IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැස්ස රටම අඳුරු කරයි

නුවරඑළිය නගරයට දින පස්වරුවේ ආරම්භ වු අධික වර්ෂාව නුවරඑළිය ජන ජීවිතයට බාධා ඇති කළ බව ප්‍රදේශවාසීහු කියති.

නුවරඑළිය ජනාධිපති මන්දිරයට පිවිසුම අසල, ධර්මපාල වටරවුම ආශ්‍රිතව, වික්ටෝරියා උද්‍යානය තුළ, වික්ටෝරියා උද්‍යානය පිවිසුම අසල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, තුරග තරග පිටියේ කම්කරු නිවාස පේළිය, පරණ කඩ වීදියේ නිවාස පෙළක්ද, හාවාඑළිය ජුම්මා පල්ලිය අසලද මහින්ද මාවතේ පහත් බිම් වල නිවාස පෙළක්ද ජල ගැල්මට ලක්වු බව නුවරඑළිය පොලිසිය කියයි.


රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔයේ ජලමට්ටම ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පුත්තලම එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ වාහන ගමනා ගමනය සති දෙකක පමණ කාලයක පටන් ඇන හිට තිබේ. මේ වන විට කලාඔය හරහා ඉදිකර ඇති ක්‍රොරස්වේ තැලවිලි පාලමේ සිට අඩි හයක් හතක් පමණ උසකින් ජලාය ගලාගෙන යන බව එළුවන්තුලම ගොවි සංවිධානයේ නිළධාරීහු කියති. 


දින 4ක් තිස්සේ සවස් භාගයේ පවතින මහ වැසි සමග නාච්චදූව වැව පිටාර ගැලීමට අමතරව වැසි ජලයෙන් හීන් ඇල හා මහ ඇල අසල පවුල් 100 ක් පමණ අවතැන්වී සිටිතියි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.


මඩකලපුව දිස්ත්‍රික්කයේද අඛණ්ඩව ඇද හැළෙන වර්ෂාව නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇතැයි කියති.

පාසැල්, ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද උදේ8.30 න් අවසන් වූ පැය 24 ඇතුලත මි.මී.100.9 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි කේ.සූරියකුමාර් මහතා පැවසීය.


මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය  ජලාශයේ උපරිම ධාරිතාවයෙන් 95% පිරී ඇතැයි ජලාශය භාර සහකාර ඉංජිනේරු ජේ. එම්. ඩබ්ලිව්. ජයසුන්දර  මහතා පැවසීය.

ජලාශයේ දොරටු 8 න් 4ක් අඩි 2 බැගින්ද 3ක් අඩි 3 බැගින්දවිවෘත  කර ඇත . ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 70 කි.

ඉංජිනේරුවරයා   පැවසුවේ පෙරේදා (02) මිලි මීටර් 70 ක වර්ෂාපතනයක් ප්‍රදේශයට ලැබීම නිසා ජල මට්ටම තවත්  ඉහල යා හැකි බවත් ඉහළ ගියහොත් තවත් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා පහළ ප්‍රදේශයේ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත් ය.

2015113AG0843 2015113AG0851 2015113G0854

ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි

deella_20151130992 deella_201511309923 deella_201511309924

ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි

 

Rajangane_____-2015-11-01--(1) Rajangane_____-2015-11-01--(2) Rajangane_____-2015-11-01--(3)

ඡායාරූප - රෝවන් පෙරේරා

Daduru-Oya_201511301 Daduru-Oya_201511302

ඡායාරූප - සංජීවනී කෝට්ටගොඩ

Batticlo_2015113 Batticlo_2015113-2

ඡායාරූප - ජවුෆර් කාන්



අදහස් (0)

වැස්ස රටම අඳුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site