IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විසිහය ලක්ෂයක රන් බෑග දාරයෙන් එළියට

රුපියල්   විසිහය ලක්ෂ හතලිස් පන්දහසක්  වටිනා රත්තරන් කම්බි 3 ක්  තම ගමන් මල්ලේ දාරයේ   සගවාගෙන  මාලදිවයින බලා යාමට පැමිණි ශ‍්‍රි ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා පැවසුවේය.

සකකරු 22 හැවිරිදි  වියේ පසුවන කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගුව කියයි.  ඔහු නිතර නිතර මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබු රන් කම්බිවල බර ග‍්‍රෑම් 529 කි.

සැකකරු ඊයේ රාත‍්‍රියේ මාල දිවයින බලා යාටම  ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ  රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරී එස්.ඒ.එස්.ටී සේනානායක,  සහකාර රේගු අධිකාරීවරුන් වන එ.එල්.එන් ෆසීර්, ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ඒ.එස්.කේ කහවත්ත, ආර්.ජී විජේවර්ධන, ටී.වයි.ඒ.එස් කුමාරසිංහ, එච්.පී.එස් පෙරේරා සහ ජේ.එන්.එස්.ටී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
 

 



අදහස් (0)

විසිහය ලක්ෂයක රන් බෑග දාරයෙන් එළියට

වෙදමහත්තයා Thursday, 21 November 2013 01:29 PM

පළමුවරට මෙයාව පුරුදු වෙන්න දාලා අහුවෙලා ‍වාගෙයි (නි)

:       0       0

නුවන් Thursday, 21 November 2013 01:51 PM

මුන් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ රත්තරන් බඩුහොරට අරගෙන ඒවා මකලා පිටරට අරන් යනවා .බැංකුවලට තිඋවොත් මට්ටු වෙනවා. මේක තමයි අලුත්ම ක්‍රමය.(ස)

:       0       0

කුමාරි Thursday, 21 November 2013 09:41 AM

නිතරම ගිය කෙනෙක් කියන්නේ ඔය අහු වුන පලවෙනි පාර. (ස)

:       0       0

සත්‍යයා Thursday, 21 November 2013 09:58 AM

මොහු මුස්ලිම් කියල කිව්වොත් අර සේනාව කලබල වෙයිද? අහුවෙන ප්‍රමාණය මෙහෙම නම් අහු නොවෙන ප්‍රමාණය කොහොම ඇත්ද? (ස)

:       0       0

සාමා Thursday, 21 November 2013 03:01 PM

මගේ අම්මෝ , මේක ගැන විමර්ශනය කරන්න ඉන්න කට්ටිය ?? මට මතක් වෙන්නේ නාරද දිසාසේකර මහතාගේ සින්දුව ""නමද ගමද වයස එක්ක පීන්තුරේ විස්තරේ ,,, පත්තරේට වැටෙන කල් අනේ ... රැට නින්ද යන්නේ නැ අනේ ...(දිල්)

:       0       0

උදයකාන්ත ඇෆ්ඝනිස්ටන් Thursday, 21 November 2013 12:49 PM

ඔය වයසට ඔය වගේ දෙයක් කලා නම් තව ඉතිරියට මොනවා කරයිද.මේ වගේ දේවලට දඩුවම් කල යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site