‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද පැවැත්වීමට නියමිත පුහුණු තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වී තිබේ.
විනිසුරුවෝ ක‍්‍රීඩාංගණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට පරීක්‍ෂා කිරීමට නියමිත අතර කාසියේ වාසිය උරගා බැලීම පසුවට කල්දමා තිබේ.
මෙම තරගය එංගලන්ත වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද පුහුණු තරග? බහුතරයක් කට්ටිය ඉන්දියාවේ බංකු උඩ වාඩිවෙලා පුහුණු වුණේ (නි)
මට නම් දැන් ක්‍රිකට් එපා වෙලා (නි)