20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.
මීට පෙර ලෝක කුසලාන සංචිතයේ නායකත්ව ලසිත් මාලිංගට පැවරී තිබූ අතර ආබාධයක් හේතුවෙන් ආසියා කුසලාන තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ ලසිත් මාලිංග සඳුදා නායකත්වයෙන් ඉවත්වන බව තහවුරු කළේය.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ටද උපනායකත්වය දිනේෂ් චන්දිමාල්ටද ලබා දී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටද අරවින්ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නව සාමාජික පිරිසක් ද තෝරාගැනිණි. ඒ අනුව කුමාර් සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, ලලිත් කළුපෙරුම හා රංජිත් මදුරසිංහ එහි නව සාමාජිකයෝ වෙති.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක්ද අද සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග හොඳ ක්‍රීඩකයෙක් වුණත් ..මහා පණ්ඩිතයෙක් ...අරවින්ද ,කළු,සංගක්කාර, මදුරු ඉතාම හොද තේරීමක් ..තේරීම් කමිටුවට.. (ම)
තිසර පෙරේරා සහ දිල්ෂාන් ඔපෙන් කරන්න එවන්න . කප් එක අපිට. (ර)
ඒක නම් හොඳයි (නි)
හොද තීරණයක්. (ර)
හොද අදහසක්. (ර)
මමත් බුද්දිගේ අදහසට එකගයි. (ර)
හොඳ තීරණයක් මහත්වරුනි දැන් අපි අයෙමත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරංග නරබන්න එනවා , ලංකාව අමාරුවේ වැටිලා ඉන්නකොට ඔබල ඇවිත් නිතරම ලංකාව බේරගන්න බව අපි දනිමු. (ර)