සුප්‍රසිද්ධ මුහුණු ආලේප සමාගමක වෙළෙඳ නාමය අනවසරයෙන් යොදා ගත් බව කියන පස් දෙනකුට එරෙහිව නිශ්පාදක සමාගම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරිපිට නඩු පවරා ඇත.
වසීම් අහමඩ්, මොහොමඩ් මුසම්මිල්, එස් මහේෂ්වරන්, එස් චන්ද්‍රසේකර හා මොහොමඩ් සල්මන් ඔවුහුය.
බුද්ධිමය දේපොළ පනත යටතේ නඩු පවරා ඇති ඔවුන්ගෙන් සිව් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ.
මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේ මතම යැපෙන්න තමයි අද මිනිස්සු හුරුවෙලා ඉන්නේ (නි)
සත්‍යයා වෙත, කරුණාකර ඔබගේ ජාතිවාදී කන්නාඩිය ගලවලා අදහස් ප්‍රකාශ කරන්න. ඔබට දන්නවානම් ශාක්ෂි ඇතුව අදහස් ඉදිරිපත් කරන්න රටේ සුළු ජාතික කොටස් බහුල වශයෙන් වෙනත් රටවල් සමඟ කරන හොර ජාවාරම් ටික. වෙළඳ ලකුණ හොරෙන් අරං තියෙන්නේ සුළුජාතික පිරිස් පමණක් නෙවේ බෞද්දයෙකුත් ඉන්නවා එස් චන්ද්‍රසේකර(රේ)
ගණන් ගන්නෙපා නස්වී. ඔය පහුගිය ආණ්ඩුවේ අවතාර. තාම හොල්මන් කරනවා. මොවුන්ට ජාතිවාදයෙන් තොර පැවැත්මක් නැහැ. රටේ අනාගතය ගැන හිතල " හැම ජාතීන්ම ලාංකිකයින් කියල හිතන්න මහත්තයෝ. එකාමෙන් වැඩ කරලා රට දියුණු කරන්න බලමු.(රේ)
අපේ රටේ හොරකම්, වංචා , දුෂණ ගැන විමසා බැලීමේදී ජාති , ආගම් බේදයෙන් තොරව මේවට සම්බන්ද පිරිස් ඉන්නවා. හොරකමට වංචාවට මොන ආගමකවත් ඉඩක් නැහැ. මේ හොර රැලට මේ ආත්මෙදි නැතත් ලබන ආත්මෙදි හරි දඬුවම් ලැබේවි. (රේ)
නීතිය යටතේ උපරිම දඬුවම් දෙන්න. (නි)
සොරකමට වංචාවට ජාති ආගම් බේදයක් නැති නමුත් විෂයානුබද්ධ තත්වයන් යටතේ වුව පරීක්ෂා කර බැලුවිට රටේ සුළු ජාතික කොටස් බහුල වශයෙන් වෙනත් රටවල් සමඟ කරන හොර ජාවාරම් වලටත් රටේ අභ්‍යන්තරයේ පාතාල කටයුතු වලටත් සම්බන්ධවීම ගැන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම කාලෝචිතයි. (නි)
මොකක්ද මේ වෙළඳ නාමය? (නි)
මොකක්ද දන්නෙ නැහැ මෙයාලා හොරකම් කළ ආලේපන වර්ගය? (නි)