කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඕල්කට් මාවත, කොටුව, හෝටන් පෙදෙස, තුම්මුල්ල ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි.
කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඕල්කට් මාවත, කොටුව, හෝටන් පෙදෙස, තුම්මුල්ල ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිලා , වෙඩිය කෙගහන්න එපා හරිය ! අපි කොළඹට හොඳට කොරනවා , මේක දවසෙන් බැහැලා යනවනේ .(ස)
පහුගිය කාලේ පුරාම කොලඹ ලන්ඩන්,පැරිස්,නිව් යෝක්,මිලානෝ, තත්වෙට උසස් කලයි කියල පුරාජේරු පාරවල් හතර අතින් ඇහුන.මාත් හිතුවේ දැන් කොලඹ "මෙට්‍රෝ පොලිටන් සිටි" එකක් වගේ ඇති කියල.(ස)
කට්ටියගේ පුරාජේරු පාර කොහොමද පහුගිය දවස් ටිකේ. පත්තරේක දැක්ක කෙනෙක් කියලා තියනවා කොලඹ ගියාම නිකන් දැන් බර්ලින් වල ඉන්නවා වගේ දැනෙනවා කියලා. බර්ලින් කෙසේ වෙතත් ගානක් තුරන් කල එකෙනුත් පන්දම් කාරයෝ ටිකක් පොහොසත් වෙලා ඇති. (නදී)
වෙබ් අඩවි වල තිබුනේ ඇති නවීන නගරයක් ගානට කොලඹ හැදුවා කියලා. එහෙම නොකිව කියලා අපි තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්නේ පුරාජේරු ගහලා අපිව අන්දන්න හදන එකට. බොරු උඩින් පල්ලෙන් අලවල දාල ගානක් ගසා කන එකට.(නදී)
කියක් හොරා කාලාද....(ස)
මන් දැක්ක කවුදෝ රැස්වීමක හු තියනවා. කොලඹ දැන් මෙල්බන් වලට වඩා දියුණුයි කියලා මට හිතුනා. ගහන්නේ කෙප්ප අපිව ගොනාට අන්දන්න කියලා. ඕකනේ කියන්නේ බොරුවයි,හොරකමයි තමයි හැම තැනටම මුල. අන්තිමට අපි විනාස වෙද්දී පාරවල් ගානේ අර සේනා මේ සේනා හු තිය තිය යනවා.(නදී)
අවසානයේදී මුළු කොළඹම පොකුණක් වෙන්න හැදෙයි. (ස)
කඩිනම් සංවර්ධනය තරම් තවත් නිධානයක් තියනවද අපේ දේශපාලකයින්ට? ඔය සංවර්ධන කිසිවක් කරන්නේ අනාගත සැලසුම් ඇතිව නොවෙයි. අධිවේගී මාර්ගය පවා ඒකට හොඳ උදාහරණයක්. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරනවා, ලොකු ලොක‍්කෝ එනවා, ජනතා අයිතියට පවරනවා, හෙලිකොප්ටරෙන් ආපසු යනවා, රැස්වෙලා හිටපු අය ප්‍රීතියෙන් උද්දාම වෙලා පයින්ම ගෙදර යනවා. හැමදාම ඕකනේ අපේ රටේ වෙන්නේ. (නි)
මේ කාටවත් මතක නැද්ද කොළඹ නෙලුම් පොකුණක් හැදුවා. දැන් ඒකට වතුර පුරෝනවා. හෙට අනිද්දා වෙනකොට නෙලුම් මල් හිටෝනවා. (නි)
ඒ උනාට අපි ආසියාවේ නොම්මර එකලු, දවස් දෙකක් වැස්සම ගන්න හරියක් නැහැ. මීට වඩා හොදයි බංගලිදෙශේ. මහා ලොකු වැස්සක් වැස්සත් කුනාටුවකුත් නැහැ. මේක අවුරුදු පතා එන මෝසම් වැස්ස. ඒකට මුහුණදෙන විදියට වැඩපිළිවෙලක් හදාගන්න බැහැ අපේ ලොකු උන්නාන්සේලා ටිකට .(නදී)
කොළඹ අද ඒ තරම් ලොකු වැස්සක් තිබුනේ නැහැ. ඕල්කොට් මාවත, කොටුව ,ජලය බැස නොයන්නේ කාණු පද්ධතිය හිරකරන පොලිතීන් බැග් සිර වීම නිසා. වෙළෙන්දන්ගේ නොසැළකිලිමත්කමෙන් මෙය සිදුවේ. වැහි වෙලාවට මේවා අදින්න නගර සභාව එන්නේ නැහැ. (නි)
ප්‍රශ්නේ ඉවරයිනේ කොළොඹත් හම්බන්තොටට අරන් ගියා නම්. හම්බන්තොටට වැස්ස අඩුයිනේ. (නි)
තවත් පහත් බිම් ටික ගොඩ කරලා කොන්ක්‍රීට් කනුයි කානුයි හදන්නකෝ... (නි)
මේ වැස්ස නම් කාගේ හරි කුමන්ත්‍රණයක්ද මන්දා. දැන් මුලු ලෝකෙටම වෙන වැඩක් නැහැනේ ලංකාවේ ආශ්චර්යයට විරුද්දව කුමන්ත්‍රණ කරනවා ඇරෙන්නට. (නි)
ආශ්චර්යමත් අගනුවර... (නි)
තව එයාර් පෝර්ට් එකක්වත් හදමු. :p (නි)
අපි දැන් කොළඹ යටවෙන එක නැවැත්තුවා. ඉතින් අපි වැඩකාරයෝ නෙවෙයිද? වැඩ හිමින්. පම්පෝරිය තමයි ඉවසන්න බැරි. ගංවතුරෙත් ඉන්න පුලුවන්. (නි)
රට දිනෙන් දින දියුණු වේවා! (නි)
ගණන් ගන්න එපා. හැමදාම යට වෙන්නේ නැහැනේ. වැස්සට විතරනේ. ආශ්චර්යයට යනකොට පොඩ්ඩක් කට්ට කන්න ඕනෑ (නි)
මෙහෙම වැරදි කියන එක හරිද? දැන් පහු ගිය පෑවිල්ල කාලේ කොළඹ එක දවසක්වත් යට වුණාද? (නි)
අයියෝ සුළු දෙයක්නේ. කාට හරි දෙන්නකෝ කොන්ත්‍රාත්තුව බෝට්ටු වලින් මගී ප්‍රවාහන සේවයකට..පොර කකා එයි බාර ගන්න.(නදී)
අපොන්සු, හම්බතොටත් දැන් අග නගරය වෙන්න යන නිසා ගානක් නැහැ. (නි)
මෙහි අදහස් බැලුවම මට නම් තේරෙන්නේ මෙහි අදහස් ලියන අයගෙන් වැඩි දෙනෙක් කිසිම තේරුමක් නැතිව ඔහේ ලියන්නම් වාලේ ලියනවා කියල හොඳ නැද්ද මෙයව වඩා වැදගත් විවේචන කරනවානම් මොකද මම මෙහම කියන්නේ ලංකාදීප වෙබ් අඩවිය අද කාලෙට ගැලපෙන දෙයක් කරන්න හදන නිසා මෙමගින් මෙම වෙබ් අඩවිය කියවන හැමටම ප්‍රයෝජනයක් ගැනීමට පුලුවන්.(නදී)