මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළද දැන්වීම් කිහිපයක් මුල් කරගෙන පොලිසියේ මුල් පුටු වල කලබලයක් ඇතිව තිබෙන බව දැනගන්නට ඇත.හාස්‍ය උපදවන අයුරින් නිමවා ඇති මේ වෙළද දැන්වීම් වලින් දැනටමත් ජනතාව ඉදිරියේ හානිවී තිබෙන පොලිසියේ ප්‍රතිරූපය තවදුරටත් විනාශ වනු ඇතැයි ඔවුන් සිටින්නේ බියපත්වය.
පෙම් යුවළක් උද්‍යානයක අසුනක් මතට වී පෙම් බස් දොඩමින් සිටින අයුරුත් එතැනට කඩා පනින පොලිස් නිලධාරියෙක් ඔවුන්ට බාධා කරන අයුරුත් එක් වෙළද දැන්වීමක ආරම්භයේ පෙන්වයි.එක්වනම පොලිස් නිලධාරියාගේ අවධානය යොමුවන්නේ පෙම් යුවළ අනුභව කරමින් සිටිනා බිස්කට් වර්ගය දෙසටය.අවසානයේ පොලිස් නිලධාරියාද පෙම් යුවළ මැදින් වාඩිවී බිස්කට් රසවිඳී.
දෙවැනි වෙළද දැන්වීමේ දඩ මස් ගබඩා කර ඇතැයි සැකපිට පොලිස් නිලධරයින් දෙදෙනෙක් නිවසක් සෝදිසි කරයි.මල්ලක් දකින ඔවුහු එහි දඩ මස් ඇතැයි සිතා මේසයක් මතට මල්ලේ තිබෙන දේ හළයි.එළියට වැටෙන්නේ මස් රස ගැන්වූ කෘතිම ආහාර වර්ගයක්ය.වෙළද දැන්වීමේ අවසානයට පොලිස් නිලධාරීන් දෙදෙනා ගෙහිමියන්ගේ සතුටු සිනා මැද එම ආහාර වර්ග යොදාගෙන සකස් කර ඇති ආහාර වේලක් රසවිඳින අයුරු දැක්වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම වෙළද දැන්වීම් නිර්මානය කර ඇති ආයතන වලට එරෙහිව කොටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.වෙළද දැන්වීම් සකස් කිරීමට ප්‍රථමයෙන් එම ආයතන නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයෙන් විමසීමක් කර නැතැයි ඔහුගේ චෝදනාවයි.
පැමිණිල්ලට අනුව අදාළ පාර්ශවයන් කැඳවා ප්‍රශ්න කර නීති පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බව කොටුව පොලිසිය කියයි.
කලකට ඉහත පොලිස් නිලධාරී ඇඳුමින් සැරසී මෝටර් රථයක පසුපස අසුන්ගෙන ආ පුද්ගලයෙක් නීතිවිරෝධී අයුරින් පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටීමට තැත් කළැයි අත්අඩංගුවට ගැණින.පසුව හෙළිවූයේ නළුවෙක් වන මේ පුද්ගලයා රූගත කිරීමක් අවසානයේ පැළදගෙන සිටි පොලිස් ඇඳුම පිටින්ම එතැනින් පැමිණ ඇත්තේ තාවකාලිකව හෝ පොලිස් නිලධාරියෙක් බවට පත්වීමේ සතුට අත්විඳීමට බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානිවෙන්න තරම් හොඳ ප්‍රතිරූපයක් තිබෙනවද? (නි)
රැකගන්න නමක් තිබෙන්න එපායැ... (නි)
පොලිසියේ ප්‍රතිරූපය හානිවෙන වෙනත් කිසිවක් වෙලාම නැද්ද? (නි)
මම නම් හිතන්නේ උසාවියේදී මේක විසද ගත්තොත් හොදයි .මේකෙන් කිසිම අපහාසයක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා නමුත් කවුරු හරි කියනවා නම් අපහාසයක් වෙනවා කියලා ඇත්තම සිද්ධියක් දන්නා එතකොට හොදට වෙනස තේරෙයි.(හේ)
හිනා ..හිනා ..හිනා ...හිනා වෙන්න හිනා ...කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා ..(හේ)
මේ වෙළඳ දැන්වීම් නිසා පොලිසිය විහිළුවක් වෙනවා කාටත්.(හේ)
පොලිසිය තවත් හෑල්ලුවට ලක් වෙන්න දෙයක් නෑ.(හේ)
හොඳ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීමක්.(හේ)
අනේ අම්මප ඕකෙන්ම තමයි පොලිසියේ නම කැත වෙන්නේ. (බ)
අනේද කියන්නේ, වාස් ගුණවර්ධනල අමාරුවෙන් රැකගත්ත පොලිසියේ නම ආරක්ෂා කරගන්න එපැයි. (බ)