පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ මහවිල හන්දිය ආසන්නයේදී හොරණ දෙසට ගමන් කරමින් තිබූ මොර්ටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත්, ඊට යටවූ මල් කඩමින් සිටි කතක මිය ගොස් වාහනයේ සිටි තිදෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර වල් අයිනේ මල් කඩන කොට මීට වැඩිය පරෙස්සම් වෙන්ඩකෝ. ජීවිතය ඔබට මෙන්ම අපටද වටිනවා බුදුසරණයි.(නදී)
මෙම රියදුරාගේ බලපත්‍රය අවලංගු කරන්න. ජීවිතයක වටිනාකමට සරිලන වන්දියක් මැරිච්ච අයගේ පවුලේ උදවියට අරන් දෙන්න.(නදී)
පාර අයිනට වෙලා ෆොනේ එකෙන් මල් කඩ කඩ යන මල්ලිලා නංගිලත් ටිකක් පරිස්සම් උනොත් හොඳා. ඕන් කිව්වා. (දී)
පාරේ යන අය කොච්චර පරෙස්සම් උනත් මෙවැනි සමහර අනතුරු වලින් බේරෙන්න බැහැ (දී)
පව් ඒ කාන්තාව, අර තුන්දෙනාට අමාරු වුනේ අනතුරින් පසු නේද? (නදී)
පරිසරය, සොබා සුන්දරත්වය විනාශ නොකර මල්වලට ගස්වලම පිපී පරවී යන්නට හැරීමයි නිවැරදි උතුම් පිංකම වන්නේ. මනුස්ස කයත් දිරාපත්වී විනාශ වනබව මිනිසුන්ට නිතරම අමතකවේ නම්, එවැනි අයට දිනපතා එකම දේ මතක්කර දෙන්න. ලස්සනට පිපෙන මල් බිලිදෙන්න එපා. (දී)
පව් ඵ් කාන්තාව, ඔබට නිවන් සුව.(නදී)
කඩදාසි වලින් වගේ හීනියට හදපු ජපන් කාර් අධික වේගයෙන් යන්න ගත්තම පාවෙනවා වගේ. අහිංසක මිනිස්සු තමයි ඒවට වන්දි ගෙවන්නේ (දී)
වෙලාව ආවහම අහක යන කාර් එකක් හරි ඇගට එනවා. සංසාරේ හැටි තමයි (දී)
නරක වෙලාව තමයි ඉතින්. නිවන් සුව ලැබේවා! (දී)
නින්ද යන්න ඇති සමහරවිට !! (දී)
නොසැළකිලිමත් රියදුරන් හට උපරිම දඬුවම් දිය යුතුයි.නැත්නම් අහිංසක මිනිසුන් බේරාගන්න ලැබෙන්නේ නැහැ. මම 1974 සිට මෙහි පමණක් නොව, පිටරට වලත් රැකියාවට රිය පදවපු අයෙක්. කල්පනාවෙන් රිය පදවනවා නම් අනතුරක් වෙන්නේ නැති බව මට හොදටම විශ්වාසයි (නි)