පුවත්පත් දැන්වීම් පළ කැර වාහන කුලියට ගෙන අඩු මිලට විකුණු බව කියන පුද්ගලයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
කඩුවෙල වෙලේ හන්දියේ සි .ජේ එන්ටප්‍රයිසස් ආයතනය වටලා සැකකරු සමඟ වාහන හතක් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නුගේගොඩ ගංගොඩවිල විමලවත්තේ චමීර ජයමිණි අබ්රත්ත රිමාන්ඩ් කැරුණු පුද්ගලයාය.
කිරිබත්ගොඩ ,නිට්ටඹුව ,මාලඹේ,තන්නිරිමලේ ,පන්නල,බියගම හා කොස්ගම ප්‍රදෙස්වලින් වාහන කුලියට ගෙන අඩු මිලට විකුණා ඇතැයිද මීට පෙර ඔහු නුගේගොඩදි එවැනි රථ වාහන සිද්ධින් සම්බන්ධ නඩු පහක් පවරා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
ලොරි පහක් වෑන් රියක් හා කාරයක් සොයා ගත් බවද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන අරගෙන කුණු කොල්ලෙට විකුණන්නේ නැතුව වැඩි ගාණට විකුණුවාම කවුද ඉතින් ඒවා ගන්නේ? පාට් ටයිම් බිස්නස් එකක් විදිහට මේ වගේ වැඩ කවුරුද නොකරන්නේ? මම වුණත් පොඩි පොඩි හොර වැඩ කරනවානේ? ඒවාවල මම වරදක් දකින්නේ නැහැ. (නි)
මාත් එකඟයි අර්ෂාගෙ තිරණයට (ස)
මේකට නම් සුවර් එකට අර වීර කියල අදහස් දාන මංකොල්ලකාරයා සම්බන්ධවෙලා ඇති, ටිකක් සෝදිසි කරලා බලන්න, ඉතාලියේ මිලානෝවල ඉඳලා අදහස් දාන පිටිගල කියන කෙනාත් මෙයා එක්ක සම්බන්දයි.(නදී)
මොහොමඩ් විමල්,අර්ෂා ඔහෙලා වගේ අපි අනුන්ගේ රටවල් මංකොල්ල කන්නේ නැහැ, උපාලි, එතකොට පිස්සු පෙති බොන ඔබද මහා බුද්ධිමතා. ඔබගේ නම උපාලි (මන්ද)බුද්ධික ද?(නදී)
මොහොමඩ් විමල්,ඔබ අර කයිවාරු ගැහුවා වගේ අර්ශාට අංගම්පොර කියලදෙන්න අර ගුරුවරයා ලගට එක්කන් ගියාද?කරන්න පුළුවන් දෙයක් කතා කරන්න මනුස්සයෝ.(නදී)
සමහර පොලිස් කාරයොත් හවුල් ඇති.(නදී)
විමලේ, මේවගේ වංචාවක් කරන්න මොළය කළඳක් හරි තියෙන්න ඕනෑ නේද? ඒ හින්ද වීර කියන එක්කෙනා මේකට සම්බන්ධ නැහැ කියලා එයා දාන අදහස් අනුව කියන්න පුළුවන්. (නි)
මේවා තනියම කරන වැඩ නොවෙයි. අදාල ආයතන ගැනත් හොයා බැලුවොත් හොඳයි. (අ)
මෙවැනි හොරුන්ට තරාතිරම නොබලා උපරීම දඩුවම ක්‍රියාත්මක කල යුතුයි. (අ)
වැඩි ගාණට දුන්නම කවුරුවත් නොගන්න නිසා වෙන්න ඇති කුණු කොල්ලෙට දීලා ඇත්තේ (නි)