වාහනයක් ගැනීමට රත්තොට සිට ආනමඩුව ආඩියාගමට ගිය පරිසකගේ රුපියල් විසි තුන් ලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මේ පිරිස වාහනයේ නංවාගෙන එහි හොද නරක පෙන්වීමට යන මුවාවෙන් ගොස් ඔවුන් ළඟ තුබූ මුදල් කොල්ලකා ඔවුම් මග දමා පලා ගොස් ඇතැයි පොලාසියට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව විස්තර ටිකක් දානවද? (දී)
ලංකාවේ තවමත් මෙහෙම මෝඩ වැඩකරන මිනිසුන් ඉන්නවනේ.. මේවගේ ලොකු මුදලක් අනාරක්ෂිතව ගෙනියන්නේ නැතුව.. මෙයාලට මෙම ගනුදෙනුව බැංකුවක් හරහා කරන්න තිබුනා ඉතාමත් ආරක්ෂා කාරීව. (දී)
මේක තම අලුත්ම මංකොල්ල කන ක්‍රමය දෙන, එකෙන් වෙන්නේ වාහන විකුණා ගන්න බැරිව යන එක. (දී)
ලෙහෙසියෙන්ම හම්බ කරපු දේවල් වෙන්න ඇති ලෙහෙසියෙන්ම ලිස්සල යන තැනට කටයුතු සිද්ද උනේ. සාදාරන මුදල් වලට කවදාවත් මේ වගේ සිද්ද වෙන්නේ නැහැ. මෙය ධර්ම දීපයකි (දී)
පද්මා මේකනේ වැඩේ. වැඩි තණ්හාවට ගියාමනේ ඔහොම වෙන්නේ. ඔය බැංකුවක් හරහා ඔය ගනුදෙනුව නොකරන්න හේතුව තමයි ඔය සල්ලි බැංකුවට වැටුණම ආදායම් බදු වලට අහුවෙයි, වියදම් කපාගනී කියන බය. තාම ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නේ පුරාණ කාලේ. (නි)
ඔය වගේ ගනුදෙනු වලදී කරන්න තියෙන හොඳම දේ තමයි වාහනය ගන්න සහ විකුණන්න කැමති නම් දෙගොල්ලම එකට වාහනෙත් අරගෙන බැංකුවට ගිහින් ගන්න කෙනාගේ ගිණුමෙන් විකුණන කෙනාගේ ගිණුමට බැංකු නිලාදාරින් ඉදිරියේ සල්ලි බැර කරලා වාහන ලියවිලි සහ වාහනේ අරගෙන ගෙදර එන එක. මම ඉන්න රටේ නම් හැම බැංකු ශාඛාවකම මේ වගේ වාහන, ගෙවල් සහ වෙනත් ලොකු මුදල් ගනුදෙනු වලදී ඒක දෙපාර්ශවයටම හිතේ හැටියට කරගන්න වෙනම ලස්සන කාමරයක් වෙන් කරලා තියෙනවා. බැංකුවේ නිලධාරී මහත්තුරු ඒ කාමරේටම ඇවිල්ලා කෑම , බිම වලින් සංග්‍රහ කරලා තමයි මේ ගනුදෙනුව කරලා දෙන්නේ.ඒකට ලංකාව? සල්ලි ගන්න නෙමෙයි බැංකුවකට ලක්ෂ ගානක් සල්ලි දාන්න ගියත් පෝලිමේ රස්තියාදු වේවි ඉන්න එපැයි. (නි)
මේක ශ්‍රී ලංකාව පුතා වැඩ පස්සමෙන්. (දී)
මෝඩ මංකොල්ලයක් (නි)
රන්ජිත් සිල්වා ආවනම් මේ පැත්තේ ඔයා සදරනවා හම්බකරපුව විතරක් නෙමේ මහන්සියෙන් පරිස්සම් කරගෙන හිටි තව දේවලුත් නැති වෙන්ඩ වැඩ කරලා දෙන්ඩ පුළුවන්.(නදී)
ඕක සුළු දෙයක් ගණන් ගන්න එපා
ඔය පටන් ගත්ත විතරයි ඉදිරියේදී ඇදන් යන ඇදුමත් ගලවාගෙන උස්සන් දුවන කාලයක් එනවා හරියට පිලිපීනයේ වගේ.
බැංකුවකින් පේ ඕඩර් එක්කක් අරගෙන්න ගියානම් ඔය මොකුත් නැහැ නේ (දී)
අපේ අය මුදල් හදල් හම්බ කරන්න හරි දක්ෂයි. ඒත් අතට ගන්න මුදල නිසි විදියට කළමනාකරණය කරගන්න උනන්දු නොවෙන එක තමයි පේන්න තියෙන දුර්වලකම.(නදී)
මේක පෙම්වතියකගේ රගපෑමක් ලු, ඇයි අපි කලබල.(නදී)
මම නම් හිතන්නේ මේකට ප්‍රධාන හේතුව වැඩිහරියක් තමත් නිකන් ඉඳල මුදල් හොයන ක්‍රම සමහරු අතපය හොදට තියාගෙන හිග කනවා හොර මදල් අච්ග්ච්ගුගහන්ව, මංකොල්ල කනවා, මත් කුඩු වෙලදාම්, පුරාවස්තු විනාස කර නිදන් හැරීම, කොමිස් ගැහිල්ල හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මංකොල්ල කන්නේ සමහර දෙසපල්ච්නොයෝ එතකොට දහදිය මහන්සිය ව්ගුරෝවගෙන රටට බත්දෙන ගොවියාගේ අස්වැන්න මුදලාලිලා මංකොල්ල කනවා මේ වගේ පරිසරයක හොද මනුස්සයකුට මේ රටේ නිදහසේ ජිවත් වෙන්න ඉඩක් ලැබේද? (අ) ,
මෝඩ කතා කතා කරන්න එපා .මම ගියපාර ලංකාවට යනකොට ගෙට හොරුපැනලා එයාල මට කියන්නේ නැතුව නැතිවුණු බදු අපහු අරගෙන මම ගියාට පස්සේ මට කිව්වේ .(දී)
ලේසි ක්‍රම තියාගෙන මිනිස්සු මේ වගේ මෝඩ වැඩ කරන්නේ ඇයි අප්පා. (දී)
හේරත්, ඔබට සුබ උදෑසනක් !! ඔයා අද උදෙන්ම මාව හිනැස්සුවා .,, ඇත්තටම කෙල්ල කෑවේ මොනවද ඔයා හිතන්නේ !!!! මං නම් දන්නවා. ඒත් කියන්නෙම නැහැ. නැහැ නැහැමයි. (ස)
මෙයාල වාහන හොරුන්නට අහුවෙලා. බයවෙන්න දෙයක් නැහැ මේ හොරකම අල්ලන්න ලෙහෙසිවෙයි පොලිසියට මොකද මෙයිට වඩා වැඩ අපේ සමෘධි නිලදරින්ගේ සම්බන්ද හොරකනුත් අල්ලුවනේ. අනේ ලංකාවට ගිය කලක් (දී)
මෙය සිදුවන්නේ මුදල් අතේ රේගෙන යාම නිසා . මේ වෙනුවට බැංකුවක් මගින් සහතික කරන ලද අදාළ ව්‍යාපාරයට හෝ නමට චෙක් පතක් රේගෙන යනවා නම් මෙය කවද වත් සිදුවේ නැත . වෙනත් රටවල සිදුවන්නේ බැංකුවක් මගින් සහතික කර නිකුත් කරන චෙක් පතක් ලොකු මුදලක් වෙනුවෙන් . මුදල් මෙහම රැගෙන යාමත් දීමත් හොරුන්ට වාසියක් ගෙනදේ . විශාල ප්‍රමාණයේ මුදල් මගින් කරන වෙළදාම නීතියෙන් නතර කරොත් කුඩු සල්ලි කසිප්පු සල්ලි හොර සල්ලි වලට ඉබේම දොර වෙසේ (දී)
මේනකා ඉතාලිය, ඔබ හරි. කවුද කැමති දාඩිය මහන්සියෙන් හම්බකරපු රට සල්ලි රාජ්‍ය බැංකුවකින් හොඳටම රස්තියාදු වෙලා අඩු මුදලට මාරු කරගන්න (නි)
අම්මප සල්ලි කොල්ල කාලා. කෙල්ල මොනවද බොලන් කෑවේ?(නදී)
සරෝජ්, ඔන්න ඔය ටික අපේ මිනිස්සු කවදා තේරුම් ගනීද? අද කාලේ රුපියල් 23 ලක්ෂයක් අරගෙන නාඳුනන මිනිස්සුත් එක්ක යන්න සෑහෙන මොලේ කොලොප්පන්වීමක් තියෙන්න ඕනෑ. නොදැනුවත්කම නෙමෙයි මේක නොසැළකිල්ල සහ මෝඩකම. (නි)
මම මෙවර නිවාඩුවට ලංකාවට ගිය වෙලේ දෙහිවල රාජ්‍ය බැංකුවකට යන්න උනා යුරෝ 300ක් මාරු කිරීමට . මට එය මාරු කර ගෙනිමට පැයකට අධික කාලයක් ඔවුන් වැය කරා. මුදල් නෝට්ටු වල අංක එකින් එක කොලයක ලියමින් පාස්පෝර්ට් එකේ ෆොටෝ කොපි ගනිමින් පසුව එය වෙනම මුදල් කවුන්ටරයක යොමු කර. එහෙත් මට ලැබුනේ යුරෝ එකට රුපියල් 128 ක් සත 94 ගානේය. සතියකට පසු මම මගේ යාළුවකු සමග කොටුවේ මුදල් මාරු කරන පොඩි කාර්යලකට ගියෙමි. ඉතාම ඉක්මනින් විනාඩි 7 ක් වැනි කාලයකින් මට මුදල් මාරු කර දුනි. යුරෝ එකට 172.හා සත 25 ගානේ මට ලැබුනි. ඔවුන් මගේ ගමන් බලපත්‍රයවත් බැලුවේ නැත . මෙයින් පෙනේනේ රජයට විදේශ මුදල් සම්බන්දව කිසිම පිළිවෙතක් නැති බවය . රජයේ බැංකුවට වැඩිය ඉහල මිලක් පුද්ගලික තැන් වලට ගෙවන බවය.(නදී)