මීට පෙර පත් වූ සෑම රජයක්ම වාගේ මේ ආණ්ඩුව ද රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද හා සහනාධාර කප්පාදු කිරීම අරඹා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන්ද සොයිසා මහතා කියයි.
අයවැයෙන් තීරු බදු සහන වාහන බලපත් නැවැත්වීම එයි පළමු පියවර බව ද ඔහු පවසයි.
වාහන බලපත් නැවැත්වීම ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සොයිසා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහකයෝ ටිකක්. මට නැත්නම් අනිත් මිනිහාටත් ලැබෙන්න ඕනෑ නැහැ (නි)
තල වැපිරුවොත් තල, උඳු වැපිරුවොත් උඳු. (ර)
දොස්තර කෙනෙක් වෙන්න පෙර ඕවා නොදැනද වැඩ කරන්නේ? එතකොට නම් තිබෙන්නේ ලෙඩුන්ට සළකන්න අපමණ ආසාවක්. දැන් කියනවා හදිස්සියක් වුණාම රෝහලට යන්න වාහන ඕනෑ කියලා. ඒවා දැනගෙන නෙමෙයිද ඔය රැකියාවට එන්නේ (නි)
දොස්තරලාට දී තිබෙන වරප්‍රසාද හොඳටම ඇති (නි)
කවුරු කොහොම කිව්වත් ලංකාවෙ තමයි කුහකම මිනිස්සු ඉන්නේ. මේ අදහස් ටික බැලුවහම ඒක හොඳට පේනවා. ඔය ලොකු ලොකු කතා කියන හැමෝම නිදහස් අධ්‍යාපනය ලබපු අය කියලා දැන් අමතකවෙලා. ඒ කාලෙ කොයිතරම් උත්සාහ කරන්න ඇද්ද දොස්තර කෙනෙක් වෙන්න? පුලුවන් අය එහෙම වුණා කියලා මේ විදිහට වෛර කරන එක කොයිතරම් සාධාරණද? (නි)
දොස්තරලා වැඩිය කරන්නේ පෞද්ගලික සේවය. (ර)
දොස්තරලා වැඩිය කරන්නේ පෞද්ගලික සේවය. දොස්තරලා නොමිලේ බෙහෙත් දෙන්නේ නැහැ.වැටුපක් ලබනවා. එහෙනම් මොකටද අනිත් ශ්‍රමිකයට නැති සහන මේ අයට? මේ අයවැයෙන් වුණ හොඳම දේ තමයි ඔය. දැන් ලෙඩ්ඩු ටික ප්‍රාණ ඇපයට තියාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලයි. (නි)
අවුරුදු 10 කට වරක් එකක් දෙන්න. ඒ වගේම දැඩි නීති පනවන්න, අන්සතු කරන්න බැරිවෙන විදිහට. ඒහෙම නීති පනවලා, නැවත අවලංගු කරනවා නම්, නොදීම ඉන්න. (ර)
නාමල් හරි. දොස්තරලා ගොඩක් අය සල්ලි හොයන අය. වාහන බලපත්‍ර දොස්ටරලට දෙන්නේ එපා. (ර)
මාර වැඩක්නේ මේක, කිසිම බද්ධක් නොගෙවා පඩියත් අරගෙන වාහන පර්මිට් ඉල්ලන එක වැරදි වැඩක් , හරිනම් පිට රට දුක් විඳලා විදේශ විනිමය ගෙන එන අපිට දෙන්න ඕනි. (ර)
ඔය අයවැයේ සැර අනිවාර්යයෙන්ම බාල කරනවා. ත්‍රීවිලර් ,බයික් දුම් ගාස්තුව කපා හැරියා. ප්‍රයෝගිකව කරන්න අමාරු දේවල් කියලා ටික ටික ඒවා අඩු කරනවා. කලින් ලීසිං ගණනත් වෙනස් කලා. ඉලෙක්ට්‍රික් කාර් වල බදු මුදල තව ටික දවසකින් අඩුවෙනවා. මම මගේ කන කපාගන්නවා එහෙම නොවුනානම් ඔන්න. (ර)
සිසිර, රජයේ සේවයේ ඉංජිනේරුවන්ට වාහන පර්මිට් ලැබෙනවා. එක නොදන්නා ඔය ඉංජිනේරුවෙක් කියලා හිතන්න අපි මෝඩ නැහැ. කරුණාකර අනෙක් ඉංජිනේරුවන්ට අපහස කරන්න එපා. (ර)
මෙයට මාගේ විරුද්ධත්වයක් නැත. (ර)
සේනක දොස්තර කෙනක් කියා හිතන්න බැහැ (බ)
දොස්තරලට වාහනයක් දෙන්නෙ ලෝකෙට පෙන්න පදින්න නෙමෙයි. අමාරු ලෙඩෙක් ඉන්නවා කියලා කෝල් කළාම විනාඩි 10 ක් ඇතුළත රාජකාරියට වාර්තා කරන්න. දැන් කියන්න වෙන්නෙ ඊළග බස් එක ආවම හෙමීට එන්නම් කියන්න තමයි. (ර)
නාමල්, නෙව්යෝර්ක් , ලංකාවේ දොස්තරලට පර්මිට් දෙන්නේ ඇයි පැය විසිහතරම ඔන් කෝල් ඉන්න ඕන නිසා අනික ඇමෙරිකාවේ කාර් වලට ලංකාවේ වගේ බදු ගහන්නේ නැනේ ,ඒවගේම පොදු ප්‍රවාහනේ බොහොම හොඳයිනේ , තව එකක් , ඇමරිකාවේ දොස්තරකෙනෙකුගේ පඩිය ගැනත් ඔයා දන්නවා ඇතිනේ (බ)
වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන්නම අවශ්‍ය නම් අවුරුදු 10 කට එකක් දුන්නාම ඇති තමන්ගේ වාහනෙන් තියා හදිස්සියකට, රාත්‍රියේ තමන්ගේ නිල නිවාසේ කාමරෙන් එලියට වත් එන්නැති වෛද්‍යවරු තමා බහුතරයක් ඉන්නේ. පුද්ගලික සේවාව ගැන තමා වැඩි කැමැත්ත. මාලබේ පෞද්ගලික වෙද විදුහලේ සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල්වල දෙනවට මේ අය විරුද්ධ දුප්පත් මිනිසුන් ගැන තියන අප්‍රමාණ අනුකම්පාව නිසානේ.. (බ)
ශ්‍රී ලංකාවාසින් සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් නේද? 77 ට පෙර බදු රහිත වාහන දුන්නාද? ඇයි කැපවීම් කරන්න බැරි? (නි)
සියල්ලන්ට එක ලෙස සැලකිය යුතුයි. සියලු රැකියා කරන්නන් වේතනයක් ලබයි. (ර)
අපේ රටේ මිනිසුන්ගේ තියෙන්නේ පුදුම අදහස්. හැම රජයේ සේවකයකුටම සමාන සැලකිලි නම් මැරීගෙන පාඩම් කරලා විභාග කරන්න ඕන නැහැනේ (බ)
ඉගන ගත්තු මනුස්සයෙකුට ලැබෙන වරප්‍රසාදයක් කප්පාදු කරන එක මහා කුහක වැඩක්. එකට හොඳයි කියලා උඩ කොමෙන්ට් දාලා ඉන්න අය ගැන හරිම කනගාටුයි. අපේ රටේ මිනිස්සුන්ට ලෙඩක් හැදිලා හොඳ කරාම දොස්තර තරම් දෙවියෙක් නැහැ. ඒ මිනිස්සුන්ට පර්මිට් එක හම්බ වෙන එකට ඔච්චර විරුද්ධ වෙන්න එපා. දොස්තරගේ සේවය අනිත් හැම සේවයකටම වඩා ගොඩක් වෙනස් කියන එක අමතක කරන්න එපා. මොකද මොන දෙය කරන්නත් මිනිස්සු ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න ඕන. (ර)
දොස්තරලට වාහනයක් ඕනි නමුත් රටට ඔරොත්තු දෙන වාහනයක් නම් කමක් නැ. උපරිම ලක්ෂ 25ක විතර ඒගොල්ලන්ට ලොකු වාහන ඕනිනම් ඉතුරුටික බදු ගෙවල ගන්න කියන්න ඕනි (බ)
ඉගෙන ගත්ත කියල මෙහෙම වරප්‍රසාද දෙන්න ගියාම හැමෝම ඉගෙන ගන්න පොරකනවා.එම නිසා අපි උපකල්පනය කරමු ඔන්න හැමෝම දොස්තරලා වුණා.ඔන්න ගොවියෝ නැත.හැමෝම බඩගින්නේ ,මොකද ඉගෙන ගත්තම මඩ ගාගන්නේ නැහැ නොවැ.අනෙක ඉක්මනටම රෝහලට යන්න ඕනේ නම් කාර් නොව ලබාදිය යුත්තේ යතුරු පැදි බලපත්‍රයි. වැහි අාවරණද සහිතව. කාරය හරවා ගන්නා විට යතුරු පැදියෙන් ගමන වේගයෙන් යාමට හැක. (බ)
ඔය තීරුබදු සහන දෙන්න ඕනෑ ලංකාවේ හැටියට ඉහල වැටුප් හා වරප්‍රසාද ලබන දොස්තර හා ඉහල නිලධාරීන් ට නොවේ. මැද පෙරදිග දහදුක් විදලා ජාතික ආදායමට විදේශ විනිමය ගෙන එන විදෙස් ශ්‍රමිකයනටයි. වාහන තීරුබදු වරප්‍රසාදය අහෝසි කලාට. රටක සියලු පුරවැසියනට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. ස්තුතිය..! (ර)
මොකද එයාලට විතරක්? ඇයි ඉංජිනේරුවන්ට දෙන්නේ නැද්ද? (නි)
රැකියා විරහිත තරුණ තරුණියන්ට වාහන පර්මිට් එකක් ඉල්ලන ඉල්ලීමේ සාධාරණ පදනමක් තියෙනවා. ඒවගේම වෛද්‍යවරුන්ට පුද්ගලික සේවා පවත්වාගෙන යාම නීතියෙන් තහනම් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. (ම)
දොස්තරලා කරන හැමදේම අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි ගොඩක් අය පොඩි කාලේ ඉඳලා මහන්සිවෙලා කැපවෙලා පාඩම් කරන්නේ ජීවිතේ සැපවත්ව ගත කරන්න. හැබැයි අද ලංකාවේ ඉගෙනගත් රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පඩිය කීයද? රාජ්‍ය සේවකයෙකුට ලැබන දේ කප්පාදු කළවිට සතුටුවෙන්නේ හිතේ තියෙන කුහකකමට. (නි)
පුද්ගලික සායන පවත්වන වෛද්‍යවරුන්ගෙන් විශාල බද්දක් අය කිරීමෙන් රජයට ආදායමක් උපයා ගත හැකිය. (ම)
මෙතන ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ කිසිම දෙයක් නොදැන කුහකකමට. දොස්තරලා අමාරු ලෙඩෙක් රෑට ගෙනාවහම කාර් එකේ නැතුව බස් එකේ යන්නද? අනෙක් අය රස්සා කරන්නේ දවල්ට. දොස්තර කෙනෙක් රෑ දවල් දෙකේම රාජකාරියට සුදානමින් ඉන්නේ (නි)
මමනම් හිතන්නේ කිසිම කෙනෙකුට වාහන පර්මිට් දියයුතු නැහැ. නිදහස් අධ්‍යාපනයෙන්, මිනිසුන්ගේ සල්ලි වලින් ඉගනගෙන කැම්පස් එකෙන් පිටවෙලා රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න මිනිසුන් ඉන්න රටක් මේක. එහෙම ඇවිල්ලා වාහන පර්මිට් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. ලෝකයේ කිසිම රටක මෙහෙම දෙයක් නැහැ. මමත් විධායක ශ්‍රේණියේ රජයේ සේවකයෙක්. මට ලැබුණු වාහන පර්මිට් එක මම ගත්තේ නැහැ. (නි)
මම හිතාගෙන හිටියේ ලංකාවට ගිහින් වාහනයක් අරගෙන පොඩි බිස්නස් එකක්වත් පටන් ගන්න. දැන් ඉතින් මැරෙනතුරුම මෙහෙ තමා. ජයවේවා! (නි)
මම හිතන්නේ අවුරුදු 10 කට සැරයක් හෝ ජිවිත කාලෙටම එක පාරක් වාහන පර්මිට් දුන්නනම් හොදයි. (බ)
කනිෂ්කගේ අදහසට මාත් එකගයි, මේ වරප්‍රසාදය දොස්තරලට දුන්නට වරදක්නෑ , මගේ අදහසනම් පර්මිට් එක දීල ඒගැන අධීක්ෂනයක් කරන්ට ඕනේ , කොන්දේසි පිට එක පාරක් දුන්නට කමක්නෑ, අධික මිල ගණන් යටතේ චැනල් සෙන්ටර් පවත්වාගෙන යන , මහා ජනතාවගේ මුදල් හුරන් කන දොස්තරලගෙන් රජය බදු අයකරගන්නේ නැත්තේ ඇයි ? (බ)
එයාලට මොකටද එහෙම දෙන්නේ? අපිට මේ කිසිම දෙයක් නැහැනේ (නි)
ලංකාවේ දොස්තරලා කරන්නේ එයාලගේ රස්සාව මිසක් පිනට වැඩ කිරීමක් නොවේ. වැඩ කරනවට පඩි ගෙවනවා. ලෝකේ හැම රටේම දොස්තරලා වැඩ කරනවා හැබයි මෙහෙම වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. මෙයාල ලංකාවේ කරන සේවයම පිටරට ඇවිල්ල කරනකොට ඔය විකාර වැඩ මොකුත් නැහැ. (බ)
මේකනම් හොඳ වැඩක්.නමුත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මට තියෙනවා.මේ ගැන ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බැලුවේ වෛද්‍යවරුන්. මේ වාහන පර්මිට් එක කියන්නේ තනිකරම බිස්නස් එකක්. (බ)
ලංකාවේ නිදහස් අධ්‍යාපනේ අනුව ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ රජයේ විධායක නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒත් ඉගෙන ගන්න කාලේ එක් එක් පුද්ගලයාගේ කැපවීම මහන්සිය හා හැකියාව මත තමන්ට ලබා ගන්න පුළුවන්දේ වෙනස් වෙනවා. මේ වගේ තීරණවලින් වෙන්නේ මේ මිනිස්සු තවතවත් අපේ රට අත්හැරල ඇමරිකාවේ ග්‍රීන්කාඩ් වලට යන එක. මටනම් මේක හිමි නෑ ඒත් මිනිහෙකුගෙ හැකියාවට දක්ෂකමට ලැබෙන දෙයක් නැති කරන එකත් ඒ ගැන සතුටුවෙන එකත් හරිම නීච වැඩක්. (බ)
අනේ මන්ද මේ අදහස්. ඇයි අපි මේ තරම් අනිත් අයට ඊරිසියා කරන්නේ. තමන්ට ලබා ගන්න බැරි කමට මේ මිනිස්සු මොනව කරන්නද. පුදුම පහත් අදහස් ටිකක් පල කරල තියෙන්නේ. (බ)
රජයේ සේවකයෝ වාහන පර්මිට් ගන්නේ 100% බදු සහන යටතේ නෙමෙයි. බදු වලින් 60% ක් තමන් ගෙවන්න ඕනෑ. සහනය තියෙන්නේ 40% ක් පමණයි. ඒ වුණාට මන්ත්‍රී, ඇමති, පළාත් සභා මන්ත්‍රීලාට 100% බදු සහන ලැබෙනවනේ. අන්න ඒවා තමයි නවත්තන්න ඕනෑ. රජයේ සේවකයාගේ පර්මිට් එක නෙමෙයි (නි)
එයාලට ඔහොම වෙන්න ඕනෑ. එයාලට ඕනෑ හැමදේම එයාලට විතරක් අරගන්න. (නි)
දොස්තරලා කරන හැම වැඩේම හොඳයි කියනවා නෙමෙයි. ඒත් ඇත්තටම හැමෝම පොඩි කාලේ මහන්සිවෙලා පාඩම් කරන්නේ ලොකුවෙලා සැපවත් ජිවිතයක් ගතකරන්න. අද ඉගෙනගත් රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පඩිය කීයද? මේක හොඳ වැඩේ කියලා කියන අය එහෙම කියන්නේ හිතේ තියෙන කුහකකමට. හොඳම දේ තමන්ට අහිමි වූ ඒ සිහිනය තමන්ගේ දරුවන්ටවත් ලබාගන්න උදව් කරන එකයි. (නි)
දොස්තරලා මහජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන චැනල් සේවාවල බෙහෙත් දීලා හම්බකරගෙන තව වාහන වලට පර්මිට් එකත් ඉල්ලනවා. හරිම අසාධාරණයි. (නි)
ඔය මහ ලොකු කතා කියන අය ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න යන්නේ හොඳ කාර් එකකින් එන දොස්තර කෙනෙක් ළඟට විතරයි. (නි)
අවුරුදු පහෙන් පහට දෙන්නේ නැතුව එකපාරක් දුන්නට කමක් නැහැ. නැත්නම් ඕවා විකුණනවා. ඒක හින්දා එක්කෙනෙකුට එක පාරක් දුන්නට කමක් නැහැ. (නි)
නොමිලේ ඉගෙනගන්නවා. ඊටපස්සේ රජය අනිවාර්යෙන් රැකියාත් ලබාදෙනවා. තව එක එක අනිත් මිනිසුන්ට නැති වරප්‍රසාදත් ලෙඩුන්ට හානිවෙන විදිහට වැඩ වර්ජන කරලා ලබාගන්නවා. මේ දොස්තරලා රාජකාරි වෙලාවලදීත් පුද්ගලික සායන වල වැඩ කරනවා. ලක්ෂ ගණනක් මාසෙට හොයනවා. මොනවටද සහන ක්‍රමයට වාහන?? (නි)
වෛද්‍යවරුනි ඕස්ට්‍රේලියාව එංගලන්තය සිංගප්පූරුව ඇමරිකාව ඔබ එනතුරු බල සිටී. පර්මිට් එකෙක් නොව කෙලින්ම බෙන්ස් එකෙක් සමගම ගෙයක්ද විශාල පඩියක් ද ලබා ගත හැක. මෙවැනි කථා අසමින් සොච්චම් පඩියකට තවත් ලංකාවේ ජීවත් වීම සුදුසුද.ඔබම තීරණය කරන්න (බ)
මේක දෙන්න එපා කියලයි මමත් කියන්නේ (නි)
ජයනාත්, විදෙස් ගතවෙලා දහදුක් විඳින අයට පර්මිට් දෙනවා නම් හොඳයි. කාටහරි හොඳක්නෙ වෙන්නේ. ඒත් වෘත්තිකයන් ලංකාවේ රැඳෙන්නෙත් ඔයවගේ වරප්‍රසාද නිසා විතරයි කියන එක අමතක කරන්න එපා. ඔය මිනිස්සු රට ගියොත් එන විදේශ විනිමය ඊට වැඩියි. එයාලා ලංකාවෙ තියාගන්න එකයි වැදගත් (නි)
මේක රජයේ සේවකයින්ගේ වරප්‍රසාදයක්. දොස්තරලාගේ පමණක් පුද්ගලික ගැටලුවක් නොවේ. (නි)
ලෙඩාට අමාරුයි කියලා මහ රෑ පණිවුඩයක් එව්වහම, නතරව ඉන්න හරිහමන් තැනක් නොදෙනකොට, අඩුමගානේ විනාඩි 10 න්වත් යන්න වාහනයක් නැතිවෙනකොට, ගෙදරට ගිලන් රථයක් එවනතුරු අපි ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එදාට මැරෙන්නේ දොස්තරලට මොකටද වාහන කියපු අය විතරක් නෙමෙයි. ඔය වාහන ඕනෑ විනෝද චාරිකා යන්න නෙමෙයිනේ. එක දවසක් නිවාඩු දාලා ගෙදර හිටියොත් වාට්ටුවේ කී දෙනෙක් අමාරුවේද? (නි)
දොස්තරලා පැය 24 ම රෝහල් සේවයට සුදානමින් සිටියයුතු නිසාත්, බොහෝ දෙනෙකුට නිලනිවාස නැති නිසාත්, වාහන තීරුබදු සහනය නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් නිල රථයක් දියයුතු වේ. (නි)
හොඳ යෝජනාවක්. අපි නම් කැමතියි මේක නැවැත්වූ එකට (නි)
අපි හැමෝම දැකල තියෙන්නේ ඔය කොළඹයි තව නගර වල ඉන්න දොස්තරලා විතරයි,දැකල තියෙනවද ගෑනු දරුවෝ ගෙවල්වල දාල ඇවිල්ල ඉන්න හිටින්න තැන නැතුව වැඩ කරන දොස්තරලා ඉන්න ඉස්පිරිතාල (බ)
සියලු දීමනා සමඟ විශාල වැටුපක් ගන්න මේ අයට මොකටද පර්මිට්? මේ අයට බැරි නම් අනෙක් මිනිසුන් ගන්නේ කොහොමද? හැමදේම නිකන් දෙන්න පුලුවන්ද? (නි)
ලෙඩ සුවකරමින් දොස්තර මහත්ම මහත්මියන් කරනු ලබන සේවය කවුරුත් අගය කළයුතුමුත් ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් සහ වෙනත් දීමනා සහ පහසුකම් රජය හැකි පමණින් සළසා ඇත. සමහර වෛද්‍යවරුන් සේවා අවසානයේද පෞද්ගලික රෝහල්වල සහ මධ්‍යස්ථාන වල ලෙඩුන් බලා තමන් ලබන වැටුපට සමාන මුදලක් උපයනු ලබන බැවින් පොදුවේ පනවා ඇති මෙම වාහන බද්ද ගැන විරුද්ධත්වයක් පළකිරීම සාධාරන නැත (නි)
90% වගේ දොස්තරලා ඔය පර්මිට් එකෙන් අයුතු විදිහට පාවිච්චි කරන බව අපි අසා තිබෙනවා. තව 80% විතර දොස්තරලා රාජකාරියෙන් හම්බකරනවට වඩා පුද්ගලික සේවා කරලා හම්බකරනවා. කෙටියෙන් කිව්වොත් දොස්තරලාට පර්මිට් එකක් නැතුව හොඳ වාහනයක් ගන්න හැකියාවක් තිබෙනවා (නි)
මම මෙම අයවැයේ දුටු හොඳම දෙය වාහන බලපත් අහෝසි කළ එක.1977 බලයට ආ රජය කළ වැරැද්ද දැන්වත් නිවැරදි වියයුතුය. දොස්තරවරු ඉගෙනගත්තේ මේ රට මහජන මුදල් වලින්. දොස්තරවරයෙකු බිහිකරන්න මහජන මුදල ලක්ෂ 60 කට අධිකව වියදම් කරන බව අමතක කරන්න එපා. (නි)
වෛද්‍යවරු වගේම ලංකාවේ අපි සියඵම දෙනා ඉගෙනගන්නේ මහජන මුදලින්. එමනිසා එසේ පැවසීම වැරදි යැයි මට හැඟේ. තවද සැම කෙනෙකුටම එසේ අධ්‍යාපනය ලැබිය නොහැක. විදේශ රටක දොස්තරලාට විශාල වැටුපක් ගෙවනවා. විදෙස් රටක ඔබ ලෙඩවුණොත් ප්‍රතිකාර සදහා අතිවිශාල මුදලක් ගෙවීමට වෙනවා. (නි)
රැකියාවිරහිත තරුණ තරුණියන්ට ජීවත්වෙන මාර්ගයක් නැහැ. ඔවුන්ට මේ පර්මිට් එක ලබාදෙන්න. රැකියා තිබෙන අයට කොහොමහරි වාහනයක් ගන්න පුළුවන්. රැකියා විරහිත තරුණ තරුණියන්ට මේ පර්මිට් එක මාර්ගයෙන් හරි ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්. (නි)
මම නම් කියන්නේ මේක නැතිකළ එකමයි හොඳ (නි)
සිරිපිනා, දන්නා දෙයක් කියන්න. රෝහල් වල ගිලන් රථ තිබෙන්නේ ඒකට තමා. එහෙම ඇමතුමක් දුන්නහම එන එක දොස්තර කෙනෙක්ගේ නමක් කියන්න. මමත් දොස්තර කෙනෙක්. හැබැයි සමාජයේ වරප්‍රසාද හැමෝටම සමාන වියයුතුයි. මේක නැතිකළ එක හොඳයි. (නි)
මම නම් කියන්නේ රැකියාවිරහිත අයට මේ පර්මිට් එක දුන්නහම හොඳටම ඇති. වෙන කාටවත් දෙන්න ඕනෑ නැහැ. (නි)
මම ඉල්ලීමක් කරනවා මේ වාහන පර්මිට් එක වඩාත් ඵලදායී දෙයකට යොදාගන්න කියලා ඇමතිතුමා සමඟ සාකච්ඡා කරන ලෙස (නි)
ගොඩක් අය මේ පර්මිට් එකට කරන දේ අපි දන්නවා (නි)
උපාලි, තව ටික දවසකින් නැවතත් වාහන බදු වැඩි කරනවා කියලා කටකතාවක් යනවා නේද? (නි)
යහපාල මහතා ඉතා වටිනා අගය කළයුතු අදහසක් පළකර තිබිම ඇත්තෙන්ම සතුටට කරුණකි. (නි)
සිරි, දොස්තර කියන්නේ විශේෂ තැනක් හිමිවිය යුතු වෘත්තියක් ලෙස මම හිතන්නේ නැහැ. කෙසේ නමුත් පරිගණකකරණය තුළ දොස්තරවරුන්ට වඩා නිවැරදිව පරිගණක භාවිතයෙන් බෙහෙත් නියම කළ හැකි බව දැනටමත් පිළිගෙන ඇති කරුණක්. මේ දේ අත්හදා බැලීමට ඇමෙරිකාව උත්සාහ කළ අවස්ථාවේදී ඇමෙරිකානු වෛද්‍යවරු ඊට විරුද්ධ වුණා. නමුත් හොදම ක්‍රමය නම් මේ තාක්ෂණික ක්‍රම රෝග සුව කිරීමට යොදාගැනීමයි. (නි)
මම ඉන්ජිනීයර් කෙනෙක්, රෑට ලයිට් ගියහම , ඉස්පිරිතාලේට ලිඝ්ට් නැහැ. හදිසි යෙන්නේ යන්න ඕනේ .. මමත් ඉගෙන ගත්තේ අමාරුවෙන් , එ්ත් දොස්තර කෙනෙක් වෙන්න අස නැති නිසා ඉංජිනේරුවෙක් වුණා. මට පර්මිට් එකක් ඕන (බ)
ඔය දෙන්න එපා, දෙන්න එපා කියන අයගේ අම්මා හෝ තාත්තා අමාරුවෙලා ඉන්න වෙලාවක දොස්තර එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණොත්, කමක් නැහැ ඊළඟ බස් එකෙන් එන්නකෝ අපි බලා ඉන්නම් කියලා ඉඳීවිද දන්නේ නැහැ. (නි)
බටහිර රටවල් වල තියන න්‍යාය සහ භාවිතාවන් හැම දේම හරි. මේ රටේ හැම දේම වැරදී. මේක තමයි දැන් න්‍යාය. බටහිර රටවල් වල වෘත්තිකයන්ට ගෙවන පඩිය අපේ රජයට ගෙවන්න බැරි හින්ද තමයි මේ අමතර දේවල් ලබා දීල තියෙන්නේ. අනෙක අපේ වෛද්‍ය සේවය ලෝකයේ ඉහළම තැනක තියන බවත් අමතක කරලයි මේ කතා කරන්නේ. අප මව් රට ත්‍රස්තවාදීන්ට මුහුණ දුන් සමයේ හදිසි අවස්ථාවන් වලදී ඔවුන් ලබා දුන් සේවය සදානුස්මරණීයයි. වෛද්‍ය වරයෙක් ඕනෑම වෙලාවක තම සේවය ලබා දීමට දී ඇති ප්‍රතිඥාවට අප ගෞරව කළ යුතුයි. (බ)
රටේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔය විදියට සාධාරණ විදියට හිතුවොත් හොඳයි නේද? (නි)
මම නම් කියන්නේ අයවැය සාධාරණයි (නි)
ධාරිතාව 2000 සීසිී වලට වැඩි වාහන වලට බද්ද වැඩිකරන්න කියලා මම යෝජනා කරනවා. (නි)
අයවැයට අත උස්සන කාටවත් බෙහෙත් දෙන්නේ නැහැ කියලා වර්ජනය කරන්න. දුප්පත් අපිට බෙහෙත් දෙන එක නවත්වන්නේ නැතුව. (නි)
එයාලට ඉතින් ප්‍රයිවට් චැනලින්, ලෙඩ්ඩු මළත් වැඩ වර්ජන. සාමාන්‍ය ජනතාවට හැමදාම දුක. (නි)
දොස්තරලා නොමිලේ බෙහෙත් දෙන් නැහැ.වැටුපක් ලබනවා.එහෙනම් මොකටද අනිත් ශ්‍රමිකයට නැති සහන මේ අයට.මේ අයවැයෙන් වුන හොදම දේ තමයි ඔය. දැන් ලෙඩ්ඩු ටික ප්‍රාණඇපයට තියාගෙන තමන්ගේ ඉල්ලීම් ඉල්ලයි. ත්‍රස්තවාදීනගෙයි මේ වගේ පුද්ගලයන්ගෙයි වෙනසක් නැහැ. (බ)
මේ ප්‍රශ්නය දෙස අපි සාධාරණව බැලියයුතුයි (නි)
ලෙඩ්ඩු මරල හරි දොස්තරලා ඔය පර්මිට් එක ගන්නවා. (බ)
බදු මුදල් වලින් ඉගෙන ගෙන තරුණ කාලයේ පිටරටට සේවය කර නාකි වී හිස් අතින්ම මෙහෙට එන්න.ශ්‍රී ලංකාවේ අදායම පිටරටවල අදායම විතරක් සසදන්නේ ඇයි.වියදමත් සසදන්න.ඒවායේ වියදම් ඉතා ඉහලයි.මෙහෙ අහිංසක මිනිසුන් ඔබලාට දුක්විදල හම්බකර දෙනවානේ. (බ)
බලපත්‍ර නොවෙයි වැඩිකළ වැටුපෙන් කොටසක් මූලික වැටුපට එකතු කළා නම් ඒ අය වාහනයක් මිලදී ගනී (බ)
අපේ රටේ මිනිස්සු පිනට කන්නමනේ බලාඉන්නේ. ඇමරිකාව දවසින් ඔය තත්වයට ආවේ නැහැනේ. ඒ රටේ මිනිස්සු අතීතයේ කැපකිරීම් කරන්න ඇති මෙම තත්වෙට එන්න. ඒවා ගැන කතා නොකර එහෙ මෙහෙමයි අපිටත් ඕනෑ කියන එක අසාධාරණයි. රටේ හැම සේවකයාගේම සේවාව වැදගත් ලෙස සළකන්නේ නැත්තේ ඇයි? (නි)
ඡන්දෙ දුන්න නම් ප්‍රතිපල ලැබෙන්න ඕනේ ඔහොම තමයි. මේ කට්ටිය අයිති වෙන්නේ පොහොසත් ගොඩටද දුප්පත් ගොඩටද. මුදල් ඇමතිතුමා කියනවා පොහොසත් අයට විතරයි පෞගලික වාහන අවශ්‍ය කියල. දුප්පත් අයට පොදු වාහන වල යන්න කියල. පොහොසත් අයට හැකියාව තියනවලු පෞගලික වාහන ගන්න තීරුබදු සහන නැතුව. (අ)
ලෝකෙ කිසිම රටක වෛද්‍යවරුන්ට නීතියට පිටුන් බදු රහිතව වාහන ගන්න දීල නෑ... මම ඉන්න ඇමරිකාවේ වෛද්‍යවරු ඩොලර් දාස් ගනන් දීලා ඉගෙනගෙනත් වෙනත් වෘතිකයින් ගෙවන ගානම ගෙවලා වාහනයක් මිලදී ගත යුතුයි... ලංකාවේ නිකන් උගන්නලා අඩුවට වාහනත් දෙන්න ඔනෑ.. මොකක්ද මේ විකාරෙ (අ)
නාමල්, මෝඩ කතා කියන්න එපා. අපිත් පිටරටවල ඉඳලා තියෙනවා. ඇමෙරිකාවේ වාහනයකට ගෙවනවා වගේ තුන් ගුණයක් අපි ගෙවන්න ඕනෑ. එතනයි ප්‍රශ්නය. (නි)
සේනක දොස්තර මහතා වගේ හිතන්න කියලා සියලුම දොස්තර මහත්වරුන්ගෙන් ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා. (නි)
ඇමරිකාවේ දොස්තර කෙනෙක්ට පඩිය කීයද කියලා විතරක් අහන්නේ නැතුව ජීවන වියදමත් කීයක්ද කියලා අහන්න. ඇමෙරිකාවේ දොස්තර කෙනෙකුගේ මුළු මාසික ආදායම සහ ඇමෙරිකාවේ ජීවන වියදම අතර අනුපාතයත්, අපේ රටේ එම අනුපාතයත් තමයි වැදගත් වෙන්නේ. (නි)
ආයි ලෙඩ්ඩු ටික අමරුවේ වගේ.. මගේ ආච්චි ගමේ වෙදා ළඟට ගෙනියනවා. (ර)
නාමල් මහත්තය ඔයා ඉන්න ඔය " ඇමරිකාවේ" දොස්තර කෙනෙක්ට පඩිය කියද කියලා දන්නවද ? (ර)
මම කියන්නේ දොස්තරලට මොකුත්ම දෙන්න එපා. (නි)
නාමල් මහත්තය, ඔයා අලුත්ම කාර් එකක් ගන්න සල්ලි වලට මෙහෙ ත්‍රී වීල් එකක් වත් ගන්න බැහැ. මෙහෙ මිනිස්සු ඔබ තුමාලා අලුත්ම අලුත් ලෑන්ඩ් කෘෂර් එකක් ගන්න ගාන දීලා ගන්නේ මරුටි වගේ වාහනයක්. (ර) දොස්තරලා ගන්න සොච්චම් පඩියෙන් ,මැරෙන කල් වත් කාර් එකක් ගන්න වෙන්නේ නැහැ .
මේ ඉල්ලීම අසාධාරණයි (නි)
නාමල් සියයට සියයක් ඇත්ත කතාව .මේක නිකන් විකාරයක් කරගන අන්ත දුප්පත් රටක මේ මිනිස්සු හැමදේම පිනට ලැබෙන කල බලන් ඉන්නවා (අ)
අනේ කිසිම බයක් වෙන්න එපා. කොහොමහරි ඕක ගන්නවා. ලෙඩ්ඩු කීදාහක් ප්‍රාණ ඇපයට ගනීද දන්නේ නැහැ වැඩේට. (නි)
අනිවාර්යයෙන් පසු ගිය රජයන් මගින් කළයුතුව තිබුණු දෙයක් මේක..සියල්ලන් සමාන අයිතිවාසිකම් තියෙන පුරවසියන්නම් කාටවත් විශේෂ කුට්ටි අවශ්‍ය නැහැ..යම් හේතුවක් මත දෙනවනම් ජිවිතයට එකවරක් හොදටම ඇති..(අ)