(නිමල කොඩිතුවක්කු)
රට තුල ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.
මහබැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබුනද මේ වනතෙක් වාහන ආනයයනයට අවසර හිමිව නොමැති බවත් කුලතුංග මහතා සඳහන් කළේය.
මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.
අවුරුදු තුනකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයන් මෙන්ම වාහන ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතත්වයකට මුහුන පා ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ, වාහන තියෙන ඒවා හොඳටම ඇති... තවත් කාලයකට වාහන ගේන්න අවශ්‍ය නැහැ...