මෙතෙක් රජයෙන් දුන් වාහන ආනයන තීරුබදු බලපත්‍රය මෙවර අයවැය යෝජනා මඟින් අහෝසි කිරීමට එරෙහිව වෛද්‍යවරු පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සම් හයක් ගොනු කළහ.
මුදල් ඇමතිගේ හා එම අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් සහ එම වාහන බලපත්‍රය ලබාදීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ඔවුනට බල කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් ද නිකුත් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජේ.යූ.ඩී.බී.ජයසුන්දර ඇතුළු වෛද්‍යවරුන් 28 දෙනෙක් මෙම පෙත්සම් ගොනු කළහ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම වගඋත්තරකරුවෝය.
මුලින් අය වැය යෝජනා කරමින් මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු මෙතෙක් තීරුබදු බලපත් ලැබූ නිලධාරයන්ට බලපත් අහෝසි කරන බව පැවසූවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව පැවසුවේ දෙවරක උපරිමයකට යටත්ව වසර දහයකට වරක් එම බලපත්‍රය නිකුත් කරය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් තීරු බදු සහන දිය යුතු නැ. ලොක්කන්ට ලොකු පඩි. (ම)
දොස්තර මහත්වරු හැමදේම වර්ජනය කර ලබාගන්න හදනවා. ලෙඩුන්ට මොනවා වුණත් එයාලට කමක් නැහැ. සුදුසු අය ඔය රැකියාවට එනතුරු ලෙඩුන්ගේ ජීවිත ඇපයට තබා එයාලට අවශ්‍ය දේ ලබාගන්න එක නවතින්නේ නැහැ. (නි)
වෛද්‍යවරු යනු දැඩි කැපවීමකින් එතනට පැමිණි සහ මානව ජීවිත රැකීම පිළිබඳ වගකීමක් ඇති විශේෂිත එකම වූ වෘත්තීය වේදීන් වේ . එමනිසා ඔවුනට වරප්‍රසාද පිළිබඳව පොදු ජනතාවනට වඩා යම් විශේෂයක් තිබිය යුතුයි. නමුත් ඔවුන්ද මිනිසුන් බැවින් ඒවා අවභාවිතා කිරීමට පෙළඹේ. එබැවින් අගමැති තුමාගේ අය වැය සංශෝධිත යෝජනාව ඉතා සාධාරණ යි. (ර)
මම දන්නා පරිදි මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා මොවුන්ට සිදුවී ඇති දැඩි අසාධාරණයක් නිසාය. (නි)
රජය මගින් ගත්තා වු මේ තීරණය වඩාත් යෝග්‍ය තීරණයක් වසර 05 කදි වාහනයක් ක්‍ෂයවිම සිදු නොවන අතර, වසර 05 කට වරක් ලබාදිමෙන් එය දැරිය යුත්තේ ජනතාවමයි. වෛද්‍යවරුන් ඔවුන් ලැබෙන පර්මිට් එක විකුණාගෙන මුදල් හෙවිමයි බලාපොරොත්තුව. මේ තිරණය වඩාත් හොඳයි...(බ)
එනකොට මේවා පොරොන්දුු වලට කියලා ආවනම් කරදරයක් නෑනේ. (ර)
මෙය වඩාත් උචිත සහ ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් ඔබගේ විරෝදය ප්‍රකාශ කිරීම සදහා,. වැඩ වර්ජන වෛද්‍ය වෘර්තියට අමානුෂික මුහුණුවරක් සහ කළු පැල්ලමක් එක් කරනවා. (ර)
මෙතන ලොකු ලොකු අදහස් දක්වන මහත්වරුන්න්ට මොනවහරි මෙතෙක් කලක් ලැබිල තියෙන දෙයක් අයින්කරන්න හැදුවොත් නිකන් උඩබලාගෙන අනේ රට වෙනුවෙන් කියලා නිකන් ඉදිවී. (ර)
දොස්තරකමත් කොන්දොස්තරකම මෙන්ම තවත් එක රැකියාවක්ම විතරය. ඕකේ විශේෂ උගත් කමක් වත් බුද්ධිමත් කමක්වත් නැත්තේය. තනිකර බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක්ය. (බ)
අරෙහෙ මිනිස්සු කන්න අදින්න නැතුව ඉන්නවා. අපි වගේ දුප්පත් සියලු මිනිසුන් මෙවැනි වරප්‍රසාදිත සහිත වූ මේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ වර්ජන වලට එරෙහි විය යුතුයි.ඔවුන්ව පරාජය කල යුතුයි. තව තවත් පීඩිත මිනිසුන් සවිමත් කළ යුතු වකවානුවක මොවුන්ගේ වර්ජන වලින් තැලෙන්නේ ඒ බදු ගෙවන මිනිසුන්ම නිසා මෙවැනි දේ හෙළා දැකිය යුතුයි. (බ)
අපි පිටරට අවුරුදු 20ට වඩා වැඩකරලා තාමත් අපිට වාහන බලපත්‍රයක් නෑ (බ)
මෙය දීම අනිවාර්ය දීමක් නොවේ. (ර)
එතකොට එක අයිති මන්ත්‍රීලාට විතරද.? (ර)
ලංකාවට වැඩිපුරම විදෙස් විනිමය ලැබෙන්නේ විදෙස් රටවල් වල සේවය කරන ශ්‍රමිකයන්ගෙන් කියලා පම්පෝරි ගහන ආණ්ඩුවේ ලොක්කෝ මොනවද ඒ අයට දීලා තියෙන්නේ? කුමාර්, ඔබ හරි. දරුවෙකුට රස්සාවක්වත් සුදුසුකම් වලට දෙනවද? (නි)
කුමාර් ගේ අදහස හරි . මමත් විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ලකාවට අවුරුදු ගානක් එවල ඇති. නමුත් ලොකු ටීවී එකක් ගේන කොට බදු ගහන්න හදනවා. නමුත් රට කන 9 පන්තිය සමත් නැති දේශපාලුවන්ට බදු සහන . කාටද මේවා කියන්නේ (බ)
මෙහෙම වුනාම දොස්තරලා රට දාලා යනවා .....(බ)
අපිටත් කලකට ඉහත නිකන් හාල් සේරු දෙකක් ලැබුනා. එ්ක හිග එක්ක ඉල්ලලා නඩුවක් දාන්න ඕනෑ. (බ)
මන්ත්‍රී කෙනෙකුට දෙන වරප්‍රසාද ඇයි වෛද්‍යවරුන්ට දෙන්න බැරි? (නි)
බටහිර බෙහෙත් වලින් මෙයාලා හම්බකරන ටික මදිද? තව මොකටද කාර් පර්මිට්? (නි)
එහෙනම් පුද්ගලික වෛද්‍ය සේවා වලට ආදායම් බදුත් අයකරමු (නි)
මෙය දීමෙන් මහජනතාවට බරක් දැරීමට සිදුවන්නේ කෙසේද? මා දන්නා පරිදි මෙය 100% බදු රහිත නොවේ. මන්ත්‍රීලට දෙනකොට ප්‍රශ්නයක් නැද්ද? ලංකාවට වැරදුනේ මෙතනය. තමුන්ගේ දියුණුවට වඩා අනෙකාගේ දියුණුව රුස්සන්නේ නැතිවීමය. (නි)
අනේ මන්දා මේ ප්‍රශ්නයේ කෙළවර මොකක්ද කියලා (නි)
හැමදේම නිකම් දෙන්න පුලුවන්ද? මොවුන් පිනට ඉගෙනගෙන රටට නොමිලයේ කරන සේවය කුමක්ද? (නි)
හේමන්ත රණවක, ඒ කාලේ "සහල් සලාකය නොමිලේ, අධ්‍යාපනය නොමිලේ, මෙහෙම රටක් වෙන කොයින්ද" කියලා ගුවන් විදුලියෙන් විරිදු ප්‍රචාරය වුණා නේද? (නි)
මෙය දියයුතුයි. ඔය මේකේ කෑගහන හැමෝම අසනීප වුණාම අනේ මාව හොඳකරලා දෙන්න කියලා කියන්නෙත් ඔවුන්ටමයි. (නි)
මාත් දන්න දොස්තර කෙනෙක් ඉන්නවා පර්මිට් එක ලක්ෂ ගණනකට විකුණපු. සම්මුඛ පරීක්ෂයකදී කියලා තිබුණා නේද පර්මිට් වගේ පහසුකම්වල වාසිය අන්තිමට ලැබෙන්නේ රෝගීන්ට කියලා. එහෙම කියලා වෙලාවට බෙහෙත් දෙන්න එන දොස්තරලා කෝ? අනික් අතට පර්මිට් විකුණපු සල්ලි වලින් රජයේ රෝහල් වලට පහසුකම් ලැබෙන්නේ කොහොමද? බොරු තර්ක. දොස්තරලා කරන්නේ තමන්ගෙ වාසියට වැඩවර්ජන කරන එක (නි)
ලංකාවේ දොස්තරලාට විතරක් මොකක්ද විශේෂයක්? මේ විදියට සහන දෙන්න ගියොත් ලංකාවට වෙන්නේ හැමදාමත් ලෝකයට අතපාන්න. මේගොල්ලන්ට දෙන්න ඕනෑ බදු සහන නෙමෙයි, උපයන විදිහට බදු ගෙවන ක්‍රමයක් (නි)
ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද වලට වඩා වැඩියමක් වෛද්‍යවරුන්ට දියයුතුය (නි)
කසුන්, ඔබේ අදහසින් ඔබ කවුද කියා අපට සිතාගත හැකිය (නි)
වෛද්‍යවරු යනු දැඩි කැපවීමකින් එතනට පැමිණි අයයි. ඔවුන්ට සමාජයෙන් ලැබෙන ගෞරවය, හොඳ වැටුප් යනාදිය නොඅඩුව ලැබේ. වාහන බලපත්‍ර දෙනකොට ඒ බරත් යන්නේ දුප්පත් මිනිසුන්ගේ පරිප්පු 250 න් ගන්නා බද්දෙනි. මේ රටේ කාටවත් තීරුබදු රහිත බලපතු දෙන්න එපා. විශේෂයෙන් මැති ඇමතිවරුන්ට. සහනාධාර, විශේෂ වරප්‍රසාද කාටවත් නොදිය යුතුයි. (නි)
කාට කාටත් තීරුබදු රහිත බලපත්‍ර දෙද්දි ඒ බර යන්නේ දුප්පත් ජනතාවට. එහෙම නැතුව මුදල් ඇමතිගෙන්වත්, ජනාධිපතිගෙන්වත් නෙමෙයි. ඉගෙනගත්තා නම් එයට සරිලන වැටුපක් ලැබෙනවා නම් ඒ ඇති නේද? ඇයි මේ දුප්පතාගේ තුට්ටු දෙකෙන් අඩුවට වාහන ගන්න යන්නේ? මෙය වැරදියි. (නි)
නියමිත මිල ගෙවා තමන්ට වාහනයක් ගන්න බැරි කොටසක්ද මේ වෛද්‍යවරු සහ ඇමතිවරු කියන්නේ? ඇයි දුප්පතාගෙ පහනින් එළිය බලන්න හදන්නේ? (නි)
ඉගෙනගත් අයට තීරුබදු රහිත වාහන දෙන්න. ගොවින්ට පුළුවන්තරම් සහනාධාර දෙන්න. රස්සාවක් නොකරන අයට තව තව දීමනා දෙන්න. හැමදේම නොමිලයේ වගේ දෙන්න බලන්න. මේ හැමදේම දෙන්න තිබෙන්නේ අපෙන්ම එකතුකරන බදු මුදල් වලින් කියලා අමතක කරන්න. එතකොට රට හොඳට දියුුුණුවෙයි. අපේ රටේ බහුතර අය බලන්නේ නිකන්ම ඉඳලා මොකුත් නොකර ගන්න විතරයි. (නි)
ඉගෙනගත් අයට ඊට සරිලන, රටට දැරිය හැකි පඩියක් දෙන්න, නිසි වෘත්තිය ගෞරවය දෙන්න කියලා මිස තීරුබදු රහිත වාහන දෙන්න කියලා කොහේද තියෙන්නේ? මේවා මේ කලින් සිටි අය තම තමන්ගේ වාසියට හදාගත් දේවල්. ඇමතිවරු ගන්න ගමන් වෛද්‍යවරුන්ටත් දුන්නා. දැන් ඒවා අයිතිවාසිකමක් කරගෙන. මේ ක්‍රම වෙනස් කළයුතුයි. (නි)
මන්ත්‍රීලට දෙනකොට ප්‍රශ්නයක් නැද්ද. ඔවුනට වරප්‍රසාද පිළිබඳව පොදු ජනතාවනට වඩා යම් විශේෂයක් තිබිය යුතුයි. ඔවුනට වරප්‍රසාද පිළිබඳව පොදු ජනතාවනට වඩා යම් විශේෂයක් තිබිය යුතුයි (බ)
කෝනාර. ඔබ හරියට හරි.එසේම සුමිත්‍ර බස්නායක ,කුමාර් දෙදෙනාගේත් අදහස් වලට එකගයි. මමත් 1984-2000 දක්වා අවුරුදු 16 මද පෙරදිග රැකියා කර විදේශ මුදල් ලංකාවට එවපු අය.අපට තවම වාහන බලපත්‍රයක් ලබා දුන්නේ නැහැ. (බ)
ජගත් , ඔබේ මේ කියමන ඉතා වැරදි සහ අනෙකුත් වෘත්තීන්ට අපහාසාත්මක අයුරක් මම දකිමි. ජීවිත පිළිබඳ වගකීම ඇති එකම වෘත්තීය මෙය නොවේ. රියදුරාගේ සිට ගුවන් නියමුවා දක්වා සියලුම දෙනා මෙයට අයිතිය. (නි)
සුබ පැතුම් ඔබට. සමහර නිතිඥයන් නඩු දිනයට ඇවිත් කිසියම් ලේඛනයක් භාර දෙන්න දිනයක් ගන්නවා මාස 4 ට පමණ පසුව එන. ඒ මාස 4 ගියාට පස්සෙ නඩු දිානයට ඇවිත් කියනවා මම සුදානම් නැහැ තව දිනයක් දෙන්න කියලා. ආයිති මාස ගානක් කල් යනවා. මේ වගේ අයට මොනවද කරන්න ඕනෙ කියලා දන්න කෙනෙක් කියලා දෙන්න. (බ)