ඉපැදී දින පහක් ගත වූ දරුවකු පණපිටින් වළ දමා මිනිත්තු 15කට පසුව පණපිටින් ගොඩ ගත් බව වවුනියා පොලිසිය කියයි. 29 හැවිරිදි කතගේ සැමියා යුද්ධයෙන් මියගිය බවත් කියති. ඇයට වසර හතරක දුවක ද සිටියි. මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ මව අත්අඩංගුවට ගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අම්ම ගැන විතරක් කතාව ? ඔහොම හොඳද ? පුංචි බබා ඉපදුනේ ඇයි ? වරද කාගේද ?
උදය ඔබ හරි ලස්සනට පැහැදිළි කරල තියෙනවා එක තමයි ඇත්ත..
යුද්දය තිබුන කලේ සැමියා මලානම් දවස පහක දරුවෙක් දැන් ලැබුනේ කොහොමද මෙයාට,එක තමා දරුවාගෙන් පලිගන්න හදන්නේ....ඔය ගෑනුන්ට හැදෙන අමාරු(ආර්ථික ප්‍රශ්න වෙන්නත් ඇති)නිසා අසරණ දරුවෝ ජීවිතවලින් වන්දිගෙවනවා.........
අම්මා මානසික රෝගයකින් පෙළෙනවා ඇති
අම්ම මානසික රෝගයකින් පෙළෙනවා ඇති .
මේ වගේ දේවල් දිහා පටු විදිහට බලල තීරණයක් ගන්න බෑ , අද ලංකාවේ බහුතරයක් මුණ දීල ඉන්න ජීවන ගැටළු වල අවසන් ප්‍රතිපල තම මේ ..
නරක ගැහැණියක්
හුණු පෝරණුවකට ළමයෙක් පණ පිටින් හෝ මරාදාලා දාන්න පුලුවන් රටක මේවත් වැඩද?
ගබ්සාව නීති ගත කිරීම තමයි හොදමදේ
කාලකන්නි අම්ම කෙනෙක් කියල අම්මට විතරක් බනින 1ක වැරදි.. ඒ අම්මගේ මානසිකත්වයත් සොයල බලන්න ඔනි..
අනේ කාලේ වනේ වාසේ
අනේ කාලේ වනේ වාසේ
මොන හේතු තිබුනත් අම්ම කෙනෙකුට මෙහම දෙයක් කර පුලුවන්ද
තාවකාලික සතුට......සදාකාලික වේදනාවයි....
මේ කාන්තාවගේ සැමියා යුද්දයෙන් මියගොස් ඇතැයි කියල නේද මේ කියන්නේ .. යුද්දේ ඉවර වුනේ 2009 මැයි වලනේ.. එතකොට ඒ දවසට කලින් මිය ගිය සැමියාගේ දරුවාද මේ ? හැබැයි දරුවට වයස දින 5 යි . වෙන අවුලක් නැත්නම් මේ දරු ඉපදීම ලෝක වාර්තාවක් වෙනවනේ .. තාත්ත මිය ගිය සැමියා නම් අඩුම තරමේ අවුරුදු 3 ක් බඩේ හිටපු දරුවෙක් නේ මේ ළමය .....මොකද 2009 මැයි වලින් පස්සේ ලංකාවේ යුද්දයක් නැනේ ...
අම්මටත් ප්‍රශ්න ඇති. ඒත් දරුව මරන්නම ඕනිද? කොහොමද එහෙම කරන්නේ....
@ තේජා ... මෙහෙම වෙන්න හේතුව තමයි දරුවෙක් අවශ්‍ය නැති උනත් අනිත් අවශ්‍යතාවයන්ගේ අවශ්‍යතාව...
මෙයාට හිතක් තියනවාද බලන්න..
මේ යුද්දයේ තවත් එක අඳුරු පැත්තක්. දහස් ගණනක් දුක් විඳින තරුණ වැන්දඹුවන් උතුරු සහ නැගෙනහිර පළාත් වල ඉන්නවා. මේ අයගේ දෙමාපියන් මේ අයව එල් ටී ටී එකෙන් ආරක්ෂා කරගන්න ඕන නිසා යාන්තම් දාසය පැනපු ගමන් කසාද බැඳලා දුන්න. එහෙම කරේ එතකොට මේ අයව බලෙන් බඳවාගන්න එක නවත්තන්න. යුද්දේ අවසාන කාලේදී මේ අයගේ සුවාමි පුරුෂයන්වත් උන් බලෙන් අරන් ගියා. දැන් මේ අයට කාගෙවත් සරණක් නැහැ. දමිල සමාජයේ වැන්දඹුවන්ට තියෙන්නේ ඉතා අඩු සැලකිල්ලක්. ඒ අයව සලකන්නේ අසුබ සලකුණක් විදියට. මගුල් උත්සවයකට හෝ වෙනත් සුබ දෙයකට ඒ අයට ආරාධනා කරන්නේ නැහැ. කිසි කෙනෙක් මේ අයව විවාහ කරගන්න ඉදිරිපත්වෙන්නෙත් නැහැ. පොඩ්ඩක් හිතල බල්ලන්න දරුවා බඩගිනි කියල කියනකොට මේ අම්ම ළඟ දෙන්න දෙයක් නැත්නම් ඇය මොනවා කරන්නද ? තමන්ගේ ඇඟ විකුණලා හරි දරුවා ජීවත් කරවනවා ඇරෙන්න ඇය වෙන මොනවා කරන්නද ? සිංහල සමාජයේ අපිට මේ අයගේ ජීවිතවල සබැ තත්වය පෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ පාරවල් හදල විදුලිය දුන්නහම ඔක්කොම හරි කියල. ඒවා කරන්න ඕන, නමුත් අපි මුලින් මේ අයගේ සැබෑ ප්‍රශ්න හඳුනාගන්න ඕනේ. ඒවාට මුලින් විසදුම් දෙන්න ඕනේ. අපිට දැනගන්න ලැබෙන්නේ සිද්දි කිහිපයක් විතරය්, එත් අපි නොදැනුවත්ව කොපමනනම් මෙවන් සිද්දීන් වෙලා ඇද්ද? අපි මේ සිදුවීම් දෙස සානුකම්පිතව බැලිය යුතුය්. මේ තරුණ වැන්දඹුවන් සහ දරුවන් ගැන සමාජයේ කතිකාවතක් ඇති කල යුතුය්. ඒ තුලින් වගකිව යුත්තන්ගේ අවධානය මේ අය වෙත යොමු කල යුතුය්.
මානසිකත්වය හා හේතුව පැහැදිලි කරගෙන දීර්ගකාලීන පිළිතුරු සෙවිය යුතුයි
මොන ප්‍රශ්නේ තිබ්බත් දරුවෙකුට නෙමෙයි බලු පැටියෙකුටවත් මෙහෙම කරන්න එපා. දරුවෙක් ලැබෙන්නේ අම්මගේ උවමනාවට මිසක් ළමයාගේ උවමනාවට නෙමෙයිනේ....
ඇයි දෙයියනේ ඔය ගැහැනුන්ට විතරක් බනින්නේ .. බබා බිහිවුනේ තවත් පිරිමියෙක් නිසානේ ..සියල්ල කරලා බලාගෙන ඉන්න ඔහුට තමයි පළමු සාපය …
" දරුවාට දීර්ඝායුෂ.", මේ වගේ ගෑනුන්ට අම්ම කියනවට අපිට පව්..
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ මේ අවනඩුව...
අනේ අපේ අම්මලට ගිය කලක්...
අනේ අපොයි. මේ මෙහෙම වෙන්නේ කොහොමද. අම්ම කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද. හිතා ගන්න බැ.....................
මේ වගේ ප්‍රශ්න ආවහම විසදන්න හරි ආයතනයක් බිහිවේවා
ඔය වගේ ගෑණු උදවිය උල තියලා මරන්න ඕනි හලෝ
මොකක් නිසාද පුංචිඑකා වලදැම්මේ ????????????
අනේ එයාව වෙන කාට හරි හදාගනන්න දෙන්න .මේ අම්ම ආයේත් මොනවා කරයිද දන්නෑ...
අනේ දෙවියනේ මේ මොන අපරාධයක්ද .හදාගන්න බැරිනම් පුළුවන් කෙනෙක්ට හදාගන්න දෙන්න තිබුණනේ....
බහු විවාහ අනුමත නොකරන එකේ විපාක තමයි මේ
යුද්දේ ඉවැ වුණේ කොයි කාලෙද ? සැමියා මැරුනේ කොයි කාලෙද ? දින 5 ක් වයසැති දරුවෙක් කොයින්ද ????
අම්මට බනින්න කලින් මෙහෙමකර හේතුව හොයල බැලුවනම් හොඳයි...
මොන හිතකින් කර දෙයක්ද හැබෑටම .සැබෑ අම්ම කෙනෙක්ට බෑ මේ වගේ දේවල් කරන්න...
මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවට මුහුණපා සිටින කත මෙවැනි දේවල් කරන්නේ අර්බුදයට මුහුණපා සිටිනවග ගැනත් කියන්න ඕනේ වෙනවා නේද? මිනිමැරීමට මෙන්ම තමන්ටම සිදුවන්නේ අවැඩකි. බබා පණපිටින් මව වගකීමක් නැති, ආගමක් දහමක් නැති අනුවන ගැහැණු කරන්නේ මෙවැනි දේවල් මොන ජාතිකද ? ඇයගෙ මොලේ තියෙන හරිය අයින් කරලද ??? මෙවැනි දේවල් කරන්නේ කොච්චර කාන්තා දුෂණ වෙනවද හිංසා කරනවද මෙවැනි දේවල් ගැහැණු අය වහගෙන ඉන්නේ කිසිවක් සිතා ගත නොහැකිය.
මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා
මෙහෙම වෙන්නේ බහු විවාහ අනුමත නොකරන නිසාද හේතුව හොයල බැලුවනම් හොඳයි.. අම්මට බනින්න කලින් මෙහෙම වෙන්නේ කොහොමද සැමියා යුද්ධයෙන් මියගිය බවත් මේ වගේ දේවල් කරන්න අම්ම කියනවට අපිට පව්.
මේවට බලධීරීනුත් වගකිව යුතුයි..
මරණ දඩුවම දෙන්න ඕන...
සමාව දෙන්න හොඳම නෑ..
@තේජා: මොන හේතුවක් තුබුණත් මෙහෙම අපරාදයක් කරන්න පුළුවන් ද ?
සමාවක්නම් දෙන්න හොඳ නෑ...
හොර රහසේ හොර සැමියට වී සුවචී ගා ගත්තාය සියොලගෙහිම අසූචී කළ පාපෙක මහත අම්මපා චිකේ චී යන්න වෙන්නේ ඔය යෝදිට අවීචී
අනේ මන්ද බොලව්නේ මේ වගේ පුවත් හැමදාම අහන්න ලැබෙනවා...
වාසනාවන්ත දරුවෙක්.මොන හිතකින් මෙහෙම කළාද දන්නේ නෑ
පියා යුද්දෙන් මිය ගිය කෙනා වෙන්න බෑ...
ළමයගේ තාත්තා .....................??????
තේජා,ඔබටත් මේ ගැන යම් අදහසක් තියෙන්න පුලුවන්
මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩ්ව වග කිව යුතුයි.උදය කියන දේ හරි තමයි
නිකන් ඒ ගෑනු කෙනාට බනින්නේ නැතුව පොඩ්ඩක් එය ගැනත් හිතල බලන්න. මිනිහ නැතුව අවුරුදු කීයක් ඉවසන් ඉන්නද. ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නොමතිකමේ විපාක . උපත් පාලන ක්‍රම ගෙන නිසි අවබෝධයක් නොමැතිකම තමා මේවට හේතුව. අනවසර ඉදිකිරීමක් උනාම කඩලා දාන්ඩ වෙනවනේ.
කිසිම දෙයක් හොයන්නෙ නැතිව ඒ ගෑණුකෙනාට බනින එක වැරදි තමයි. ඒත් අද මේ රටේ දරුවන් පාලනයට ඔනතරම් ක්‍රම තියෙද්දිත් ඇයි මෙහෙම දේවල් කරන්නේ. ජනමාධ්‍යටත් ලොකු වගකීමක් තියනවා මිනිස්සු තවත් දැනුවත් කරන්න. ඒක රටේත් වගකීමක් බව වගකිවයුත්තෝට තේරුම් යේවා.
එයත් ගැහැණියක් නිසා එක්කෝ හැගීම් වලට වහල් වෙන්න ඇති.නැත්නම් බලහත්කාරකමකට යට වෙන්න ඇති.නමුත් දරුවාට කල දේ නම් අනුමත කරන්න බෑ
දරුවො නැති කොච්චර අය ඉන්නවද?අනික දරුවා හමිබ වෙනකල් ඉන්න පුලුවන් නම් ඔය දරුවා කාටහරි හදාගන්න දෙන්න තිබුණනේ
තේජා, බනින්න කලින් මෙහෙමකරන හේතුව හොයල බැලුවනම් හොඳයි අපරාදයක්ද?
සමහර විට මේ අම්මට මානසික ආබාධයක් ඇති.යුද්ධයෙන් අසරණ වුණු මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි දන්නේ නැහැනේ
මදක් සිතන්න එම කාන්තාව කොතරම් මානසික උද්දීපනයක ඉන්නැතිද කියලා..
ඔය තියෙන්නෙ හොයාගන්න පුලුවන් උන 1 සිද්දියක් විතරයි තවනම් කොච්චර ඔය වගෙම දෙවල් වෙනවද මම දන්න තැනකත් ඔය වගෙම සිද්දියක් උනා.එතනදිනම් 100% ගෑනිගෙ තමයි වෑරද්ද.ස්වාමි පුරුශයා රට ඉන්නකොට ගෑනිට ලමයි හම්බෙන්න හිටිය ....
මේ වගේ අහු නොවෙන්නට අම්මල දරුවෝ කීයක් වල දල ඇතිද ? ලංකාවේ හොස්පිටල් වලට වෙනම වාට්ටුවක් තියන්න ඕනේ හද ගන්න බැරි ලමඊ දල යන්න. පොලිස් පරීක්ෂණ කරලා ළමයාගේ තාත්තවත් හොයල හිරේට දන්න ඕනේ.
අම්ම එහෙම කරයිද තම පුතාට? ඇයි නැත්තේ ...
මිනිහ මිය ගියානම් බබා කාගේද
ලංකාවට දැන් මොකද වෙන්නේ
ගබ්සාව නීතිගත කරොත් හොද නැද්ද ?