බංගලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහ තරඟයේදී ඉන්දියා පිතිකරු යුවරාජ් සිංගේ මන්දගාමී පිතිකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු පිළිතුරු දීමට ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අපොහොසත් වූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද වාර්තා කළේය.
මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසද්දී දෝනි කෝපයට හා දුකට පත්වූ සෙයක් පෙන්වූ බව ද එම පුවත්පත වාර්තා කළේය.
පිටියට ගොස් සෙමින් පන්දුවට පහර දෙන්න යැයි පණිවුඩයක් යුවරාජ් වෙත ලබා දුන්නාදැයි මාධ්‍යවේදියකු විමසූ විට දෝනි කීවේ යුවරාජ් ඔහුට කළහැකි උපරිමය කළ බවයි.
යුවරාජ් සිංට අනාගතයේදි කණ්ඩායමේ හිමිවන ස්ථානය පිළිබඳ විමසා සිටි අවස්ථාවේ දෝනි පැවසුවේ ඒ සම්බන්ධයෙන් කතා නොකර සිටිමු යනුවෙනි.
මේ අතර ඉන්දියාවේ පරාජයට වග කිව යුත්තේ තම පුතා පමණක් නොවන බවත්, ජයග්‍රහණය හා පරාජය ක්‍රීඩාවේ කොටසක් බවත්, ජය හා පැරදුම සමව විඳ දරා ගත යුතු බවත් යුවරාජ්ගේ පියා පැවසූ බව ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය වාර්තා කළේය.
යුවරාජ් සිංගේ සමීප මිතුරකු වන හර්බජාන් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ එය ඉන්දියාවට අසුබ දිනයක් බවයි.
‘ප්‍රේක්ෂකයන් කලබල නොවී මෙය විඳ දරා ගත යුතුයි. යුවරාජ් අපට ලෝක කුසලාන දෙකක් දිනා දුන්නා. තීරණාත්මක තරඟවලදි ඔහු තරම් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයකු සිටිනවා නම් පෙන්වන්න. මෙය ඔහුගේ නරක දිනයක්.‘
අවසන් තරගවල දී පරාජය වීමේ ශ්‍රී ලංකාවේ නරක පුරුද්ද මෙවර අත්හළ බව ද හින්දු පුවත්පත කියයි. ශ්‍රී ලංකාවට තම කැබිනෙට්ටුවට තවත් කුසලානයක් එක් කර ගත් බව ද හින්දු පුවත්පත පවසයි.
ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණ රැස්කර ගත් පසු ක්‍රීඩකයෝ සියලු දෙනා පිටියට දිව ගොස් තම කණ්ඩායමේ සගයන් එකිනෙකා වැළඳ ගනිමින් සතුට භුක්ති වින්දා සේම ඉන්දියා ක්‍රීඩකයනට ද අතට අත දෙමින් තම නිහතමානිත්වය පෙන්නුම් කළ බව ද ටෙලිග්‍රාෆ් පුවත්පත කියයි.
ජයග්‍රාහී මොහොතේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එකිනෙකා වැළඳ ගනිමින් නළල් දෙක එකට තබාගෙන සිටියේ කුඩා දරුවන් දෙදෙනකු මෙන් බවත්, එය ඉතා සංවේදී දසුනක් වූ බවත් ද ටෙලිග්‍රාෆ් වාර්තා කරයි.
‘ ඔවුහු දෙදෙනා 36 වැනි වියෙහි පසුවෙති. දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කරන අවසන් අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ට පිතිකරුවන් දෙදෙනා ඔවුහුය. ශ්‍රී ලංකාවට ජයගෙන ආවේ සිය අවසන් පන්දුවාර විස්සයි විස්ස ඉනිම අමතක නොවන තරගයක් බවට පත්කර ගත් කුමාර් සංගක්කාර ය.
මාස පහක පමණ වෙනසක් පමනක් ඇති එකම වයසේ මේ විශිෂ්ටයන් දෙදෙනා මාස පහකින් පමණක් වෙනස් වන මේ විශිෂ්ටයන් දෙදෙනා කුඩා කල සිට මිතුරන්ය. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් හිතන්නේ යුවරාජ් හොද ක්‍රීඩකයෙක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඇත්තටම ඔහුට අපහස කිරීම ගොඩක් හෙලා දකිනවා. සංගා මහේල ඔයාල දෙන්නට දහස් වාරයක් ස්තුතියි. මට ඇත්තටම හිතාගන්න බැරි සතුටක් තියෙන්නේ... (දී)
වර්තමාන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රත්පත්ති...1 ඔහුනට ලෝකේ තියෙන හැම ක්‍රිකට් කණ්ඩායමක්ම පරාජය වියයුතුයි, 2 ඔහුන් යවන පන්දුවලට හැම ක්‍රීඩකයෙක්ම දැවී යායුතුයි, 3 ඔහුන් යවන පන්දුවලට හයේ සහ හතරේ පහරවල් එල්ලකිරීමෙන් වැලකි සිටිය යුතුයි, 4 ඔහුන්ගේ ප්‍රබල ඉල්ලීම්වලට විනිසුරුවරයා ඇඟිල්ල එසවිය යුතුයි, මෙන්න මේ කාරණා නිසා ලෝකේ කිසිම කෙනෙක් ඉන්දියානු කණ්ඩායමට සහයෝගය නොදක්වන්නේ, (දී)
ඔයාලා නම් සූපීරී කීඩකයෝ ඔයාලට තව සෙල්ලම් කරන්න පුලුවන් යන්න එපා (දී)
ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපගේ සුබපැතුම් (දී)
ලංකාවේ අපි අතරෙයි ඉන්දියාවේ මිනිස්සු අතරෙයි කොච්චර වෙනසක් තියනවද කියලා මේකෙන් තේරෙනවා. වෙන්න පුළුවන් ඉන්දියාවේ මිනිස්සු ක්‍රිකට් සලකන්නේ තමන්ගේ ආගම වගේ, ක්‍රීඩකයෝ දෙවියෝ වගේ ඒක එහෙම උනත් යුවරාජ් කියන්නේ පිළිකාවක් හැදිලා කොහොම හරි සුව වෙලා පිටියට ආපු හොඳ දක්ෂ පිතිකරුවෙක්. ඔහු කොච්චර තරඟ දිනවලා දීලා තියනවද ඉන්දියාවට? ඕවා මිනිස්සු අමතක කරන එක හරිම පිළිකුල්. ඒ අතින් ලංකාවේ අපි කොච්චර හොඳද? (දී)
යුවරාජ් තව20ක් ගැහුවත් අපිට තව බෝල13 කඩුලු 6ක් තිබ්බා. (දී)
අනෙක් රටවල තව විස්තර දාන්නකෝ (නි)
කියන්න දෙයක් නැහැ. නියමයි. (නි)
අපිත් ලෝක කුසලාන 3 ක් පරාජය වුණා. නමුත් කිසි දිනක අපේ රටේ ප්‍රේක්ෂකයින් මේ වගේ හැසිරිලා නැහැ.මොකද අපි ක්‍රිකට් වලට ආදරය කරනවා. රට නියෝජනය කරන වීරයින්ට ගරු කරනවා. තරඟයක් පරාජය වුණ විගස අපෙන් සිදුවුණ අතපසුවීම කුමක්ද කියා ප්‍රේක්ෂකයින් හැටියට තේරුම් ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා. බොහෝ අවස්ථා වලදී මාධ්‍ය මඟින් එම වැරදි නිවැරදි කළයුතු ආකාරය පෙන්වා දෙනවා. ඒ වගේම අපි ක්‍රිකට් තරග නරඹන අතරතුර විස්තර ප්‍රචාරයට අපේ අවධානය යොමුකළ යුතු වෙනවා. ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා තරගයේ නිවැරදි තත්ත්වය කුමක්ද කියන එක. එක තරගයක් පැරදුනු පලියට වසර ගණනාවක් තමන්ගේ දක්ෂතාවන් තුලින් රටට හා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය විවේචනය කිරීම එම ක්‍රීඩකයාට කරන ඉමහත් අසාධාරණයකි. අවසන් වරට කියන්න තිබෙන්නේ කවුරු මොනවා කිවුවත් දකුණු ආසියානු රටවල් අතර අපි තමා සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටින්නේ. (නි)
ඉන්දියානු ක්‍රීඩකයන්ට අපේ කොල්ලෝ හොඳ ආදර්ශයක් දුන්නා (නි)
ශ්රී ලාංකිකයෝ හුඟ දෙනෙක් ලංකාවේ කණ්ඩායම හැරුනම කැමති ඉන්දියානු හෝ පකිස්තානු කණ්ඩායම් වලටයි. ඔවුන් අපේ අසල්වැසියන් මෙන්ම ඥාතීන් වගේ. (නි)
අයි.පී.එල්. පුස්සක් වෙලා ගියා.අයි.සී.සී.එකෙන් දෙන සල්ලි වලින් ලොකු ප්‍රතිශතයක් ගන්නෙත් ඉන්දියාව.අපේ අයට මේ පාර අයි.පී.එල්.කොන්ත්‍රාත් නොදීපු එකේ ශාපෙ වැදුනා. (නි)
ක්‍රිකට් යනු අපේ ක්‍රීඩකයන් පමණක් නොව ශ්‍රී ලංකිකයෝද පුරවැසියන් වශයෙන් තමන්ගේ මහත්මා ගතිය ඔප්පු කර පෙන්වූ වැදගත් අවස්ථාවකි. දිනුමේදී ක්‍රීඩකයන්ව කර උඩින් ගෙන ගොස් ප්‍රීති ගෝෂා පවත්වා, පැරදුමේදී ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට ගල් නොගසා ඊළඟ ජයග්‍රහණය ලැබෙන තෙක් ඔවුන් දිරිමත් කරමින්, අවුරුදු 18ක් බලාගෙන සිටියෙමු. ඉන්දියානුවන්ට අපේ දෙස බලා පාඩමක් ඉගෙනගන්නට තවමත් ප්‍රමාද නැත. (නි)
නිෆල් සහ ෂෙරීෆ්ලාගේ අදහස් වලට මමත් එකඟයි. (නි)
එක පැත්තක් පැරදුනේ නැත්නම් කොහොමද අනිත් පැත්ත දිනන්නේ? ඕනෑම තරඟයකදී ජය පැරදුම නීයතයි. අනික ඉන්දියාව ලෝක ධර්මතා වලට පටහැනිව තමයි සෑම වෙලාවටම ක්‍රියා කරන්නේ. ෂෙරීෆ්, ඔයා හරි. (නි)
"පිටියට ගොස් සෙමින් පන්දුවට පහර දෙන්න යැයි පණිවුඩයක් යුවරාජ් වෙත ලබා දුන්නාදැයි මාධ්‍යවේදියකු විමසූ විට" - බලාගෙන ගියාම ඉන්දියාවේ ක්‍රිකට්ලෝලීන්ට වඩා ඒගොල්ලන්ගේ මාධ්‍යවේදීන් කියන කට්ටිය මෝඩයිනේ (නි)
ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ට පමණි. (නි)
ඉන්දීය ප්‍රේක්ෂකයන් ඔහුට අපහාස කිරීම ඇත්තටම වැරදියි (නි)
ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික ජනතාවගේ අද්විතීය උපහාරය! මහේල , සංගා සහ සියලුම ක්‍රිකට් තරු වලට අපි සැමගේ අාශිර්වාදය! (නි)
වීර සිංහයන්ට ප්‍රණාමය ! (දී)
මේ වෙලාවේ අතීතය අමතක නොකරමු 1996 අර්ජුනලා දාපු ශක්ක්තිය තමා මහේල සංගල එක්ක ආවේ .ඒ විරුවත් මතක් කරමු.ඒ සතුටත් තාමත් තියෙනවා.(නදී)
චාන්දිමාල්, ඔයා වීරයෝ ගොඩේ ඉන්නවා.අනාගතයක් ඇති නායක ලක්ෂණ ඔහු සතුයි.මුල් තරග වලදී ඔහුගේ දායකත්වය මතක් කරගනිමු හැමෝම. අපේ වීරයන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
ඉන්දියාවේ ජනගහනය කෝටි 100 ක් කියලා ලොකුවට පාරම් බෑවට වැඩි හරියක් ඉන්නේ මොනවගේ අයද කියලා දැන් පෙනෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්වරු ඉන්නේ ලංකාවේ. අර්ජුනගෙන් පටන්ගත්තාම අරවින්ද,මුරලි,සංගා,මහේල, ....තව කොපමණ ඉන්නවද? (නි)
යුවරාජ් විතරක් නෙමෙයි , අන්තිම ඕවර් 4 දී කෝලි ගැහුවෙත් පන්දු 8 ට ලකුණු 7 ක් විතරයි (නි)
ඉන්දියාවේ මාධ්‍ය වලින් නඟන ප්‍රශ්න කොහොමද? අපේ මාධ්‍යවේදින් මොනතරම් හොඳද? ඒ විතරක් නෙමෙයි, බටහිර මාධ්‍යවේදියොත් ඊට හපන්.දේශපාලකයන්ගෙන් අහන ප්‍රශ්න පුදුම සහගතයි. මාධ්‍ය නිදහස කියලා ඒ අය තර්ක කරන්නේ අන්න එහෙම නිදහසකට. (නි)
ලංකාව පැරදුනා නම් ලංකා කණ්ඩායමත් ඔය උත්තරම තමයි දෙන්නේ. කොහොමත් ක්‍රිකට් වල තත්ත්වය මොන ක්‍රීඩාවටත් පොදුයි. දිනුම-පැරදුම විඳ දරාගන්න ඕනෑ. ඒකට ඉඩ නොදෙන්නේ ගොඩක්ම මාධ්‍යයයි. (නි)
පැරදුනාම නොයෙක් නොයෙක් තර්ක විතර්ක ගේන්න ඉන්දියන්කාරයා හරිම දක්ෂයි. දිනුවාම අපි තමයි කෙරුමෝ කියන්නත් ඉන්දියන්කාරයා දක්ෂයි. ලාංකික කොල්ලෝ ඒ අතින් මසුරන්. (නි)
අමතක කරන්න එපා. මේ සියලු ජය පිටුපස ඉන්නේ දුක් මහන්සියෙන් හම්බකරලා එක වේලක් කාලා තරඟ බලන ජනතාව කියලා. මොනතරම් අහේනියක් තිබුනත් අපේ මිනිස්සු කවදාකවත් කණ්ඩායමේ කෙනෙකුට අනේ නොදකින් කියලා බැනලා නැතිබව ලෝකයම දන්නවා. අපි ආදරය කළේ කවදත් ක්‍රිකට් ක්‍රීඩාවට මිසක් බාහිර බොරු අටෝප වලට නොවේ. ගෙවල් වලට ගල් ගහන්න තරමට අපේ රටේ මිනිස්සු පහත් මානසික තත්ත්වයක කවදාකවත් හිටියේ නැතිබව මුළු ලෝකෙටම පෙන්නුවා. ලෝක කුසලාන හතරක්ම පැරදිලත් අපේ කොල්ලන්ව රතු පාවඩ දාලා පිළිගත්තේ. ජයවේවා අපේ සිංහ පැටවුන්ට !!! (නි)
96 ඕස්ට්‍රේලියාවට වුණ දේම මෙදා ඉන්දියාවට වුණා (නි)
ඉන්දියාවේ හිටියා නම් අපේ කණ්ඩායමට වියයුත්ත වෙලා මීට ගොඩක් කලින්. මොකද අපි ලෝක කුසලාන 5 ක්‌ම පැරදුනානේ. ඒ අතින් අපේ මිනිස්සු කොච්චර හොඳද? (නි)
අති විශිෂ්ට ජයග්‍රහණයක්. සිංහලේ සිංහයන්ට ජය වේවා! අපරාදේ ලංකාවේ ඉන්න ඕනෑ මේ වෙලාවටයි. (නි)
පරාජයට ඉන්දියාවේ එක් ක්‍රීඩකයකුට දොස් පැවරීම ලංකාවෙි සුපිරි දස්කම් හෑල්ලු කිරීමට ගත් වෑයමක් වගේ. (නි)
තරඟය කියන එකේ අර්ථය ඉන්දියානු ක්‍රීඩාලෝලීන් දන්නේ නැහැ. මුලින්ම කළ යුත්තේ ඔවුන්ට ඒක තේරුම් කරදීමයි. සාමුහික තරඟයකදී එකිනෙකාට දොස් පවරන එක වැරදියි. අද දවසේ ඉන්දියානුවන්ට වැඩියෙන් අපේ කොල්ලෝ හොඳින් ඔවුන්ගේ වගකීම ඉටුකළා.ඒ නිසා අපේ කොල්ලෝ ජය ගත්තා. ඕකයි ඇත්ත. අපේ කොල්ලන්ට හදවතින්ම සුභ පතනවා. මේ තත්ත්වය රැකගෙන ඉදිරියටත් වැඩ කරන්න (නි)
අදහස් වලට අනුව දිනලා තියෙන්නේ සිංහ ලේ තිබෙන සිංහයින්. ක්‍රීඩාවක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතමි. (නි)
මහේල සහ සංගක්කාර නියම මහත්වරුන් බව ලෝකයට ඔප්පු කර පෙන්නුවා.විශේෂයෙන් මහේල කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා හැටියට මාලිංගටත් උපදෙස් දෙමින් සිදුකළ කාර්ය අති විශාලයි.හැමදාම ක්‍රීඩාවට අලුත් දෙයක් හඳුන්වාදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕෆ් සයිඩ් යෝකර් බෝල වලට ඉන්දියාව අහුවෙලා අවසන් ඕවර වල ලකුණු ලබාගැනීම අඩුවුණා.අප ජාතියක් හැටියට සිතුම් පැතුම් වලින් ඉහළ නිසා ජය පරාජය විඳදරා ගත්තත් ඉන්දියානුවන් අප තරම් සිතුම් පැතුම් වලින් දියුණු නැහැ. (නි)
ඉන්දියාවට ලොකු සේවයක් කළ යුවරාජ් වගේ කෙනෙක්ට එක තරගයක අසාර්ථක වුණ පමණින් මෙහෙම කරන එක වැරදියි. (නි)
තරගයකදී අසාර්ථක ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගල් ගැසීම, පරදිනවිට අනෙක් පිළේ ක්‍රීඩකයන්ට බෝතල් වලින් දමා ගැසීම වැනි ඉන්දියාවට ආවේණික අශෝභන ක්‍රියා දැන්වත් නතර කරගැනීමට ඉන්දියාව උත්සාහ ගත යුතුයි (නි)
නාත් රණසිංහ, කෝලි විතරක් නෙමෙයි, දෝනිත් බෝල 7 කට ගැහුවෙ ලකුණු 4යි. අවසන් පන්දු වාර වලදී පහරදිය හැකි භයානකම පිතිකරුවෝ දෙන්නටත් මුකුත් කරගන්න බැරි වුණා. (නි)
මේරි 2014-04-08 08:54:45 අති විශිෂ්ට ජයග්‍රහණයක්. සිංහලේ සිංහයන්ට ජය වේවා! අපරාදේ ලංකාවේ ඉන්න ඕනෑ මේ වෙලාවටයි. ඔයාට අමතක වුණාද ඇන්ජලෝ මැතිව්ස් දෙමළ කොල්ලෙක් කියලා. අනේ ඔයාලා වගේ අය තමයි රට ගිනිතියන්නෙ. (ස)
මගේ රටට, ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා. (ස)
මගේ උණුසුම් සුභ පැතුම් !!!! (ස)
ඉන්දියානුවෝ හිතන්නේ එයාලම හැමදාම ජයග්‍රහණය කළ යුතුයි කියලද? සියල්ලටම පෙර ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රීඩාවක් කියන්නේ මොකක්ද? ජය පරාජය විඳගන්නේ කොහොමද කියල කියා දිය යුතුයි. (ස)
සෙන්සා සමඟ මමත් එකඟයි. එක් අයෙකුට වරද පැටවීමට උත්සාහ කිරීමෙන් ඔවුන් කරන්නේ අපේ ක්‍රීඩකයන්ව හෑල්ලුවට ලක් කිරීමක්. දැරන් සැමි එදා අවසන් පූර්ව වටයෙන් පස්සේ කිව්වෙත් ඔය ටිකම තමයි. (ස)
මතක නැද්ද කල්කටා මැච් එක තිබ්බ ග්‍රව්න්ඩ් එකට ගිනි තිබ්බේ. (ස)
ලංකාවට හැම අතින්ම ගරහන හැමෝටම හොඳ පාඩමක් උගන්නපු අපේ සිංහයන්ට හදවතින්ම ප්‍රණාමය පුද කරමි. (ස)
ඉන්දියාවේ කස්ටියට පෙන්නන්නකො අපේ කස්ටිය අනු ශූරයෝ වෙලා ලංකාවට ආපු වෙලාවේ පිළිගත්ත විදිය. අපේ මිනිස්සු දුක බෙදා ගත්තා. (ස)