‘ඉලෙක්ටි‍්‍රක්’ වාහන, ‘හයිබි‍්‍රඩ්’ වාහන ලෙස සැලකිය නොහැකි බවට පසුගිය අයවැයේදී මුදල් ඇමති සිය ව්‍යවස්ථාපිත බලය අනුව භාණ්ඩ වර්ගීකරණය කරමින් නිකුත් කළ නියෝගවල අන්තර්ගතය මහා භාණ්ඩාගාරයේ නිලධාරීයෙකු විසින් වෙනස් කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් මහත් ගැටලූවකාරී තත්වයක් හට ගෙන ඇතැයි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද කරුණු වලට පටහැනි ආකාරයට මහා භාන්ඩාගාරයේ නිළධාරීයෙකු විසින් වෙනස් කම් වලට ලක් කළැයි කියන ලේඛණයක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ලබා දීම හේතුවෙන් මෙම ගැටලූවකාරී තත්වයක් හට ගෙන ඇතැයි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය තවදුරටත් පවසයි.
පී.එච්.ඊ.වී. ලෙස හඳුන්වනු ලබන ‘ඉලෙක්ටි‍්‍රක්’ වාහන මෙම ලේඛනය අනූව සාමාන්‍ය හයිබි‍්‍රඩ් වාහනයක් ලෙස හැදින්විය නොහැකි බවද පවසන වාහන ආනයනයකරුවන්ගේ සංගමය එය මුදල් අමාත්‍යවරයාගේ අදහසට පටහැනි වන ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් වී ඇතැයි අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සීග්‍ර ලෙස ඉහල යන වාහන ඉල්ලුමට හොදම විසදුම පුර්ණ විද්‍යුත් වාහන සදහා ඇති ආනයන බදු අඩුකර එම වාහන සහනදායි මිලකට ලබාදීමයි. එවිට ඛණිජ ඉන්ධන සදහා ඇති ඉල්ලුම දීර්ඝ කාලිනව අඩුවී, රටේ භාණ්ඩ මිල වල ස්ථායිකරණයක් ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි පුර්ණ විද්‍යුත් වාහන සදහා බදු සහන ලබා දී තිබේ. ලංකාවේ එවැනි පහසුකම් සලසා නොදීම ඉතාම කනගාටුදායකයි.(හේ)
මෙතන වාහන ආනයනකරුවෝ මඩිය තරකර ගන්නයි හදන්නේ. හයිබ්‍රිඩ් වාහනයක් වගේම පී එච් ඊ වී. වලත් ඉන්ධන දහන එන්ජිමක් තියෙනවා. එනිසා කාබන් විමෝචනයක් සිදුවෙනවා. ඉන්ධනත් භාවිතා කරනවා. වෙනස තියෙන්නේ ඊට අමතරව විදුලියෙනුත් චාර්ජ් කරන්න පුළුවන්. ඒගොල්ලෝ හදන්නේ ඒක කාබන් විමෝචනයක් නැති, ඉන්ධන භාවිතා නොකරන ඉලෙක්ට්‍රික් වාහන ගොඩට දාලා අඩු බදු යටතේ ගෙන්වන්න. එහෙම කළත් පාරිබෝගිකයාට ඒ වාසිය ලැබෙන්නෙත් නැහැ. කවුරු වුණත් කළ දේ හරි. (නි)
වාහනයක් හඳුනාගන්නේ කොහොමද අපේ සමහරු අයවැයක් හඳුනාගන්නේ නැතුව (නි)
වාහන තදබදය අඩු කිරීමට ඉක්මනින් පියවර ගන්න. (හේ)
ලංකාවට දැන් ගොන් කරත්ත තමා හොදම ගැලපෙන විසදුම (හේ)
දැන් කරන්න දෙයක් නෑ.(හේ)
එතකොට ඔය අමාත්‍යංශයේ ඉන්නේ වාහනයක් හරියට හඳුනාගන්න බැරි අයද? බලන්නකෝ ඕවා නිෂ්පාදනය කරන රටේ හඳුන්වන්නේ කොහොමද කියලවත්. (නි)
ජනවාරි 8 වෙනිදායින් පසු ඇමති පට්ටම් ගත් කට්ටිය හැර අමාරුවේ නොවැටුණු කවුරුහරි රටේ ඉන්නවද? (නි)
අන්තිමට ඔය රටේ ආණ්ඩුව දැන් කරන්නේ ජනපති, අගමැති, මුදල් ඇමති නෙමෙයි නිලධාරියෙක්ද? ජනපතිතුමනි, ඔබ මෙවැනි දේවල් ගැන තවදුරටත් නිහඬව හිටියොත් වෙන්නේ ඔබගේ ප්‍රතිරූපය පමණක් නොව ඔබ වෙනුවෙන් පෙනීසිටි අපගේද ප්‍රතිරූපයද බලාගෙන සිටිද්දීම විනාශවීමයි. අනාගතයේදී අපටද ඔබ වෙනුවෙන් පෙනී සිටිමට නොහැකි වනු ඇති (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
ඇමති නියෝගය වෙනස් කර ඊට උඩින් යන්න පුළුවන්ද? මේ නිසා රටේ අනවශ්‍ය අර්බුදයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිවම පෙනෙනවා. (නි)
ඔය වාහනේ ඇත්තටම දන්නේ නැද්ද.? (ර)