අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ‘ජනාධිපති’ කුසලාන දිනා ගැනීමට කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් 22 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ අද (14 වැනිදා) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැති අවසන් මහා තරගයේදී රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් වෙස්ලි විදුහල් පිල මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 34-21 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
වසර 58 ක රග්බි ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විදුහල ප‍්‍රධානතම තරගාවලියක ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. වෙස්ලි විදුහල 2004 වසරේ ‘ජනාධිපති’ කුසලාන තරගාවලියේ අනු ශූරයන් වීම මීට පෙර ඔවුන්ගේ ඉහළම දස්කම් වේ.
ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ ද`ඩුවම් පහරකින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින්, දඩුවම් පහර 2 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසුවිය. වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 10 තුළදී සත් සාමාජික රග්බි තරගයක් සිහියට නංවමින් ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 27-13 ක් ලෙස පෙරමුණට පැමිණීමට සමත් වූහ.
දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී ත‍්‍රිත්ව විදුහල සාර්ථක කරගත් දඩුවම් පහරත් සමගින් ලකුණු තත්ත්වය 27-16 ක් බවට පත්විය. ඉන් විනාඩි දෙකකට පසුව වෙස්ලි විදුහල නැවතත් ත‍්‍රිත්ව විදුහල් ඉදිරි පෙළ බිඳගෙන සම්පූර්ණ කළ ගෝලයත් සමගින් ලකුණු පුවරුව 34-16 ක් බවට පත්විය.
ත‍්‍රිත්ව විදුහල 38 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු තත්ත්වය 34-21 ක් බවට පත් කළ ද ජයග‍්‍රහණයට එය ප‍්‍රමාණවත් නොවීය.
විනිසුරු නිෂාම් ජමාල්ඞීන් මහතාගේ නළා හඩින් තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේදීම වෙස්ලි විදුහලේ ජී. පී. සිගරේට් උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.
පළමු අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී ගෝලයක් සම්පූර්ණ කළ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 10-5 ක් ලෙසර පෙරමුණට පැමිණීමට සමත් වූහ.
වෙස්ලි විදුහල වෙනුවෙන් ආර්. ජේ. තිලකරත්න උත්සාහක දිනුම් දෙකක් ද, ජී. පී. සිගරේට්, ටී. එච්. මධුවන්ත සහ ඞී. ජුරම්පති උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක රාහුල් ද සිල්වා ගෝල ප‍්‍රවර්ථන තුනක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගත්තේය.
වෙස්ලි විදුහල වෙනුවෙන් එස්. ඇතුල්ගම සහ ශෂාන් රෂ්මින් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. තරින්ද රත්වත්ත විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් ඩ්‍රොප් ගෝලයක්, දඩුවම් පහර දෙකක් සහ ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථක කිරීමට සමත් විය.
(ඡයාරූප: ශාන්ත රත්නායක)
නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නංගර මහතා අතින් වෙස්ලි විදුහල් පිලේ නායක රාහුල් ද සිල්වා ‘ජනාධිපති’ කුසලාන ලබාගත් අවස්ථාව.
පාසල් රග්බි සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර (වමේ) සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති (ආයතනික කටයුතු සහ සංනිවේදන) බන්දුල එගොඩගේ (දකුණේ) යන මහත්වරු ද ඡයාරූපයේ වෙති.
ජයග‍්‍රාහි වෙස්ලි විදුහල් පිල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස්ලි නායක රාහුලගේ පියා නවින් ද සිල්වා 1980 ශ්‍රී ලංකා වයස 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ නායකයා.එම කණ්ඩායමට අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා ක්‍රීඩා කළා.රහූල් තම පියාගේ අඩී පාරේ ගමන් කරනවා. සුභ පැතුම් !! (නි)
සුබ පැතුම් වෙස්ලි , කුසලානය හැමදාටම කොළඹටම තමයි.(නදී)
ඉතා සතුටුයි අප විදුහලේ දියුණුව පිලිබදව. ක්‍රීඩකයන්ගේ දක්ෂතාව සහ පුහුණුකරුගේ කැපවීම අගයකරමි. මගේ සුභපැතුම්.(නදී)
ලූලා නැති වලට කනයා පන්ඩිතයාය කියන උපමාව කොහොමට ගැලපෙනවද?(නදී)
වෙස්ලි විද්‍යාලයේ සහ ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුවන්ගේ හැසිරීම ඉතාම උසස්. ක්‍රීඩාවක තිබිය යුතු උතුම්ම ගුණාංගය ඔවුන් මනාව පෙන්නුම් කළා. වෙස්ලි විද්‍යාලයට සුභ පැතුම්.(නදී)
චානක ලබන අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දෙත් ඉසිපතනය ගිය අවුරුද්දේ වගේම සෙල්ලම් කළා නම්.(නදී)
ජයවේවා අපේ සුර කොල්ලනේ.(නදී)
ඔව් රන්මලී ඔබ හරි. ඉසිපතනය වැටුනත් ක්ෂණික නැගීටීම විලාශයක් අප සතුව පවතිනවා. ඉසිපතනයේ රගර් ලේ සමග බැදී තිබෙන්නේ.(නදී)
අපි මැච් එක පටන් ගන්නකොටම දන්නවා වෙස්ලි මැච් එක ගහනවා කියලා.වෙස්ලි කොල්ලෝ සෙල්ලම් කරපු විදිය නියමයි . (නි)
විනිසුරවන් ගැන මට හරිම ??(අ)
වෙස්ලි ටීම් එක දැන් 96 අපේ ක්‍රිකට් ටීම් එක වගේ (නි)
ලබන අවුරුද්දේ ඔය කුසලානය ඉසිපතනය අතේ ..... (නි)
අනිත් පාසල් වලට හොද ආදර්ශයක්. බලන්ඩ,පාසල් දෙකේ ප්‍රේක්ෂකාගාර දෙකම පිරි ඉතිරි ගියත් වචනයකින්වත් දෙපැත්තේ කොල්ලෝ අතර ප්‍රස්නයක් වුනේ නැහැ. මෙතන වෙස්ලී කොල්ලන්ගේ විනය කැපිලා පෙනුනා.(නදී)
වෙස්ලි විදුහල් මෑණියන්ට අපේ ආචාරය - විද්‍යා විදුහල වෙතින්.(නදී)
ඔවුන් සතුව හොද පුහුණුකරුවෙක් ඉන්නවා. දැන් වෙස්ලි විදුහල පිකප් වෙලා තියෙන්නේ ඉන්දියන් ටීම් එක වගේ. කවුරු ආවත් ගහනවා (නි)
වෙස්ලි විදුහලේ කෙනෙකු වීම ගැන සතුටුයි (නි)
පාසල් මෙලෙස රගර් වලින් ඉදිරියට පැමිණීම ලංකාවේ රගර් ක්‍රීඩාවට හොද උන්නතියක්. හැබැයි සෑම වසරකදීම හොද තත්ත්වයෙන් සිටිය යුතුයි. මොනවා වුනත් මෙවර වෙස්ලි ක්‍රීඩා කළ අයුරු අති විශිෂ්ටයි. සැමදා මෙලෙසම ඉදිරියට පැමිණීමට ලැබේවායි පතමි. (නි)