රුපියල් කෝටි 68කට අධික හෙරොයින් කිලෝ 85ක් මොටර් රථයකින් ප්‍රවාහනය කිරීම සහ විකිණීමට අාධාර හා අනුබල දුන්නැයි රැඳවුම් නියෝග යටතේ සිටි වෙලේසුදාගේ බිරිඳ සහ නැන්දම්මා මුදා හරින ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා අද (06) කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට නියෝග කළේය.
පී බී ජී ගයානි ප්‍රියදර්ශනී සහ එම් කේ ජී ඥානවතී එම දෙදෙනාය.
මේ දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට සාක්කි නැතැයි පැමිණිල්ල කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වෙලේ සුදත් නිදහස් කලානම් ඉවරයිනේ.. (දී)
මතට තිත වගේම නීතියටත් ........? (නි)
දෙවියනි, ඔබ කොහේද? (නි)
ඇයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ? (නි)
මේක කවුරුත් බලාපොරොත්තු වුණ දෙයක්. (නි)
මේ ලියන ඔක්කොම වගේ කුඩු වලට සම්බන්ධ අය වගේ.හිරේ දැම්මොත් රටේ නීතියක් නැහැ නිදහස් කලත් රටේ නීතියක් නැහැ (දී)
එතකොට මේක බොරු චෝදනාවක්ද? (නි)
එහෙමනම් පැමිණිල්ල ඉදිරිපත් කලේ මොනවටද? පැමිණිල්ල මේ වෙලාවේ කියනවා සාක්කි නැතෙයි කියල. දෙයියෝ සාක්කි! (නදී)
අන්තිමට කුඩු ලංකාවට තනියම ඇවිල්ලා ගෙනාපු පුද්ගලයෙක් නැහැ. (දී)
කොහොමත් මේ රටේ අපරාධකාරයින් වැඩි දෙනෙකුට විරුද්ධව සාක්කි නෑ....... (ස)
ඉතා අනර්ඝයි , ඔහොමයන්... රට ජාතියට ජයම වේවා! (ස)
ඔවු ඉතින් ඒ මිනිස්සු මොනවා කරන්නද (දී)
රට බෙර ගන්න කවුරුත් නැද්ද දෙවියනේ? (දී)
ලංකාවේ කුඩු බිස්නස් කරන මිනිස්සු අල්ලා ගන්න බැරි මොකද කියන එක මට මාර ප්‍රශ්නයක් (දී)
එතකොට ඔය වෙලේ සුදා විතරලුද ලංකාවට කුඩු ටොන් ගණන් ගේන්නේ?(අ)
ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු. (අ)
කුඩු කන්ටේනර් එක ගැන කියල මඩගහන්න කට්ටියක් බලාගෙන ඉන්නවා. නොබී හිටියනම් ගෙන්නුවට වැඩක් නැහැනේ. බොරුවට ගෙන්නන අයට බනින්න එපා.(අ)
තීන්දුව සාධාරණයි,අධිකරණයට ජයවේවා!!! (අ)
අපේ රට ගැන ආඩම්බරයි (නි)
ඉක්මනටම නිදහස් කරන්න නම් ඇයි අත්අඩංගුවට ගත්තේ කියලා මට හිතුණා (නි)
ජය වේවා! (නි)
මේ පුවත දැක්කහම ඇතිවුණ හැඟීම මට විස්තර කරන්න අමාරුයි (නි)
ගරු අධිකරණයට තුති, ස්වාධීනව කටයුතු කිරීම ගැන. (නි)
අපි මොකුත් කතා නොකර සිටීම කාලෝචිතයි (දී)
අපරාධයට සුදුසු නියම දඩුවම දිය යුතුයි. (නි)
මානව හිමිකම් කට්ටියට මේවා උණුසුම් පුවත් වේවි (නි)
මේ වගේ රටක් මේ ලෝකයේ කොහෙවත් නැහැ (නි)
වෙන මොනවා කියන්නද? ආසියාවේ ආශ්චර්යමත් රට ලංකාවනේ. (නි)
කිසිම රැකියාවක් අදායම් මාර්ගයක් නැතුව විශාල මාලිගා වල සිටිමින් බැංකු පොත් වල කෝටි ගණන් මුදල් තිබෙන අය කොච්චර ඉන්නවද? (නි)
මෙවන් පුද්ගලයන් ගැන අදහස් පලකරනවට වඩා හොඳයි හොම්බ බිම අතුල්ලා ගන්න එක (නදී)
මේ නැන්දම්මා ගැන වාද විවාද කරන වෙලාවේ අපේ නැන්දම්මා මොකද කරන්නේ කියලා සොයා බලා ගන්න එක හොඳයි කියල හිතුනා. (දී)
මේ දෙන්නාව මේ විදියට අල්ලාගෙන කරන රඟපෑම ගැන මීට දින කීපයකට පෙර වෙබ් අඩවියක තිබුණු දේ හරියටම හරි. නියම අයව අල්ලන්නේ නැතිව ඇප පිට ඉන්න මේ දෙන්නාව අල්ලලා බේරාගන්න උත්සාහ කරන්නේ කාවද කියලත් ඒකෙ තිබුනා. (දී)
කොලොම්බියාවෙත් මෙහෙමම තමයි. ලංකාව දැන් නම් සෑහෙන්න දියුණුයි. (නි)
කව්ද මේ වෙලේසුදා කියන්නේ (නදී)