ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට අයත් වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් අද (07) රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මනෝ මින්සුක අබේසුන්දර නම් එම 17 හැවිරිදි තරුණයා කියා ඇත්තේ අනතුරට පත් වාහනයේ ඇමති පාඨලී චම්පික රණවක මහතා සිටිනවා නොදුටු බවයි. එය පදවාගෙන ගියේ වෙනත් පුද්ගලයකු බව ඔහු කියා ඇතැයි පොලිස් ආරංචි කියයි.
රෝහල් ගතව සිටි මෙම තරුණයා අද රෝහලෙන් පිට වී ඇත.
මෙම පරීක්ෂණ වහා සිදු කර වාර්තාවක් ලබා දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුවෙන් වුණත් ටෙනිසන් ඔබේ අදහස සමඟ මටත් එකඟ වෙන්න සිදුවෙනවා. කණගාටුව අපේ ආණ්ඩුවට මෙවැනි පුද්ගලයන් නිසා කළු පැල්ලමක් එකතුවීම. අගමැතිතුමාට රට සෑදීමේ කටයුත්ත අද කරන්න වෙලා තියෙන්නේ මෙවැනි පිරිසක් සමඟ විම ඉතාම කණගාටුදායක තත්වයක් (නි)
මට තියෙන ප්‍රශ්නේ, බයික් එක පිටිපස්සෙන් ඇවිල්ල හැප්පුවනම්, වාහනේ ආපු එක්කෙනාගේ වැරද්දක් නැහැනේ. ඉතින් නවත්තන්නේ නැතුව ගියේ ඇයි? එතන මොකක් හරි හොරයක් තියෙනවා! (බ)
ටෙනිසන් මහතා, විරුද්ධවාදීන්ගේ ප්‍රචාර වලට පටහැනිව ස්වභාවිකව ඇත්ත මතුවනවිට එයටත් වැරදි පාඨලී මහතාද? (නි)
බලය තියනකොට මොළය නැහැ, මොළය තියනකොට බලය නැහැ (නි)
ටෙනිසන් ඉන්න තිබුණේ සෞදි අරාබියේ (නි)
යස වැඩේ චම්පිකට. දැන් තේරෙනවා ඇති අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අගය. එතුමාව පන්නා ගත්තා. ඒ කාලේ වුණා නම් ඔච්චර දුරදිග යන්නේත් නැහැ (නි)
ටෙනිසෙන් හරි කැමති ඇති පාඨලී හිරේ දානවට (නි)
මෙතන අදහස් ලියන සමහරු චම්පිකව වැරදිකාරයා කරලා දඬුවමුත් දීලා ඉවරයි. අනේ මෙහෙමත් මිනිස්සු! තමන්ගේ මතයේ එල්ලිලා ඉන්න මේ කට්ටිය හරියට අර දරුවෙකුට ඒඩ්ස් තියෙනවාමයි කියන මතය වෙනස් කරගන්න බැරුව ඉන්න පිරිසට දෙවෙනි නැහැ. පරීක්ෂණ අවසන් වෙනතුරු ඉන්න. පරීක්ෂණය වැරදි නම් අධිකරණයට කියන්න. (නි)
ජීප් රියේ පසුපස යතුරුපැදිය හප්පලා නම් සම්පූර්ණ වරද යතුරුපැදිය පදවපු කෙනාගේ. ඇමතිතුමා ජීප් රිය පැදෙව්වද නැද්ද යන්න මෙවැනි අනතුරකදී නීතියට අදාළත්වයක් නැහැ. (නි)
අබුද්දස්ස කාලේ විපරීත බුද්ධි! (නි)
යතුරුපැදිය පසුපස කොටසේ ගැටී එක් අයෙක් අසාධ්‍යවී සහ අනෙකා දින අටක් රෝහල්ගතව සිටින්නට අනතුරට පත්වී තිබියදී පලාගිය වාහනයේ රියදුරා සුපිරිසිදු එතුමා නොව අහවලා කියන්නට තරුණයා රියදුරා දුටුවේ කෙසේද කියා ප්‍රශ්න කරන්නට කිසිසේත් නොසිතමි. නින්දිතය! නිවටය! නීචය! ජුගුප්සාජනකය! එහෙත් දේශපාලකයන් බෝ පැලය. (නි)
මේ දරුවා අනතුරට පස්සේ රෝහලට ගෙනගියේ තුවාල සිදුවූ නිසානේ. දැන් එයාගේ හරි සිහිය ආවට පස්සේ සිදුවුණ දේ, දුටු දේ ගැන හොඳ දැනීමක් ඇතිවෙලා තියෙන බව පේනවා (නි)
අනේ මගේ කට! (නි)
මා හිතනවා සියලු දෙනාටම දැන් තත්ත්වය තේරුම් ගන්න පුළුවන් කියලා. ඕක තමයි අද ලංකාවේ තත්ත්වය. ඕනෑම කෙනෙක්ව මුදලට පාවලා දෙන්න අද ලංකාවේ හුඟක් අය සැදීපැහැදී ඉන්නේ. (නි)
සී සී ටී වී පරීක්ෂා කරන්න. ඇමතිතුමාගේ දුරකථනය ඒ අවස්ථාවේ හෝ ඊට ළඟම අවස්ථාවේදී කොහෙදිද පාවිච්චි කළේ කියලා හොයන්න. ලංකාව දැන් දියුණුයි. අඳුරේ අතපත ගාන්න අවශ්‍ය නැහැ. හොඳ කශේරුවක් ඇති නිලධාරීන් පමණයි අවශ්‍ය. (නි)
මෙම තරුණයා චම්පිකව දැක්කේ නැත්තම් කොහොමද දන්නේ මේක චම්පිකගේ වාහනේ කියලා (නි)
මගේ අත්දැකීම වලට අනුව ඇත්තටම මේ අනතුර සිදු වී ඇති ආකාරය අනුව ජීප් රිය පැදවූ රියැදුරු වරදක් කොට නැත. හුදෙක්ම මෙම ප්‍රකාශය කරනුයේ අනතුර සිදු වී ඇති ආකාරය අනුවයි. (නි)
මාරන්තික අනතුරකට මුහුණ පෑ කෙනෙක් ඒ කම්පනයත් එක්ක වාහනයේ හිටිය මිනිස්සු කොහොම අඳුරගන්නද? අනික ඒක කළු වීදුරු සහිත වාහනයක්. වැදගත්ම දේ වාහනය අනතුරින් පසුව නොනවත්වාම ධාවනය වීම. කොහොම රියදුරාව අඳුරගන්නද? පොලීසියත් අපි තණකොල කන ගානට හිතාගෙන ඇති. අනිත් කාරණය බයිසිකලය හැපිලා තියන්නේත් වාහනයේ පිටුපසින්. එතකොට අනතුරටපත් පුද්ගලයින්ට පිටුපසින් ඇස් තිබුනද? (නි)
සමහරුන්ට චම්පික මේකට ගාවන්න විශේෂ ආසාවක් ඇති බව පෙනේ. ඇයි විවෘතව මේ දෙස බලන්න බැරි? (නි)
මෙහෙම දේවල් වලින් වෙන්නේ රටම මුලාකරලා හොද්ද තව තව බොරකර ගැනීමයි (නි)
එදා මාධ්‍ය සාකච්ඡාවේදී හෙළ උරුමයේ දෙන්නගෙන් ඇහුවා චම්පික ඇමති ඒ වෙලාවේ වාහනයේ නැත්නම් කොහෙද හිටියේ කියලා. දෙන්නම ඇඹරුනා උත්තර දී ගන්න බැරුව. මට නම් ඒ වෙලාවෙම වැඩේ තේරුනා. බේරෙන්න කියලා මෙහෙම කතා ගොතන එක වැරදියි (නි)
බලය ඇති හැමෝම ලංකාවේ අපි මෝඩයින් ලෙස සළකන්නේ ඇයි? (නි)
අනතුරට පත් වූ තරුණයා කිව්වේ ඇත්ත. වාහනය ඇතුළේ එතුමා සිටිනවද කියලා දුටුවේ නැහැ. කොහොමද දකින්නේ, වාහනය නොනවත්වා ධාවනය කළානේ. අනිත් එක හැපුනේ වාහනයේ පසුපස. බොරැල්ල පොලිසියට යාමට අනිත් තරුණයින් දෙදෙනා අකමැතිවීම ප්‍රශ්නයක්. (නි)
ඕකට චම්පික ගාවන්න දෙයක් නැහැ. චම්පික වාහනය පැදවූ බව පහුවදාම මාධ්‍යයට කිව්වේ අර වාහනය පසුපස පන්නා ගිහිල්ලා අල්ලාගත් තරුණයෝ දෙන්නා. ඒ වෙනකොට මේ කිසිම දේශපාලකයෙක් ඔය ප්‍රශ්නය ගැන දැනගෙන හිටියේ නැහැ. අනික මේක චම්පිකගේ අමාත්‍යංශ වාහනයක් නිසා චම්පිකව මේකට අමුතුවෙන් ගාවන්න දෙයක් නැහැ (නි)
පොල් ගහපුවා වැඩකරනවා වගෙයි. තව මොනවා වේද ඉස්‌සරහට. (නි)
වාහනය ඒ වෙලාවේ ඔටෝ ෆයිලට් මොඩ් එකෙන් තමයි පාරේ ගිහින් තියෙන්නේ. ඒකනේ හැපිලත් නොනවත්වාම ගිහිල්ලා තියෙන්නේ. හරියටම කියනවා නම් කරත්තේ පදින මනුස්සයාට නින්ද ගියාම ගොනා ගෙදරට කරත්තේ අරන් එනවා. ඒ වගේ මේ වාහනේ ගෙදරටම ඇවිල්ලා. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඔච්චරම අවංක නම් ඇයි වාහනය නවත්වන්නේ නැතුව ගියේ? එක බොරුවක් වහගන්න බොරු ගොඩක් කියනවා වගේ. හැපුන දරුවා ගැන මෙයාලට වැඩක් නැහැ වගේ. ඇමතිතුමා වේලාසනින් කිව්වා අපේ අමාත්‍යංශයට අයිති වාහනයක් ගමනක් යනකොට කියලා. දැන් ඇමතිගේ රියදුරුලු. අපි මෝඩයෝ කියලා හිතාගෙන ඇති. වාහනය පිටුපසින් හැපුනහම අපි දන්නා විදියට නම් පිටුපස කෙනාගේ වරද. ඇයි පැනලා ගියේ? (නි)
මේක මාධ්‍යයටත් කරන තර්ජනයක් කියලා තමා කියන්න වෙන්නේ. පුවත්පතක් එදිනෙදා වෙන සිද්ධි වාර්තා කිරීම වරදක්ද?අපි යහපාලනය රටට ගෙනාවේ මාධ්‍ය නිදහස උපරිමයට දෙන්න නේද? (නි)
ඉස්සල්ල හොයන්න ඕනි මේ පසුපැදිකරු කළු වීදුරු තුලින් දකින්නේ කොහොමද කියල. කියන්න බැහැනේ මෙයාට බිත්ති හරහා බලන්න පුලුවන්ද කියලත්. තමුන්වම ගස් බැඳගත්ත මිනිස්සු ඉන්න මේ රටේ මොනවා වෙන්න බැරිද? (බ)
පොලිසිය හරියට පරීක්ෂණ කළා නම් ඇමතිගේ ජංගම දුරකතනය එම අවාස්තාවේ සිද්ධිය වුන ස්ථානය ළඟ දුරකථන කුළුණු වල රෙජිස්ටර් වෙලාද කියල බලාන්න ඕන. ඇමති එතන හිටියේ නැත්නම් බොහොම ලේසියෙන් එතුමාට නිදොස් බව ඒ මාර්ගයෙන් ඔප්පු කළහැකි. දෙවනුව සාක්ෂි කරුවෙක් පැහැදිලිව සැකකරු හඳුනගත්තම පොලිසිය කළ යුත්තේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි. දැන් වෙලා තියෙන්නේ පොලිසියම නඩුව අහන තත්වයක්. ලංකාවේ මිනිස්සුන්ට කවදා මොලේ පැදෙයිද දන්නේ නෑ (බ)
දැන් ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. (හේ)
පෙරේරා, ඔබ වාහනයක් පදවන කෙනෙක්ද? එහෙනම් පොලිසිය කියාවිනේ වැරදිකාරයා පිටිපස්සේ ආ කෙනා ඇමතිතුමා ජීප් රිය පැදෙව්වද නැද්ද යන්න මෙවැනි අනතුරකදී නීතියට අදාළත්වයක් නැහැ කියලා (නි)
කුෂාන්. මේක පිටිපස්සෙන්ම නෙවේ හැප්පිලා තියෙන්නේ. පිටිපස්සේ පැත්තක. එක වෙන්න පුළුවන් වාහනය ඉස්සර කරලා බයික් එක පැත්තට කැපුවහම. අනිත් එක චම්පිකව අඳුනගෙන තියෙන්නේ පිටිපස්සෙන් ආපු අනිත් බයික් එකේ අය. අනිත් එක තමන්ගේ අතේ වැරද්දක් තනිනම් නවත්තන්නේ නැතුව ගියේ ඇයි? පිටි පස්සෙන් ඇවිල්ල හප්පුවනම් බය වෙන්න දෙයක් නැහැනේ. එත්, ඉන්ෂුවරන්ස් ක්ලෙම් එකත් එපා කියල පැනලd ගියේ ඇයි?(හේ)
කුශාන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. අනේ වාහනයක පසුපස හැපුණු පමණින්, පසුපසින් අ පුද්ගලයා වරදිකරුකරන්නේ කොහොමද ? මේ හැපුණු ස්ථානයේ විදියට ඉස්සර කිරිමකදී වුනත් මෙහෙම පෙන්න පුළුවන්. කෙසේ වෙතත් හැපුණු පුද්ගලයා ගැන නොසොයා පලායාම බරපතල වරදක්. ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඇති අවස්ථාව නොසලකා හැරීමක්. (හේ)
පිටිපස්සෙන් ඇවිල්ල නම් හැප්පුවේ, ඇයි නවත්තන්නේ නැතුව ගියේ?(හේ)
"අනතුරට පාදක වූ ඔස්ට්‍රියාවේ නිපදවා ඇති එන්ජින් ධාරිතාව 1000 සිසි වන කේ.ටී.එම් 990 වර්ගයේ යතුරු පැදිය මෙරටට ගෙන ආ ආකාරය ,මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ ආකාරයයි.(හේ)
මේ සිද්ධියේ දෙපැත්තේම වැරැදි තියෙනවා.(හේ)
හැප්පුන කෙනා දැක්කේ කොහොමද එලවපු එක්කෙනා අනික නවත්වන්නේ නැතුව ගිහිල්ලනේ පිටිපස්සෙන් ෆලෝ කරපු අයනේ දැකල තියෙන්නේ එලවපු කෙනාව (බ)
"රුපියල් මිලියනයකට අධික රේගු බදු මුදලක් ගෙවා ආනයනය කළ යුතු අධි බල යතුරු පැදියක් රේගුවේ ඇස් වසා රට තුලට හොරෙන් ගෙන්වා, හිරේ විලංගුවේ නොවැටී රුපියල් 25000 ක් වැනි සහන මිලකට ලියාපදිංචි කර ගැනීම සඳහා අගනා අවස්ථාවක් ලබාදී තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වක්‍ර බදු සහනය මැදමූලන අප්පච්චී විසින් උපක්‍රමශීලී ලෙස ලබාදෙනු ලැබුවේ තම දරුවන් සමග රේස් පැදීමට හිත ඇති මුත් බදු ගෙවා හෝනට්, ඩුකාටි, සුසුකි, කේ.ටී.එම්, යමහා වැනි මෝටර් සයිකලයක් මිලදී ගත නොහැකි තම දරුවන්ගේ ‘දුප්පත් මිතුරන්‘ වෙනුවෙනි".(බ)
නන්දලාල් පසු පැදි කරු කියන්නේ පිටිපස්සේ වාඩිවෙලා යන පුද්ගලයාට (බ)
අනතුරට පාදක වූ ඔස්ට්‍රියාවේ නිපදවා ඇති එන්ජින් ධාරිතාව 1000 සීසී වන කේ.ටී.එම් 990 වර්ගයේ යතුරු පැදිය.........දුප්පත් කොල්ලෙක් වෙන්න ඇති මගේ හිතේ. (බ)
මේ ගැන විදිමත් පරික්ෂණයක් ආරම්භ කරන්න.(හේ)
දඩ මස් ගොරක කරලා තියෙන්නේ ....(බ)
එ්කත් වැරදුනා වගෙයි...(බ)
මිනිසුන්ට මඩ ගහන එක තේරුමක් තියෙන ඕන , වාහනේ පිටිපසෙන් වැදුනම වැහෙන එලවන කෙනා වැරදි කොහොමද.(හේ)
දෙවියනි ඔබ කොහෙද?කියලා තමයි අහන්න වෙන්නේ, (හේ)
අයියෝ සල්ලි, අර ගම්මන්පිල කොහෙද....? (බ)
දේශපාලන පසුබිම කෙසේ වෙතත් මෙතෙක් මා සිතා සිටියේ පාඨලී චම්පික යනු සුදු චරිතයක් ලෙසයි.සුදු චරිත ලෙසට සමාජයේ වැජඹෙමින් රහසින් පස් පවෙහි ඇලෙන්නා ,මා මිනීමරුවෙක්ය හොරෙක්ය, සල්ලාලයෙක්ය , බොරුකාරයෙක්ය, සුරාසොඩෙක් යයි පිළිගන්න තැනැත්තාටත් වඩා කළු චරිතයකි. කිසිදු විශ්වාසයක් නැති හෙයින් ඉතා ඈතින් තැබිය යුත්තෙකි. පාඨලී ඒ ලේබලයට ඔබ කැමතිද? (බ)
විරුද්ධ පක්ෂයේ කෙනෙක්ගෙන් වුණ නම් අද වැලිකඩ හිරගෙදර. කොහොමද යහපාලනය. බලය සහ සල්ලි. (බ)
නීතියෙ හැටියට මේ බයිසිකලය අවසර තියෙන්නෙ රේස් පදින්න විතරයි මහා මාර්ග වල පදින්න තහනම්. පිටිපස්සෙ කොනේ වැදිල තියෙන්නෙ. ඒ කියන්නෙ බොහෝදුරට වැරැද්ද තියෙන්නෙ බයික් එකේ. නිකන් අනුකම්පාව ගන්න හදන්න එපා. ඇත්ත ඒකයි. වෙිගෙන් යන 1000 CC බයික් එකක්නෙ. වේගෙ පාලනය කරගන්න බැරුව පිටිපස්සෙ අනින්න ඇති. තහනම් බයික් එකක් නිසා නඩුවෙදි වුනත් සෑහෙන අවාසි වෙයි. (ර)
අවුලක් නැහැ. අපේ ආණ්ඩුව ආ ගමන් අරින කේස් වල පළවෙනි තැන අපි ඕකට දෙන්නම්. ඇසින් දුටු සාකි නැති ඔප්පු කළහැකි වෙන කිසිදු සාක්කියක් නැති තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් වුණා නම් ඇසින් දුටු සාක්කි සහිත මේ සිදුවීම මොන අකාරයෙන් යට ගැහුවත් අපි උඩට මතුකරලා ගන්නම් (නි)
මෙතන අදහස් ලියන එක් කෙනෙකුටවත් තේරෙන්නේ නැති හැටි මාර්ග අනතුරකදී අනතුරට ලක්වෙන කෙනාගේ කට උත්තරයෙන් එහි පරීක්ෂණයට තියෙන වැදගත්කම. එයා රෝහලෙන් පිටවෙලත් ගිහින් නම් දැන් මාරාන්තිකයි කියපු කෙනාට මොකද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම දේශපාලන උප්පරවැට්ටි කියලා දැන්වත් තේරුම් ගන්න (නි)
හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)
ඕවා මොනවද? කැමැත්තෙන් ගස් බැඳගත් අයත් හිටියේ. ඕක තමයි අපේ රටේ දේශපාලනය. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
මහින්ද අසල සිටි කිසිවකු සුදු චරිත නොවේ (නි)