු 16 ක ජයක් ලැබීය. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ රුවන් සේනාරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
වෙළෙඳ සේවා පිලේ මහේෂ් ද අල්විස් සහ ඉෂාක් සහබ්දීන් කඩුලූ 2 ක බැගින් දවා ගැනීමට සමත් වූහ. ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල වෙනුවෙන් දිනේෂ් මන්ත‍්‍රිවිතාන ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිලේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතාද, වෙළෙඳ සේවා විධායක කමිටු පිලේ නායකයා ලෙස එහි සභාපති ඈෂ්ලි රත්නායක මහතාද කටයුතු කළහ.
වෙළෙඳ සේවා විධායක කමිටු පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 114
(රොෂාන් ඉද්දමල්ගොඩ 25, ඉෂාක් සහබ්දීන් නොදැවී 18, දිනේෂ් මන්ත‍්‍රිවිතාන 13/4, රුවන් සේනාරත්න 32/3)
ක‍්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 98
(රුවන් සේනාරත්න 22, මනෝජ් රිදීමහලියැද්ද 24, රංජන් පරණවිතාන නොදැවී 18)
..
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙඳ සේවා ක‍්‍රිකට් පිලට ලකුණු 16 ක ජයක්
අංජන Tuesday, 28 May 2013 06:21 PM
අයියා, මොකද වුණේ? ඊළඟ පාර දෙන්න වැඩේ... (නි)