දින කිහිපයක මහ වැසි සමග රජරට හා වයඹ වැව් අමුණු කිහිපයක් පිරී ගංවතුරු බියක් හටගෙන ඇත.
අන්දර වැව,මීඔය හා නරිඔය පිටාර ගැලීමෙන් අඩු ගණනේ පවුල් 110 ක්වත් අවතැන්වන්නට ඇතියි කියති.
ගිය වසරේද වාන් දැමු ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 199 ක් දක්වා ඉහළ ගියේය.ජල මට්ටම තවත් අඩියකින් හෝ වැඩිවුවහොත් ඉගිනිමිටිය ජලාශය වාන් දමයි.දැදුරුඔය ජලමට්ටම අඩි 204 කි. එහි වාන් මට්ටම අඩි 220 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගලන්නේ මනාව කළමනාකරණය කරලා ගොවිබිම් වලට අවුරුද්ද පුරාම වගා කටයුතුවලට දෙන්න පුළුවන් වතුර ටික නේද? වැව් ටික හරි විදිහට හාරලා වතුර ටික එකතු කරන්න බැරි තරම්ම අපේ ජාතියේ හදවත් නරුම වෙලාද?(ස)
වැව්, දාගැබ්, වෙහෙර, විහාර කරවපු රජවරු හිටියේ ඉස්සර කාලේ. දැන් රජවරු වෙනුවට ඉන්නේ පාලකයෝ. එයාල කරවන්නේ උස ගොඩනැගිලි (ස)
පෙර රජවරු වැසි බිඳක් ප්‍රෙයා්ජනයට නොගෙන මුහුදට යා නොදී කටයුතුකළේ රටේ යහපතටයි. තියෙන වැව් අමුණු පිලිසකරන කර බැමි තරකර මේ ගලායන ජලය රැකගන්නට මොළේ නැද්ද මන්දා. වෙන මොකුත් අවශ්‍ය නැහැ වැව්ටික හාරලා පිළිසකර කරලා දුන්නොත් රටම ගොඩ. (ස)
කෝ මේ පළාතේ පාලකයෝ ? ඡන්දෙ කාලෙට නම් වතුරේ බැහැගෙන හරි මිනිස්සුන්ගේ දුක සැප බලන්න එවි. දැන් හැමෝම ආගිය අතක් නැහැ. (ස)
රජින්ද,ගුනේ,දයා අලහකෝන්, දැන් අපිට වැව් ඕනේ නැහැ. ජලකලමනාකරණය ඕනෙත් නැහැ. වෙන රටකින් හාල් ගෙනල්ල හරි අපි තුන්වේල කමු. මොකද සංචාරක කර්මන්තෙනේ අපේ එකම අභිලාශය රට සංවර්ධනය කරන . (ස)
දැදුරු ඔය නිසා පහල ප්‍රදේශ යටවෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ පැත්තට හොදට වහින්න ඕන .මම හිතන විදිහට මධ්‍යම පළාතෙන් පටන් ගෙන මධ්‍යම පළාතට කිසිම ප්‍රයෝජනයක් නැතිව ගලායන එකම ඔය දැදුරු ඔයයි .(ස)
අපේ පැත්තට වී එහල ගොයම් හිටවල ගොයම් කපපු ගමන් සේරම හේදිලා යන්න වහිනවා ගොයම් බණ්ඩි කාලයට නොසෑහෙන්න පායනවා අපිට වැවක් නැහැ. වතුර නැහැ. (ස)
ඇමතිලාගේ රිලා නැටුම් වලින් තමයි මෙහෙම උනේ.(නදී)
මේ කොච්චර වැස්සත් මහවැලි අධිකාරියට වතුර නැහැ යල කන්නයට දෙන්න ජලාශ පිටාර ගලනවා.(නදී)
ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස. සභාවධර්මයත් දුප්පතාටමයි හරහට හිටින්නේ. (ස)
මෙහෙ වතුර වැඩි උනාට තව පළාතකට නියඟ. මේ වැඩි වතුර ගබඩා කරන්න අවශ්‍යය තැන් ඕන තරම් මේ රටේ තියෙනවා. පාලකයින්ට ප්‍රඥාව පමණයි අවශ්‍යය. (ස)
සුමානයක් පායපුවාම නියඟය ! (ස)