IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


විසිවෙයි කුමරතුඟු සමරුව මහ මඟට

මහා පඬිවරයකු හා හෙළ හවුලේ නායක මුණිදාස කුමාරතුංග මහතාගේ ගුණ සමරුව අද දික්වැල්ලේ වැවුරුකන්නල, දික්හේන   ඔහු උපන් බිමේ ස්මාරකය අසල මහ පාරේ පැවැත්විණි.

  ස්මාරකය අසළ ගුරු පාරේ උත්සවය පැවැතියේ උත්සව සංවිධායක දික්වැල්ල  බුදුරජ මහ විහාරාධිපති දික්වැල්ලේ තිස්ස අනුනාහිමියන් හා ප්‍රාදේශීය ලේකම් බී එස් රංජිත් මහතා අතර හටගත් ප්‍රශ්නයක් ඊට හේතුව වන්නට ඇතැයි කියති.

කුමාරතුංග මහතා ඉපැදුණු බිම රජයට පවරාගෙන සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළ ද පමා වී ඇත.

තිස්ස අනු නා හිමියන් පවසනුයේ පංසලට ලැබෙන ආධාරවලින් එහි ස්මාරකයන් හදා ඇති බවයි. එහි සංවර්ධන වැඩ නොකරන ලෙස ප්‍රාදේශීය ලේකම් දන්වා ඇතැයි ද ඒ හිමියෝ කියති.

ප්‍රාදේශීය ලේකම්ගේ තහනම් නියෝගය නිසා 70 වැනි ගුණ සමුරුව පාරේ පැවැත්වූ බවත්, මේ බව ජනපතිට පැමිණිලි කර බවත් අනුනායහිමියෝ පසවසති.

ප්‍රාදේශීය ලේකම් කියනුයේ සැලසුම් සහගත ස්මාරකයක් ඉදි කිරීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

ගුණ සමුරුව පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම තහනමක් නොපැනවූ බව ද ඔහු කියයි.

(එම් ගලප්පත්ති)

(නිමල් ලන්දගේ)



අදහස් (0)

විසිවෙයි කුමරතුඟු සමරුව මහ මඟට

සිසිර Monday, 03 March 2014 09:02 AM

දෙස බස රැකි පිංබර උතුමාණෙනි නිවන් දකින්නට පෙර තව වරක් වඩිනු මැන සිංගිරිසි දොඩන අපේ පණ්ඩියන්ට පිරිසිදු සිංහල කියලා දෙන්න(නදී)

:       0       0

වෙනුරි Tuesday, 04 March 2014 06:01 AM

මේවා ඉකමනට කරන්න ඕනේ වැඩ (දී)

:       0       0

අර්ජුන රනාවන් Sunday, 02 March 2014 04:31 PM

එතුමාට ගරු නොකරනවා නම් ඔහු සිහල නොදත් අයෙකි. මව් බස කුමර තුගු ගැන නොදත් අයෙක් කොහොමද ප්‍රාදේශීය ලේකම් තනතුරක් කරන්නේ. නමුත් එම උත්සවය හොද ආකාරයකින් කරන්න ලේකම් ඉඩ දිය යුතුය.(නදී)

:       0       0

පානි Sunday, 02 March 2014 05:12 PM

අනේ මගේ දේශය...අනේ මගේ ජාතිය... (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site