බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (7 වැනිදා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය හෙට දිනයේත් පැවැත්වීමට විනිසුරුවරු තීරණය කළහ.
අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් නතර කරන ලද තරගය අද දිනය තුළ නැවත ආරම්භ කළ නොහැකි විය. තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල ඕවර 19 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. මෙම තරගය සඳහා අතිරේක දිනයක් ඇති බැවින් තරගය නතර කළ තැනින් හෙට ආරම්භ කිරීමට නියමිතය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් කොදෙව්වෝ ලකුණු 10 ක් තුළ ශී‍්‍ර ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් කල්වේලා ඇතිවම තරගයේ වාසිය සියතට ගත්හ.
උපුල් තරංග (7), මහේල ජයවර්ධන (7) සහ දිනේෂ් චන්දිමාල් (2) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය අතර කෙමර් රෝච් කඩුලූ දෙකක් දවාගත්තේය.
තරගයේ 3 වැනි ඕවරයේදී, ඒ වන විට ලකුණු 5 ක් ලබා සිටි උපුල් තරංග දුන් පහසු උඩපන්දුවක් රැකගැනීමට කඩුලූ රකින්නා වූ ජොන්සන් චාල්ස් අසමත් වුවද එයින් නිසි ප‍්‍රයෝජන ගැනීමට ආරම්භක පිතිකරුවා අසමත් විය. ඒ වන විට ශී‍්‍ර ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා කී‍්‍රඩා නොකරන අතර ඔවුන් වෙනුවට ජීවන් මෙන්ඩිස් සහ ශමින්ද එරංග කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. කොදෙව් පිල වෙනුවෙන් ඞ්වේන් බ‍්‍රාවෝ කී‍්‍රඩා නොකරන හෙයින් ජොන්සන් චාල්ස්ද, සුනිල් නරේන් ආබාධයකට ලක්ව සිටින බැවින් වේග පන්දු යවන්නකු වන ජේසන් හෝල්ඩර්ද කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
උපුල් තරංග - ඇ. බ‍්‍රාවෝ ප. හෝල්ඩර් 7
මහේල ජයවර්ධන - ඇ. ස්මිත් ප. රෝචි 7
කුමාර් සංගක්කාර - නොදැවී 11
දිනේෂ් චන්දිමාල් - ප. රෝචි 2
ළහිරු තිරිමාන්න - නොදැවී 13
අතිරේක 20
එකතුව ඕවර 19 කදී කඩුලූ 3ක් දැවී 60
කඩුලු වැටීම:
1-19, 2-19, 3-29
පන්දුවට පහර දීමට ඇති ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක
පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-2-19-2, ජේසන් හෝල්ඩර් : 5-0-20-1, ඩැරන් සැමී : 4-2-4-0, ටිනෝ බෙස්ට් : 3-0-15-0
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ටිනෝ බෙස්ට්, ඩැරන් බ‍්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, කරන් පොලාඞ්, කෙමාර් රෝචි, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් ස්මිත්, ලෙන්ඩල් සිමන්ස්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තිරිමාන්න මොකටද තියාගෙන ඉන්නේ? ටෙස්ට් මැච් එකක් නේ ගහන්නේ. ලංකාවට ඕනෑ කුසල් පෙරේරා වගේ හයක් හතරක් ගහන්න හයියක් තියෙන අය (නි)
ශ්රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ කඩුලු බිද වැටේවියි බියෙන් සිටිනවා නම් පන්දු අපතේ නොයවා නුවන් කුලසේකර වැනි පිතිකරුවෙකු උඩින් එවිය යුතුය. පන්දු අපතේ යැවීමෙන් සිදුවන්නේ පරාජය තහවුරු කර ගැනීමය (නි)
නැවත සැරයක් කියනවා තිසර පෙරේරා කණ්ඩායමට අවශ්‍යම කෙනෙක්. නමුත් අපේ තේරීම් කමිටුවට මේක තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි. (නි)
මොනවා වුනත් තරගය අපි දිනනවා. ඒක ෂුවර්. (නි)
තිරිමාන්න විතරක් නෙවෙයි සන්ගත් හෙමින් ලකුණු රැස්කරන්නේ. තණතීරුව හැසිරෙන ආකාරයට තමයි එයාලා ක්‍රීඩා කරන්නේ.ඉක්මනින් ලකුණු රැස්කරන්න ගිහිල්ලා විකට් එක ගියාම දැන් ගහන්න කියන අය කියයි නිකන් විකට් එක පූජා කළා කියලා.ශ්‍රී ලංකාවට තව ඕවර 31 තියනවා. ඒ ඕවර 31න් ලොකු වෙනසක් කරන්න පුළුවන්. තණතිල්ලේ අවාසිය අපිට විතරක් නෙවෙයි ඒගොල්ල්ලන්ටත් ඇතිවේවි.කුසල් ජනිත් හොද ක්‍රීඩකයෙක්. නමුත් ඔහුට ගිය තරගාවලියේදී ලකුණු අතරට ඒමට නොහැකි වුනා. ඒ නිසා තමයි මෙම තරගාවලියේදී අවස්ථාව ලැබුනේ නැත්තේ. ඊලග තරගාවලියේදී ඔහුට අවස්ථාව ලැබේවි. (නි)
පුද්ගලිකව ක්‍රීඩකයන් සමග හෝ තේරීම් කමිටුව සමග අපේ තරහක් නැහැ.අපි කාටවත් අපහාස කරනවා නෙමෙයි. මේවා බලලා හරි මේ අයට මොලේ පෑදෙනවා නම් කොච්චර හොඳද? (නි)
තිරිමාන්නව ටෙස්ට් මැච් වලට විතරක් තියාගන්න. කුසල්,තිසර,ලොකුහෙට්ටි වගේ අය දාන්නකෝ එක්දින මැච් ගහන්න. බෝල් 75 කට ලකුණු 25ක් ගහන අය එක්දින තරඟ වලට හරියන්නේ නැහැ කියලා ජයසූරියට තේරෙන්නෙම නැද්ද? (නි)
අයියෝ සල්ලි.....! තිරිමාන්නව අයින් කරලා දහදෙනාගෙන් සෙල්ලම් කරන්නකෝ. එතකොට බෝල් ටික හරි ඉතුරු වෙනවා, අන්තිමට ඇවිල්ලා කුලයට හරි පාරක් ගහන්න. (නි)
මෝඩ අදහස් ලියන්න එපා. ඔය පිච් එකට කුසල් ආවා නම් දහ සැරයක් අවුට් වෙලා (දී)
අපේ අයගේ ඩොට් බෝල් වැඩියි.හැම බෝලයකටම ලකුණක් හෝ ගන්න උත්සාහ කරන්න ඕනෑ.බෝල 40කට ලකුණු 50ක් ගත්තට වැඩක් නැහැ. ඩොට් බෝල් 20ක් තියෙනවා නම්.ඒ බෝල් 20 ලකුණු 20ක් ගත්තා නම් බෝල් 40ට ලකුණු 70ක් ගන්න පුළුවන්.ඒක නිසා පුළුවන් තරම් ඩොට් බෝල් අඩුකරගන්න පුරුදු වෙන්න ඕනෑ. (දී)
එක දිගට ජයග්‍රාහීව සිටින්න ලංකාවේ ක්‍රීඩකයන්ට පන්නරය නෑ, ඇඟිලි ගැසීම් නවත්තල ආත්ම විශ්වාසය තහවුරු කරගන්න ක්‍රීඩකයන්ට ඉඩ දුන්නොත් දිගටම ජය ගනී. (නදී)
කවිදු විතරයි ක්‍රිකට් ගහපු කෙනෙක්ට ඉන්නේ මෙතන කොමෙන්ට් දාන්නේ ඒ වගේ. එල්ලේ ගහනවා වගේ නෙමෙයි ක්‍රිකට් ගහන එක. අනේ මන්දා සංගලටත් ක්‍රිකට් උගන්නන්න පුළුවන් අයනේ ඉන්නේ මෙතන.(නදී)
කෝ අපේ අයන් මෑන්. එයා නැතුව මැච් එකක්වත් බලන්න කම්මැලියි.(නදී)
චන්දිමාල්ව තියල දිල්හාරව ගස්සන්න. දිල්හාරගෙන් වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි. එයා හොදට ප්‍රැක්ටිස්වලදිත් බැට් කරනවා.(නදී)
තිරිමාන්න ටෙස්ට් ක්‍රීඩකයෙක්. එක් දින ක්‍රීඩකයෙක් නෙමෙයි. මම හිතනවා මෙම කණ්ඩායමට කුසල් ඇතුලත් කලොත් හොදයි කියලා.(නදී)
මැතිව්ස් මුලදී එන්නේ දිනනවා නම් විතරයි. දිනේෂ් නම් එච්චර වැඩක් නැහැ. දෙයියන්ගේම පිහිටයි. (දී)
යන විදියට අපේ කට්ටියට තව ගානක් හොයාගන්න ක්‍රමයක් සෙට් වෙනවා වගේ. ගාමිණී, ඔයා හරියට හරි. නැවතත් අපි සනත්, අර්ජුන සහ අරවින්දට , මහානාම වාස් , මුරලි එන්න කියන්න වෙයි වගේ. (නි)
තවත් ලජ්ජා නැහැනේ මැච් බලන්න. (නි)
අපි ලෝක කුසලාන අවසන් තරඟයේදී (2007) ඉන්නකොට නම් මේ කොදෙව්වන්ට ඔය මොලේ ආවේ නැහැ. (නි)
නුවන් කුලසේකර එවුවා නම් අපිව මේ තරම් හිරවෙන්නේ නැහැ. අදවත් පටන් ගත්ත තැන ඉදලා ගැහුවොත් හොදයි ඉතින්. (නි)
හරියට හරි රුවන් ඒක තමයි මමත් කියන්නේ මේගොල්ලෝ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ. මේ අය ජොබ් එකටම කරන්නේ ක්‍රිකට් ගහන එක. අපිට ගියානම් ගහන්න අමාරු වෙනවා. අපි ක්‍රිකට් ගහන්නේ ඉඳල හිටලානේ. බලන්න ඉන්දියාවේ අය සෙල්ලම් කරන විදිහ. එදා විකට් කීයක් ගිහිල්ල තියෙද්දීද කෝලි ගැහුවේ. නිකන් හිරවෙන්නේ නැතුව බෝලෙට දාගෙන ගැහුවා නම් ඉවරෛනේ.(නදී)
මට මතක් වෙනවා පාලිත පෙරේරා මහතා දිනක අප හමුවී කියපු කතාවක්. ඒ කතාව හරියට හරි. (නි)
ඇයි තිරිමාන්න ගැන විතරක් කතා කරන්නේ? චන්දිමාල් හරියට සෙල්ලම් කරන්නේ නැහැ (නි)
ඉන්දියාවත් එක්ක ගහපු සෙමි ෆයිනල් එක මතක් වෙනවා. මේ දෙන්න අපිට මැච් බලන්න එපා කලා .අදත් එහෙමයි.ඔහොම කකුල් වෙව්ල වෙව්ලා බෝල් කකා ටෙස්ට් ගහනවට වඩා නම්බුයි අත දිග ඇරලා ගහලා 100 ට ඕල් අවුට් වෙන එක.ඉනිමක් ගොඩ නංවනවා කියන්නේ විකට් එකේ ඉන්න එකම නෙමෙයි කියලා ඔච්චර කාලයක් ක්‍රිකට් ගහන සංගටත් කියලා දෙන්න ඕනෑද. (නි)
තිරිමාන්න වෙනුවට කුසල්ව ගන්නම බැරිද? අන්තිම බෝලෙට පනහක් ගහන්න පුලුවන්ද මැතිව්ස්ට? ඒ වගේනේ ඉන්නේ කොල්ලා. තිසරව ගන්නේ නැත්තේ ඇයි? හයක් ගහන්න පුළුවන් එකා ඌ විතරනේ. මහේල ඕපන් නියමනේ. (නි)
අර අහවලා වෙනුවට උඩරට නැට්ටුවෙක් අරන් ගියානම් මීට වඩා හොඳයි. එයා පිටියේදී නටනවා විතරයි.නවකයෝ වෙනුවට පඹයෝ අරන් ගියා නම් හොඳයි.මීලග ලෝක කුසලානෙට සනත්, අර්ජුන සහ අරවින්දට නැවත කතා කරන්න වෙයි. (නි)
අදවත් කුසල්ව ගන්නකො අනේ. මම හරි ආසයි එයාගේ හයේ පාරට. (නි)
දැනට නම් ටෙස්ට් මැච් එක හොදට ගහනවා, මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
කුසල්ට ඇයි චන්ඩේ එකක් දෙන්න නැත්තේ (දී)
තිරා අද තියමුද පැත්තක. කුසල් දාමුද එතනට? (නි)
කවිඳු,ප්‍රසන්න, පීඩනය පිතිකරුවන්ට තිබෙන විට ඉඩහිට හෝ 4ක් ඕවරයකට ලකුනු 6කට වැඩිය ලබාගත්තහම පීඩනය පන්දු යවන්නන්ටද ඇති වෙනවා. මම කියන්නේ නැහැ සෑම බෝලයකටම 4ක්,6ක්,ගහන්න කියලා. නමුත් දක්ෂ ක්‍රීඩකයෙක් නම් පන්දු රකින්නගේ අතටම නොගහා දෙන්නෙක්ගේ අතරින් ස්තානගත කරලා ලකුණක්,2ක් පහසුවෙන් ගන්න පුළුවන් (නි)