සෙනසුරාදා දිනයේදී ජාතික රූපවාහිනිය තුළින් ඔබේ ආලින්දයට නිවේදිකාවක ලෙස පැමිණෙන ඇය පවිත්‍රා මදුභානි අමරසිංහය. ඇය සෙනසුරාදා දහවල් 2.00 ට ඉදිරිපත් කරන "රිදම් හිට්ස්" සේම, සෙනසුරාදා රාත්‍රී 9.00ට රූපවාහිනියේ විකාශය වන "වාසුලිය" සඟරාමය වැඩසටහනටද බොහෝ දෙනෙක් ඇලුම් කරති. මේ ඒ පිළිබඳවය.
මාධ්‍ය ක්ෂේත්‍රයට යොමුවීම?
2011 වර්ෂයෙදි තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස පැමිණෙන්නෙ. 2013 වර්ෂයේ ජාතික රූපවාහිනි අවුරුදු කුමරි තරගයේ අවසන් දහදෙනාට මම තේරුණා. පසුව මට ඒ අවුරුද්දෙම රූපවාහිනී නිවේදිකාවක් බවට පත්වෙන්නත්, නෙත් එෆ්.එම්. අවුරුදු කුමරිය බවට පත්වෙන්නත් හැකියාව ලැබුණා.
"වාසුලිය" සඟරාමය වැඩසටහනට නිවේදිකාවක් ලෙස දායක වීම?
මම රූපවාහිනියට සම්බන්ධවෙලා මුලින්ම කළ වැඩසටහන තමයි රවී අබේවික්‍රම මහත්තයාගේ "වාසුලිය" සඟරාමය වැඩසටහන. ඒ වසරේ රයිගම් සම්මාන උලෙළේදී හොඳම සඟරා වැඩසටහනට හිමි සම්මානය දිනාගන්න පුළුවන් වුණා.. 2014 වර්ෂයේ "රිදම් හිට්ස්" කියන සංගීත වැඩසටහන වසර දෙකක කාලයක් පුරා කරනවා. ගත වූ වසර තුනක කාලය පුරාවට "වාසුලිය" වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාව බවට මම පත්වුණා.
"වාසුලිය" වැඩසටහන
"වාසුලිය" වැඩසටහන නිසා මට රාජතාන්ත්‍රික මට්ටමේ ඉඳන් නිර්ධන පන්තියටම යන්න හැකියාව ලැබී තිබෙනවා. බඹ හාරසිය ගණනක් පමණ යට බෝගල මිනිරන් පතළට යන්න මට හැකියාව ලැබුණා. එවැනි අත්දැකීම් මට ලැබුණා. වාසුලිය කියන්නේ දැනුම, වින්දනය, කුසලතා වැඩි දියුණු කර ගන්න පුළුවන් සඟරාමය වැඩසටහනක්.
ඉදිරියේදී
ඉදිරියේදී පැවැත්වෙන රාජ්‍ය සම්මාන උලෙළටත්, සුමති සම්මාන උලෙළටත් හොඳම නිවේදිකාවට අයදුම් කරන්න රූපවාහිනිය මගේ නම යෝජනා කර තිබෙනවා. ඒක මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණනයක්. මම මේ වනවිට නීති විද්‍යාලයේ දෙවැනි වසරේ නීතිය හදාරනවා. එය නිවේදිකාවකට ලොකු පන්නරයක්. මම නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා. රංගනයට දායක වෙන්නෙ නැහැ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කටයුතුත් නිසා. දක්ෂම නිවේදිකාව වෙන්න වගේම, දක්ෂ නීතිඥවරියක් වෙන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
මතක් කළ යුතු අය?
තාත්තගේ බලාපොරෝතතුව වුණේ මම නීතිඥවරියක් වෙනවට. ඒ බලාපොරොත්තුව ඉටුකරන්න මම ප්‍ර‘වේශ වුණ නිසාම මට මේ කටයුතුවලට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. මම ආත්මතෘප්තියට නිවේදන කටයුතු කරන්නෙ. රවී අබේවික්‍රම මහත්මයා රොසෑන් ඩයස් මහත්මිය, තුෂාරී අබේසේකර සහ මගේ පවුලේ අයවත් මතක් කළ යුතුයි. රූපවාහිනියෙන් ඉවත් වෙන්න වුණත්, මම වැඩියෙන්ම ගෞරව කරන තැන ජාතික රූපවාහිනි සංස්ථාව.
රංගන මදුසංඛ/ඡායාරූප - මිහිර බණ්ඩාර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'වාසුලිය' සඟරාමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට එන පවිත්‍රා