රුපියල් විසිහය ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා රත්තරන් කම්බි 3 ක් තම ගමන් මල්ලේ දාරයේ සගවාගෙන මාලදිවයින බලා යාමට පැමිණි ශ‍්‍රි ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා පැවසුවේය.
සකකරු 22 හැවිරිදි වියේ පසුවන කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගුව කියයි. ඔහු නිතර නිතර මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබු රන් කම්බිවල බර ග‍්‍රෑම් 529 කි.
සැකකරු ඊයේ රාත‍්‍රියේ මාල දිවයින බලා යාටම ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරී එස්.ඒ.එස්.ටී සේනානායක, සහකාර රේගු අධිකාරීවරුන් වන එ.එල්.එන් ෆසීර්, ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ඒ.එස්.කේ කහවත්ත, ආර්.ජී විජේවර්ධන, ටී.වයි.ඒ.එස් කුමාරසිංහ, එච්.පී.එස් පෙරේරා සහ ජේ.එන්.එස්.ටී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවරට මෙයාව පුරුදු වෙන්න දාලා අහුවෙලා වාගෙයි (නි)
මුන් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ රත්තරන් බඩුහොරට අරගෙන ඒවා මකලා පිටරට අරන් යනවා .බැංකුවලට තිඋවොත් මට්ටු වෙනවා. මේක තමයි අලුත්ම ක්‍රමය.(ස)
නිතරම ගිය කෙනෙක් කියන්නේ ඔය අහු වුන පලවෙනි පාර. (ස)
මොහු මුස්ලිම් කියල කිව්වොත් අර සේනාව කලබල වෙයිද? අහුවෙන ප්‍රමාණය මෙහෙම නම් අහු නොවෙන ප්‍රමාණය කොහොම ඇත්ද? (ස)
මගේ අම්මෝ , මේක ගැන විමර්ශනය කරන්න ඉන්න කට්ටිය ?? මට මතක් වෙන්නේ නාරද දිසාසේකර මහතාගේ සින්දුව ""නමද ගමද වයස එක්ක පීන්තුරේ විස්තරේ ,,, පත්තරේට වැටෙන කල් අනේ ... රැට නින්ද යන්නේ නැ අනේ ...(දිල්)
ඔය වයසට ඔය වගේ දෙයක් කලා නම් තව ඉතිරියට මොනවා කරයිද.මේ වගේ දේවලට දඩුවම් කල යුතුයි. (ස)