හෝමාගම මහකටුවාන නිවසක තනිව සිටි බව කියන විශ්‍රාමික කාන්තාවක (60) ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා  අද (25) අධිකරණයට  ඉදිරිපත් කරනු ලැබූහ.

සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු කුරියර් සේවාවක නියෝජිතයන් ලෙස වෙස්වළාගෙන කොරියාවේ සිට  පාර්සලයක් රැගෙන ආ බව කියමින් අදාල කාන්තාවගේ නිවසට  ඇතුළු වී  ඇති  බව පොලිසිය කියයි.

ඇයගේ ඥාති පුතෙක් ද සැකකරුවන් අතර  වන බව කියති. සැකකරුවන්  ළඟ තිබි පිහියක්, ජංගම දුරකථනයක්, ඉමිටේෂන් මාල කිහිපයක් හා ත්‍රීරෝද රථයක් පොලිස් බාරයට  ගෙන ඇත.

image-9dfb3959a4a7d2fddbf3a04fdcc273206c7f20c64a5d94361d8a56231de5e1fa-V[1] image-32d42a0ac2ddc961339833ac8963f8a3d3a38ec7ca19a6546da1b3f9fed8781e-V[1] image-b37d5342001b6da9acace898aecbb0df4dffc06fb4a8624f09f8e2d351e04a28-V[1] image-d4ee1bb9ad2bf54adc6b82aa44b771a09d074d5779d95fa83983d0f911085559-V[1]