IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වළගම්බා උරුමය හාරා කූඩුවට යති

ඓතිහාසික  රුහුණු සෝමාවතීයට නුදුරින්  පිහිටි  කුම්බනාච්චිය  පුරා විද්‍යා භුමියේ  නිදන් හාරමින් සිටි  හතරදෙනකු අද (13) අලුයම  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඉපැරණි ගල් කණු ආදීය  විසිරි  පවතින මෙම ඉපැරණි බිමෙහි  වලගම්බා රජු විසින්  කරවන ලද විහාර ආරාම සංකිර්ණයක්  තිබු බවට පුරා විද්‍යා මතයක් තිබේ.

නිදන්හාරන්නවුන්  අඩි විස්සක්  පමණ ගැඹුර විශාල වලක්  හාරා ඉපැරණි ගල් ආදීය ගොඩ දමා තිබු බව කියති.

නිදන්හැරීම සඳහා උපයෝගී කැර ගත් බව කියන  උදලු අලවංගු  වතුර මෝටරයක්  ජලනළ ආදීයද මෙහි තිබී හමු වී ඇත.

 අත්අඩංගුවට පත් හතරදෙනාගෙන්  තිදෙනකු  වල කපද්දී,  කට්ටඩියා බව කියැවෙන පුද්ගලයා මල් පහන් පුජා වට්ටි  ආදීය තබා ගනිමින්  මන්තර ජපකරමින්  සිටි බවද  පොලීසිය පවසයි.

 පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සරත් කුමාර ජෝශප්  සහකාර පොලිස් අධිකාරි (1) ඔෂාන්  හේවාවිතාරණ  මහත්වරු  වැටලීම මෙහෙය වුහ.  



අදහස් (0)

වළගම්බා උරුමය හාරා කූඩුවට යති

විජේ Wednesday, 14 August 2013 09:57 AM

ලොකු පොඩි හැමෝම ඉතිහාසය වනසනවා. අනේ දෙවියනේ ඔබ වහන්සේලාවත් දඩුවමක් දෙන්න. හැබැයි පොඩි අයට විතරක් නම් දඩුවම් දෙන්න එපා දෙවියනේ. නිදන් හාරන හැමෝටම දඩුවම් දෙන්න. ඔබ වහන්සේලා තිස්තුන් කෝටියක් ඉන්නවලුනේ. බයවෙන්න කාරියක් නැහැ වැරදි කරන හැමෝටම දඩුවම් කරන්න.(ස)

:       0       0

ඩෙනම් Thursday, 15 August 2013 09:32 PM

මේක කළේ බෞද්ධයෙක්ද ? (නි)

:       0       0

වරුණ Tuesday, 13 August 2013 04:35 PM

සියල්ලෝම රටේ සාරය උරා බොති (ත)

:       0       0

සංජීව Wednesday, 14 August 2013 01:36 AM

ලොකු ලොකු අය නිධන් හාරනකොට නම් කවුරුවත් අල්ලන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Tuesday, 13 August 2013 04:42 PM

මේකනම් අන්‍ය ආගමිකයෙකුගේ වැඩක් වෙන්න බැහැ.

:       0       0

නිල්මිණි Tuesday, 13 August 2013 04:59 PM

කට්ටදියගේ ජප කිරීමට ඇවිත් තියෙන්නේ පොලිසියෙන් (අ)

:       0       0

ඇසළ Tuesday, 13 August 2013 05:55 PM

අඩි 20ක වළක් හොදටම ඇති. 4 දෙනාවම දාලා වහලා දාන්න තිබුණේ. නිදන් හොරුන්ගෙන් 4 දෙනෙක් අඩු වුණා කියන්නේත් කොච්චර ලොකු දෙයක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 14 August 2013 07:08 AM

මේ නැතිකරන්නේ අපේ ඉතිහාසය නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site