‘සියයට පනහක් හරි අපට සල්ලි නැවත දෙන්න. අපිට පොළිය එපා’ යැයි ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ආයතන තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජික අනුර ශාන්ත මහතා කොළඹ කොටුව සෙලින්කෝ මහළ ඉදිරිපිට අද (10) පැවති උද්ඝෝෂණයට සහභාගී වෙමින් පැවසීය.
‘සෙලින්කෝ සාමාගමක මීට අවුරුදු අටකට කළින් මුදල් තැන්පත් කළා. එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් කිව්වා. හිටපු මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලය කිව්වා අපි මුදල් තැන්පත් කළා. මේ ආයතනය දැන් වැටිලා. අපේ මුදල් වලට වුණ දෙයක් නැහැ. රජයෙන් හෝ සෙලින්කෝ සමාගමෙන් වත් මීට කිසිදු මැදිහත් වීමක් නැහැ. අපිට අවුරුද්ද ඉවර වෙන්න කලින් විසඳුමක් දෙන්න කියලා ජනපතිගෙන් හා අගමැතිගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.’යැයි ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායෙන් අපිට ඉගෙනගන්න වැදගත් පාඩමක් තියෙනවා. එනම් වැඩි පොළිය දෙන බව කියන රජයට සම්බන්ධයක් නැති පුද්ගලික මුල්‍ය ආයතන වල මුදල් තැන්පත් නොකළ යුතුයි. (නි)
ඇයි අර අගවිනිසුරුවරිය එලියට දාල පසුගිය අනඩුවෙන් මේ තැන්පත් කරුවෝ කිරිබත් කාවා නේද ජය වේවා කියලා.කෝ තාම දුන්නේ නැද්ද ඒ සල්ලි (බ)
අපේ මුදල් ඇමති තුමා කිව වගේ මතකයක් තියෙනවා මිට අවුරුද්දකට කලින් වගේ මේවා සේරම අපහු දෙනවා කියල.....මෙයාලට එක ඇහුනේ නැතුව මුදල් නොලැබුන අය වෙන්න ඇති. (අ)
මේ මිනිසුන්ගේ ප්‍රශ්නය ගැන කවුරු හෝ බලන්න.(හේ)
අනේ අපේ සල්ලි දෙන්න.(හේ)
පවු අහිංසක මිනිසුන්ගේ සල්ලි! (නි)