‘සියයට පනහක් හරි අපට සල්ලි නැවත දෙන්න. අපිට පොළිය එපා’ යැයි ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ආයතන තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජික අනුර ශාන්ත මහතා කොළඹ කොටුව සෙලින්කෝ මහළ ඉදිරිපිට අද (10) පැවති උද්ඝෝෂණයට සහභාගී වෙමින් පැවසීය.
‘සෙලින්කෝ සාමාගමක මීට අවුරුදු අටකට කළින් මුදල් තැන්පත් කළා. එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් කිව්වා. හිටපු මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලය කිව්වා අපි මුදල් තැන්පත් කළා. මේ ආයතනය දැන් වැටිලා. අපේ මුදල් වලට වුණ දෙයක් නැහැ. රජයෙන් හෝ සෙලින්කෝ සමාගමෙන් වත් මීට කිසිදු මැදිහත් වීමක් නැහැ. අපිට අවුරුද්ද ඉවර වෙන්න කලින් විසඳුමක් දෙන්න කියලා ජනපතිගෙන් හා අගමැතිගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.’යැයි ඔහු සඳහන් කළේය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.