වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
වාහන ආනයනය සිමා කිරිමේ පියවරක් ලෙස ණයවර ලිපි සඳහා සියයට සියයක ආවරණ තැන්පතුවක් අවශ්‍ය බවට වන නව නීතියක් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම් (අ)
කැට්ටිය හිතාගෙන ඉන්න ඇති පින් ආණ්ඩුව කාලේ ඇත දිග ඇරලා දීපු ඒවා දිගටම දෙවි කියල.. ඒ පින් ආණ්ඩුව..මේ නියම ආණ්ඩුව..ඒ මාස් තුනේ දීපු ඒවා දුන්නේ ඡන්දෙ තියෙන නිසා..දැන් ආයේ ඡන්දයක් එන්නේ අවුරුදු පහකින්..(අ)
නිවැරදි සංවර්ධන මාවතකට රට යොමුවිය යුතුය (නි)
අර ඒ දවස් වල වැස්සේ තෙමි තෙමි එජාප ආණ්ඩුවක් එන කල් හිටියේ කාර් එකක් ගන්න කියල, අනේ ඒ උත්තමවිය කාර් එකක් ගත්ත ද දන්නේ නෑ.ගත්තේ නැත්නම් (අ)
බරබාගයක් තමයි අපිට ඉතින් ගන්න වෙන්නේ (නි)
දැන්නම් අපේ දේශීය වාහන වලට හොඳ තෙනක් එනවා. අපේ බරබාගෙට , බක්කි කරත්තෙට නියම තැනක්. අපේ දේශීය දෙයට තැන දෙමු (නි)
අයියෝ අපේ සිහින! (නි)
ලංකාවේ වාහන දැන් මිලියන 6 ක් විතර තියනවලු. මේ එක වාහනයකින් ලක්ෂ 20 ක් විතර ආවහම බද්දක් ගන්නවා නේද? බුදු අම්මේ! මෙච්චර සල්ලි කන්දරාවකට මොකද වුණේ? ලංකාවේ අහිංසක මිනිස්සු මැරිලා මැරිලා වාහනයක් ගන්නකොට මේ වගේ අධික බද්දක් ගෙවනවා. මේ සල්ලි වලට මොකද වුණේ කියලා අපිට දැනගන්න අයිතියක් තියෙනවා. (නි)
අපි දන්නවා මහානාම මහත්තයෝ අපි කියන්නේ මේක වැරදියි කියලා. අපි කියන්නේ වාහන වලින් බදු අය කරන්න එපා කියලා. වාහනයක් කියන්නේ ගෙදරක තියෙන්නම ඕන භාණ්ඩයක්. මිනිස්සු මෙච්චර ලොකු ගානක් ගෙවලා කසිකබල් වාහන වල යන්නේ, ගරාජ් පස්සේ දුවන්නේ මේ බදු ක්‍රමය නිසා. (ර)
ඔය ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මෙහෙම කළොත් නරකද?අපේ රටේ ජනතාවට අවශ්‍යවන විදියේ වාහන මෙරටේ නිෂ්පාදනය කරලා ඒවා ඕනෑ අයට ලබාදී, තව කොටසක් අපනයනය කළොත් රටටම වාසි වෙනවා නේද?කාර් ආනයනය කිරීමට රට පටවන කෝටි ගණන් සල්ලි සම්භාරය මෙරටේම තබාගෙන රැකියා ප්‍රශ්නය විසඳමින් රට සල්ලි හොයන්නත් පුළුවන් වෙයි කියලා මගේ පුංචි මොළයට අද උදේ පාන්දර අදහසක් ආවා. (නි)
එතකොට ඡන්දෙට කිව්වේ ත්‍රීවිල් තියෙන ගෙවල්වලට කාර් අරන් දෙනවා කියලා මේ අය. (ර)
ටිකිරිගේ කටට මසුරන් දාන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ට හැමදාම අවශ්‍ය උනේ පිට රටින් ගෙන්වන වාහන මිලදී ගැනීමට. ඇයි අපේ රටේ නිෂ්පාදනය වන වාහන වලට අවස්ථාවක් දෙන්න බැරි. රටේ මුදල් රට තුලම පරිහරණය වෙනවා එතකොට. නන්දලාල් මහත්තය කියන දේ නුදුරේදීම අපිට දකින්න ලැබේවි කියලා විශ්වාස කරනවා. (ර)
මැති ඇමතිගොල්ලන්ට අවශ්‍ය වාහන අවශ්‍යතාවය සපුරාගෙන අවසානයි. පොඩ්ඩන්ට බරබාගේ යන කාලේ ඇවිදින්ය (නි)
මදැයි වහනයක් ගන්න හිටියා. (ර)
අවුරුදු 5ක් විතර යද්දී ලංකාවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
රට ඉන්න අපිටත් බදු නැතුව වාහනයක් ගන්න විදියකුත් හදනවද. (ර)
යහපාල, බොරුවට කෑගහන්න එපා. ලංකාවට ඕනෑවට වඩා වාහන ගෙනල්ලා හිටපු ආණ්ඩුව කාලේ රටේ විදේශ නාස්ති වුණා. දැන් ටික දවසක් යනතුරු රට ප්‍රවේශමින් මුදල් භාවිතා කරන්න ඕනෑ වගේම රටේ පාරවල් වලට සරිලන වාහන සීමාවක් පනවන්න ඕනෑ. ඉතින් මොකටද පාට කණ්ණාඩි දාගෙන කියවන්නේ. (නි)
ලංකාව ගැන විතරක් හිතලා නීති හැදුවට බාහිර ලෝකය මේවට අනුව වෙනස්වෙනවා (නි)
සාමා ,ඔයා නම් ලණුව ගිලලා වගේ.රටේ සෑම පුරවැසියෙකුටම වාහනයක් පැදවීමේ අයිතිය තිබිය යුතුයි. වාහන වැඩි නම් පාරවල් හදන්න ඕනෑ (නි)
මහින්ද මහත්තයා රට පුරා පාරවල් හැදුවේ වාහන භාවිතය වැඩිවෙන බව දැනගෙන. කරන්න ඕනෑ වාහන බදු ඉවත් කරලා හැමෝටම වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හදන එක. මිනිස්සු ආශාවට වාහන ගන්නේ නැහැ. ඕනෑ නිසානේ ගන්නේ. (නි)
දැනට ලංකාවට ගෙන්විය හැක්කේ අවුරුදු 3 ක් පැරණි වාහන පමණි. මේ කාලය 5 දක්වා දික්කරන්න. එම වාහන මිලෙන් අඩු නිසා විදේශ විනිමය ඉතිරි වේවි. එමෙන්ම බදු ඉවත්කර ජනතාවගේ පොකට් එකේ මුදලුත් ඉතිරිකර දෙන්න (නි)
සෑම පවුලකටම වාහනයක් ගත හැකි ලෙස බදු අඩුකිරීම යහපාලන ඡන්ද පොරොන්දුවක්. වාහනයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. සුඛෝපභෝගී දෙයක් නෙමෙයි. මේ නීති හදන හැමෝටමත් වාහන තියෙනවනේ (නි)
එක පවුලකට තබාගත හැක්කේ එක වාහනයක් ලෙස නීතියක් ගෙනෙන්න. බදු අහෝසි කරන්න.විදේශ විනිමයත් ඉතුරුයි. මිනිසුන්ගේ සල්ලිත් ඉතුරුයි. (නි)
එතකොට දුල්මිණි ලොරියක් ගත්ත කෙනාට ලොරියේම තමයි හැමතැනම යන්න වෙන්නේ.ඔයත් නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ බිසව වගේනේ.ජනගහණය වැඩි වෙනකොට වාහන ප්‍රමාණයත් වැඩිවෙනවා.ඒකට සරිලන්න අපේ මාර්ග පද්ධතිය යාවත්කාල කරනවා මිසක් අතිසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ.අලුතෙන් මාර්ග නිර්මාණය කරලා තිබෙන මාර්ග පුලුල් කළයුතුයි (නි)
සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මීට වඩා දෙයක් දෙන්න බැරිද? (නි)
මෙවැනි නීති හැමට සමාන වියයුතුයි. මන්ත්‍රීලාගේ වාහන වියදම්ද අඩුකරන්න. (නි)
පිවිතුරු යහපාල, මම කතාකළ දේ පළමුව තේරුම් ගන්න (නි)
විදේශ රැකියාවල නියුතු අයට වාහනයක් ලංකාවට ගෙන්වා ගැනීමට බලපත්‍ර දෙන්නේ කවදද ? (නි)
ජපානයේ ලක්ෂ 15 වාහනයට මෙහෙ 30 ක් බදු ගහනවා. ඉතින් අපි මෙහෙ 45 ක් ගෙවන්න ඕනෑ. කොච්චර අසාධාරනයක්ද? වහාම මේ බදු ඉවත් කරන්න. අපි හැමෝටම අඩු මුදලින් අලුත් වාහනයක යන්න අයිතිය තිබිය යුතුයි. (නි)
ගැටලුව එය නොවේ. නිසි මුල්‍ය කළමනාකරණයක් නැහැ. ඇයි අර කිව්වේ සීනි වල මිල වැඩි කරනවා කියලා හෘද රෝග ඇතිවේයැයි කියලා. බඩු මිල අමතක කරන්න. අපේ රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට අපි පෙරට එමු. (නි)
පොහොසත් අයට නම් ඉතින් වාහන ඕනෑතරම් තියෙනවානේ (නි)
හැමෝටම වාහනයක් ගැනීමේ ආශාවක් තිබෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කළයුතුයි. එහෙම නැතුව බදු ගසා වැඩක් නැහැ (නි)
මට හිතෙන්නේ අපි ඉල්ලගෙන කෑවා කියලා. රටේ හැම දෙනාටම වාහනයක් භාවිතා කිරීමේ අයිතිය තිබෙනවා.ඒකට කරන්න ඕනෑ පාරවල් හදන එක මිසක් වාහන සීමාකිරීම නෙමෙයි. (නි)
මදැයි. යහපාලන ආණ්ඩුවක් එනකම් හිටියේ පොඩි කාර් එකක් ගන්න (නි)
මේ දෙකම තරාදියක දෙපැත්ත වගේ. වාහන ආනයන කිරීමේත් සීමාවක් තියෙන්න ඕනෑ. නැත්නම් රටක සමාජීය ආර්ථික ප්‍රශ්න එනවා. ඒ වගේම සාමාන්‍ය මනුස්සයෙකුට ළඟ වාහනයක් තියෙන්නත් ඕනෑ. මේක සමබරව තබාගැනීම තමයි රජයක වගකීම (නි)
දුල්මිණි නෝනා, අකිල මහතා දන්නවාද ලංකාවේ වැඩිම ආදායම ලබාදෙන්නේ රේගුව බව. එයිනුත් වැඩිම ආදායම වාහන ආනයන බදු වලින් බව.ඉතින් මේ බදු ඉවත්කර කොහොමද අයවය පරතරය පියවා ගන්නේ? මේ නීතිය අලුත් එකක් නොවේ. මේ නීතිය නිසා සුළු පරිමාණයේ ආනයනකරුවෝ වැසී යන අතර මහා පරිමාණයේ සමාගම් පමණක් ඉතිරි වේ. ඔවුන් එම අතිරේක පොළියද පාරිභෝගික ජනතාවට බැරකරනු ලැබේ. කොහොමත් ලොකු සමාගම් වල මිල දැනටත් වැඩියි (නි)
යහපාලන රජයක් ආවහම නොතෙමි යන්න කාර් ගන්න පුළුවන් කියලා කිව්වා මතකද. (ර)
අපි ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ වහනයක් ගන්න. අපි මේ ආණ්ඩුව පත් කරන්න ලොකු මහන්සියක් දැරුවා. බැනුම් ඇහුවා, අද අපිට පොඩි වහනයක් ගන්න බැරි වීම ගැන ගොඩක් දුක් වෙනවා. පොඩි වාහනයක් අරගෙන සතුටින් ඉන්න කැමති පොඩි මිනිසුන්ගේ ඉල්ලීමට සවන්දෙන්න. (ර)
වාහන ගෙන්වීම සීමා කිරීම කෙසේ වෙතත් මුදල් හිඟය පියව ගන්නට කරන වැඩක් බව නම් පැහැදිලිය. (අ)
මේ මිනිස්සු එදත් රැවටුව අදත් රවට්ටනවා මේ මිනිස්සුන්ට ජන්දේ දෙන මිනිස්සුන්ට හොද වේදේ (අ)
ජයවේවා! (නි)
ප්‍රවෘත්තියට ලැබී ඇති ප්‍රතිචාර කියෙව්වාට පස්සේ මෙහෙම ලියන්න හිතුනා. අපේ රටට විදේශීය මුදලින් ආදායම ලැබෙන්නේ මැදපෙරදිගට ශ්‍රම අපනයනයෙන්, බටහිර රටවලට ඇඟලුම් අපනයනයෙන්, විවිධ රටවලට කරන සම්ප්‍රදායික තේ, පොල්, රබර් සහ අනෙකුත් කෘෂි නිෂ්පාදන අපනයනයෙන්, කාර්මික නිෂ්පාදන අපනයනයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන්. තව දුරටත් විමසා බැලුවොත් පෙනේවි අපි ඒ මුදල් උපයන්නේ ශ්‍රම මුලිකත්වයෙන් මිසක් බුද්ධි මුලිකත්වයෙන් නොවෙයි කියලා. එහෙම ලැබෙන මුදල් වලින් පිරෙන විදේශ මුදල් සංචිතය ඵලදායි නොවෙන දේවල් වලට වියදම් කළාම රට ඇතුළේ ආයෝජනය කරන්න පිටරටට ණය නොවී පුලුවන්ද? මම මේ කියන්නේ යහපාලනයෙන් අඩුවට වාහන ගන්න බලාගෙන හිටපු කට්ටියට. (නි)
අනේ මන්ද ශ්‍රී ලංකා දැන් ඉල්ලංකා වෙලා නෙවැ (අ)
අන්තිමට මේ හැම බද්දක්ම යන්නේ දුප්පත් පාරිභෝගිකයාටනේ. ඔබතුමාලා නම් පිටරටකට හරි යයි.පාරිභෝගිකයෝ කොහේ යන්නද? (නි)
මට කතාවක් මතක් වුණ කුඹුරට ගිය අම්බරුව දකින්නේ ගොයමුත් තන කොළ වගේ (අ)
අනේ මන්දා! දැන්නම් ආණ්ඩු දෙකේම කිසි වෙනසක් නැහැ. පොඩි මිනිහාගෙන්ම හම්බකරගෙන පොඩි මිනිහාගෙ බඩටම ගහනවා. අඩුමගානේ 50%ක ආවරණ තැන්පතක් වුණා නම් කමක් නැහැ. හැම බද්දක්ම අපෙන් අයකරගෙන අන්තිමේදී අපි මහන්සිවෙලා කරගන්න හදනදේත් වළක්වනවා. හරිම අසාධාරණයි. (නි)