ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි චානක වෙළගෙදර තුවාල ලැබීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේ තෝරා ගනු ලැබ ඇත.
ලොකුහෙට්ටිගේගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබේ. මෙම වෙනස්කම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවටද දැනුම් දී තිබේ.
අන්තර්ජාතික කි‍්‍රකට් සභා තරගාවලියක් සඳහා නම්කරන ලද කණ්ඩායමට වෙනත් කී‍්‍රඩකයකු ඇතුළත් කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටු අනුමැතිය ලබාගත යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වමතින් පන්දු යවන්නන්ගේ අඩුවක් තියෙනවා. ඒක මගහරවාගන්න එක්කෙනෙක් නැති එක ලොකු පාඩුවක් (නි)
කොයි රුවනුත් දැන් එකයි අවො ගියෝ.(නදී)
සුර සහ සුරේෂ්,ඔයාලා මොනවා කියවනවද මන්දා? මොහු මද වේග පන්දු යවන්නෙක් සහ හොදින් පන්දුවට පහර දෙන්නෙක්. දග පන්දු යවන්නෝ ඕනෑ තරම් ඉන්නවා. අනික මෙවන් ක්‍රීඩකයින්ට අවස්ථාව දීම හොද වැඩක්.මෙයාලට බොහෝ කල් ක්‍රීඩා කල නොහැකියි. තරුණ අයට තව ඕනෑ තරම් කල් තියනවා (නි)
ඇයි ගිහාන් රූපසිංහට අවස්ථාවක් දෙන්නේ නැත්තේ. (නදී)
නිල්මිණි ඔයා මොනවද දන්නේ? මේ දිනවල හොදින් සෙල්ලම් කරන්නේ දිල්රුවන්. (නි)
ගොඩක් හොඳ තීරණයක්. (නි)
මෑත කාලයෙදි ක්‍රිකට් තේරීම් කමිටුව ගත් හොදම තිරණයක් (නි)
මම හිතන්නේ දිල්රුවන් හොදයි කියලා.(නදී)